‼️සත්වන දිගහැරුම‼️

ගජේන්ද්‍රසිංහගේ විසල් මැදුර විදුලි බුබුළු වලින් ආලෝකමත් වී තිබුණා. රාත්‍රියේ දිදුලන මෙම මැදුරේ තේජස වචනයෙන් කිව නොහැකි තරම් වූවා. මැදුරේ එක් පසෙක තිබූ තටාකය අසල ඇවිදිමින් සිටි අදිස් ගැඹුරු කල්පනාවක ගිලී සිටියා.




අප්පච්චියි, SI ඒකනායකයි, මයිනයි විතරක් දන්නරහස මොකක්ද? ඇයි අප්පච්චි ඒක මගෙන් හංගන්න උත්සහ කරන්නේ? අනික මයිනාගේ මරණේ ගැන අප්පච්චි ඇයි මෙච්චර හොයන්නේ? ඇයි එයා මෙච්චර කලබල වෙලා? එයා සාමාන්‍යයෙන් එයාට වැදගත් නොවන කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙවේ. මයිනාගේ මරණේ ගැන මමත් හොයන්න ඕනේ. එතකොට මට මොනාහරි හොයාගන්න පුළුවන් වෙයි.”

එසේ සිතමින් අදිස් තම දුරකතනය ගෙන අයෙකු ඇමතුවා.

“හෙලෝ! මට තමුන්ට තව වැඩක් භාර දෙන්න තියෙනවා. තමුන්ගේ මනුස්සයෙක්ව දානවා SI ඒකනායකව follow කරන්න. එයා සැකකටයුතු දෙයක් කරනවා නම් මට Inform කරන්න. මේ ගැන එයාටවත් වෙන කාටවත් සැක හිතෙන්න බෑ. තේරුණානේ.”

“______________”

හරි එහෙනම් ඔහු දුරකතනය විසන්දි කළා.

වලව්වේ සඳලු තලාවට වී අදිස් දෙස බලා සිටින ගජේන්ද්‍රසිංහව අදිස් දුටුවේ නෑ.

අදිස්, තමුන් මේ පාර මොනවටද ලෑස්ති වෙන්නේ?” ගජේන්ද්‍රසිංහ තම තියුණු නෙත් වලින් අදිස් දෙස බලමින් සිතුවා.







+++++++++++++++++++++++++++++++++++++++++





ගුඩ් මෝනිං මැඩම්

පොලිසිය තුළ සිටින සියලුම නිලධාරීන් මදාරා පැමිණෙනු දැක ඇයට ආචාර කළා. ඇය තමන්ට වෙන්වූ කුටිය වෙත පිය නැගුවා.

මදාරා නීතියට වැඩ කරන, තරමක් තද ගති පැවතුම් ඇති, කිසිවෙකුට යටපත් කර ගත නොහැකි එඩිතර චරිතයක් වුණා. ඇය කාන්තාවක් වුවත් ඇගේ එක බැල්මකට පවා අනෙක් නිලධාරීන් නිහඬ කිරීමට ඇයට  හැකි වූවා. මදාරාගේ කුටියට එක් පොලිස් කාන්තාවක් ඇතුළු වුණා.

ගුඩ් මෝනිං මැඩම්

ම්ම් ගුඩ් මෝනිං

මැඩම් මරණ පරීක්ෂණ වාර්තාව අරගෙන ඇවිල්ලා

ඇතුලට එන්න කියන්න.”

පොලිස් කාන්තාව ඇයට ආචාර කර පිටව ගියා. මද වේලාවකින් මරණ පරීක්ෂකවරයා ඇතුල පැමිනියා.

“ඉඳගන්න මිස්ටර් සරත්. මට කියන්න රිපෝට් එකේ මොකක්ද තියෙන්නේ?”

“මැඩම් මරණ පරීක්ෂණයට අනුව මේ පුද්ගලයාගේ මරණය සිදු වෙලා තියෙන්නෙ අළුයම 2.45ත් 2.50ත් අතර කාලයේදී.”

මොනවා!?”මදාරා එකවරම පැවසුවා.

ඇයි මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්ද

අහ් නෑ නෑ. ඔයා කියන්න.”

“භාහිර පරීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් තොල් ඇඟිලිතුඩු ආදී ස්ථාන වල නිල් පැහැයක් දක්නට ලැබුණා. ඒ වගේම ඇස් වල රුධිර වහනයක් නිරීක්ෂණය කළා. මේ දෙකටම හේතුව වෙන්නේ ඔක්සිජන් පරිවහනය අඩු වීමයි. ගෙල සිරවීම නිසා ඔක්සිජන් පරිවහනයට සිදු වුණු බාධාව නිසා මේ ලක්ෂණ ඇති වීමට පුළුවන් කියලා නිගමනය කරන්න පුළුවන්. ඊට අමතරව ශරීරය පුරා පරණ කැපුම් තුවාල වෙඩි වැදීමේ තුවාල කිහිපයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ගෙලෙහි කඹයට තද වීම නිසා ඇති වුණු ලකුණු දැක ගන්න පුළුවන් වුණා. 

අභ්‍යන්තර පරීක්ෂණයේදී අක්මාවේ සහ හෘදයේ යම් දුර්වලතාවයන් දැක ගන්න පුලුවන් වුණා. අධික කාලයක් මත්පැන් පානය කිරීම නිසා ඒ තත්වය  ඇති වෙන්න ඇතැයි සැක කරන්න පුළුවන්. මොළය පරීක්ෂා කිරීමේදී මොළයේ ස්නායු වලටත් හානි වීම් සිදු වෙලා තිබුණා. 

අස්ථි පරීක්ෂා කිරීමේදී හයොයිඩ් අස්ථිය(Hyoid bone)  බිඳීමකට ලක්වෙලා තිබුණා. සාමාන්‍යයෙන් ගෙල වැලලා ගැනීමකදී, යම් පුද්ගලයෙකු විසින් ගෙල සිර කිරීමේදී වගේ අවස්තාවලදී මේ අස්ථිය බිදීමට ලක් වෙන්න පුළුවන්. නමුත් අස්ථිය බිඳී ඇති ආකාරය අනුව ඒක සියදිවි නසාගැනීමක් ද නැත්නම් වෙන පුද්ගලයෙක් ගෙල සිර කරලා සිදු කරපු මිනීමැරුමක්ද කියලා නිගමනය කරන්න පුළුවන්. මේ පින්තූරේ බලන්නකෝ මැඩම්."

(මේ තියෙන්නේ හයොයිඩ් අස්ථියේ පිහිටීම)


මේ පින්තූරේ තියෙන විදියට නම් මේක ගෙල වැලලා ගැනීම නිසා සිදු වෙච්ච මරණයක්.”

ම්…ඒ කියන්නේ මේක සියදිවි නසා ගැනීමක්?”

“මරණය මැඩම් පැහැදිලිවම සිද්ධවෙලා තියෙන්නේ ගෙල වැලලා ගැනීම නිසා. නමුත් මෙතන පොඩි සැක සහිත දේවල් කිහිපයක් මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණු නිසා මම තවදුරටත් අභ්‍යන්තර අවයව පරීක්ෂා කළා.”

ඉතිං ඒකෙන් මොනවා හරි සැක සහිත දෙයක් හම්බවුණාද?”

“ඔව් මැඩම්. මම මැඩම්ට කිව්වා නේද අක්මාව දුර්වල වෙලා තිබුණා කියලා. ඒ වගේම මොළයේ ස්නායු වලටත් හානි වෙලා තිබුණා කියලා කිව්වනේ. ඇත්තටම මැඩම් මත්පැන් නිසා මේ අවයව අකර්මන්‍ය වෙන්නෙ පුළුවන්. නමුත් මේක මත්පැන් විතරක් නිසා සිද්ධ වුණු දෙයක් නෙවේ කියලා මට තේරුණා. අක්මාව අකර්මන්‍ය වෙන්න හේතු ගනනාවක් බලපාන්න පුළුවන් මැඩම්. ඉතිම් පරීක්ෂණ වලදී මට අනාවරණය වුණා මේ පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධයක් පානය කරලා තියෙනවා. ඒ ඖෂධය නිසා තමයි අක්මාව අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේම මොළයේ ස්නායු වලට හානි කරලා තියෙන්නෙත්ඖෂධය.”

මොනවා? එතකොටබේත මොකක්ද?”

මම සැක කරපු විදියට නම්ඖෂධය මෙෆ්ලොක්වින්.”

මෙෆ්ලොක්වින්? ඒ බේත මොනවටද පාවිච්චි කරන්නේ?”

ඇත්තටම මැඩම් මේ බේත දෙන්නේ මැලේරියාවට.”

මැලේරියාවට? එතකොට මයිනාට මැලේරියාව තිබිලා තියෙනවාද?”

“නෑ මැඩම්, මයිනාගේ රෝග ඉතිහාසයේ එයාට මැලේරියාව වැලඳීම පිළිබඳ කිසිම සාක්ෂියක් නෑ.”

“ඒ කියන්නේ…? මට කියන්න මේ බේතේ බලපෑම. මේ බේත දීර්ඝකාලීන ගත්තහම මොකද වෙන්නේ?”

“මැඩම් මේ ඖෂධය ගොඩාක් බලපෑම් ඇති කරන්න පුළුවන් බේතක්. මෙෆ්ලොක්වීන් ඖෂධයේ පරිවෘතිය සිදු වෙන්නේ අක්මාව හරහා. අක්මාව අකර්මන්‍ය පුද්ගලයින්ගේ මේ ඖෂධය තැම්පත් වෙලා කාලයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ඖෂධය ගන්නකොට මත්පැන් පානයෙන් ඉවත් වෙන්න ඕනේ. මොකද මත්පැන් පානය නිසා අක්මාවට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. නමුත් මයිනා මත්පැන් පානය කිරීම නිසා මයිනාගේ අක්මාව යම්තාක් දුරකට දුර්වල වෙලයි තිබුණෙ. ඉතිං මයිනාට මේ ඖෂධය ඉතා ඉක්මනින් බලපාලා තියෙනවා. මේ ඖෂධය මැඩම් සාමාන්‍යයෙන් මෙච්චර කාලයකට කොහොමටවත් කිසිම වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ නෑ. මේ ඖෂධය ගර්භනී අයට, මානසික දුබලතා, අපස්මාරය වගේ තියෙන පුද්ගලයින්ට දෙන්නෙත් නෑ. නීරෝගී පුද්ගලයෙකුට ලබා දුන්නත් නිතරම අක්මාව පරීක්ෂා කරන්න කියනවා. ඒ වගේම වමනය, කරකැවිල්ල, හිසරදය වගේ ලක්ෂණ මතු වුනොත් වහාම ඖෂධය දීම නතර කරනවා. එතකොට මැඩම් ගොඩාක් කාලයක් මේ බේත දුන්නම….”

ගොඩක් කාලයක් දුන්නම?”

“එකදිගට දීර්ඝ කාලයක් මෙෆ්ලොක්වීන් ලබා ගත්තොත් මානසික අවපීඩනය, කාංසාව, බියකරු සිහින දැකීම, දෘශ්‍ය මායාවන්, ශ්‍රව්‍ය මායාවන්, විශාදය වගේ අසාමාන්‍ය හැසිරීම් දැක ගන්න පුළුවන්. මේ දේවල් ඇති වෙන්න හේතුව මේ ඖෂධය නිසා ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීමයි. මෙහෙම කාලයක් යනකොට සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්.”

“ඒ කියන්නේ මේක සියදිවි නසා ගැනීමක්ද?”

“ම්ම්ම් එහෙමම කියන්න බෑ. මිනීමැරුමක්මයි කියලා හරියටම කියන්නත් බෑ.මේක…… සියදිවි නසා ගන්න සැලැස්වීමක් වගේ.”

“ඒ කියන්නේ? මට පැහැදිලි නෑ.”

“හරි මං මැඩම්ට පැහැදිලි කරලා දෙන්නම්. මැඩම්ට මතකද රස පරීක්ෂණයට එවපු මත්පැන් එක.”

ඔව් මට මතකයි

“ඒකේ රිපෝට් එක අනුව මැඩම් ඒ මත්පැන් එකේ මෙෆ්ලොක්වීන් අන්තර්ගතවෙලා තිබුණා. ඒකෙන් මගේ සැකය තහවුරු වුණා.”

“what? ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් මයිනාට හොරෙන්ම මයිනටම මේ බේත බොන්න දීලා. මිනිස්සු දහස් ගානක් මරපු මයිනට අවසානේ මයිනාගේ අතින්ම මැරෙන්න සැලැස්වුවා. වාහ්…කවුද ඒ මොළකාරයා? කවුරු වුණත් මම තමුන්ව අල්ල ගන්නවා.”

“අන්න හරි මැඩම්. කවුරුහරි මේ සිද්ධිය පිටිපස්සේ අනිවාරෙන්ම ඉන්නවා. ඒක තහවුරු වෙන තව සාක්ෂියක් තියෙනවා.”

“ඒ මොකක්ද?”

“මැඩම් අර ලේ පැල්ලම. ඒකෙ DNA මයිනගේ DNA එක්ක ගැලපෙන්නේ නෑ.”

“හරි එහෙනම් මගේ සැකය තහවුරු වෙනවා. එදා මයිනගේ ගේ ඇතුලේ හිටියේ මයිනා විතරක් නෙවෙයි. තව කෙනෙක් ඉඳලා තියෙනවා.”

ඔව් මැඩම්.”

“හරි එහෙනම් මිස්ටර් සරත්. Thank you so much. You may leave now.”

“okay madam”

සරත් පිටව ගිය පසු මදාරාට දුරකතන ඇමතුමක් ලැබුනා.

මැඩම් මම සාජන්ට් උපුල්

ඔව් උපුල්, කියන්න. මොකද ගියපු වැඩේ තත්වය?”

“මැඩම් මේ ෆ්ලැට් එකේ පටන් ගන්න හරියේ cctv තියෙනවා. ආයේ parking එකේ තියෙනවා මැඩම්. එකින් එක ෆ්ලෝ වල නම් cctv නෑ මැඩම්.”

හරි මටcctv වල footages ගෙනත් දෙන්න.”

“ok Madam”

දුරකතන ඇමතුම විසන්ධි කළ මදාරා දැඩි කල්පනාවක ගිලුණා.

“මරණ පරීක්ෂකවරයා කියන විදියට මයිනා මිය ගිහිල්ලා තියෙන්නේ 2.45ත් 2.50ත් අතර කාලෙදි. ෆ්ලැට් එකේ මිස්ටර් ජයකොඩි කිව්ව විදියට වෙඩි ශබ්දය ඇහිලා තියෙන්නේ පාන්දර 2.50ත් 3.00ත් අතර කාලෙදි. ඒ කියන්නේ මයිනා මැරුණට පස්සේ ඒ කාමරේ හිටපු අනික් මනුස්සයද වෙඩි තිබ්බේ? ඒත් ඇයි එයා එහෙම කළේ? අනික ඇයි එයා එයාටම වෙඩි තියාගෙන හිතා මතාම සාක්ෂියක් පොලිසියට දුන්නේ? එතකොට එයාට ඕනේ වුණෙ පොලිසිය එතනට ගෙන්න ගන්න එකද? ඒත් ඒක දැන දැන අමාරුවේ වැටෙන වැඩක් නෙහ්?
මෙතන අපිට මිස් වුණ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා. මිස්ටර් එක්ස්, තමුන් කවුද? තමුන් මේ play කරන game එක මොකක්ද?”

මදාරා තනිවම සිතන්නට වුණා.





+++++++++++++++++++++++++++++++++++++++++


මැඩම්

එන්න සාජන්ට් උපුල්

මැඩම් මේ cctv footages.”

මදාරා cctv දර්ශන බලන්නට වුණා. මහල් නිවාසයක නිසා මෙම cctv කැමරා හඬද පටිගත වන කැමරා වූවා.ඇය ඉතා අවධානයෙන් එය නිරීක්ෂණය කළා. එක දිගට එය දෙස බලා හුන් ඇයට යම් සැක සහිත දෙයක් නෙත ගැටුනා.

අළුයම 2.00

අලුත් පෙනුමැති Aqua මාදිලියේ මෝටර් රථයක් එම මහල් නිවාස භූමියට ඇතුළු විය. එම මෝටර් රථය, රථ ගාලේ නැවැත්වූ අතර ඉන් පිරිමි පුද්ගලයෙකු ඉවතට පැමිණ මහල් නිවස තුලට ඇතුළු විය. ඔහු තරමක් උස පුද්ගලයෙකු වන අතර ඔහුගේ ගමන ඉතා ඍජු ගාම්භීර ස්වරූපයක් ගත්තා.බැලූ බැල්මට ඔහු 28ක් 30ක් පමණ වියැති අයෙකු බව අනුමාන කළ හැකිය.නමුත් ඔහුගේ මුහුණ එතරම් පැහැදිලි නොවීය. ඔහු කැමරා වලට ඔහුගේ මුහුණ හසු නොවන අයුරින් සිටියා.

අළුයම 2.30

මහල් නිවාස භූමියට ඩිෆෙන්ඩර් රථයක් පැමිණි අතර එහි මගී අසුනෙන් මරණකරු වූ මයිනා පිටතට පැමිනියේය. ඉන්පසු ඩිෆෙන්ඩර් රථය පිටවී ගිය අතර මයිනා මහල් නිවස දෙසට පිය නැගීය. ඔහු මත් වී සිටි බව ඔහුගේ ගමන් විලාසයෙන් හොඳින්ම පැහැදිලි වේ. ඔහුගේ අතෙහි මත් පැන් බෝතයක් තිබුණි.

අළුයම 2.57

එකවරම මහල් නිවාසයෙන් වෙඩි හඬක් ඇසුනි. ඉන් මද වේලාවකට පසු තවත් වෙඩි හඬවල් දෙකක් ඇසුනි.

අළුයම 3.18

පෙර දී aqua මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාම නැවත යම්කිසි විශාල පෙට්ටියක් අතැතිව මහල් නිවසින් පිටතට පැමිණ සිය මෝටර් රථයට නැගී පිටව ගියා.

“හරි මේ ඕඩර් මනුස්සයා තමයි එහෙනම් මිස්ටර් එක්ස්. මේ මනුස්සයා මයිනව මරන්න මේ තරම් ප්ලෑන් කරලා මේ තරම් ලේසියෙන් පොලිසියට අහු වෙයිද? මේ මනුස්සයා සෑහෙන මොළකාරයෙක් කියලා මට හිතෙනවා. ඒත් එහෙම වෙලත් ඇයි මේ මිනිහා අපිට මේ විදියට සාක්ෂි දෙන්නේ. මිස්ටර් එක්ස් තමුන් මාව අවුල් කරවනවා. තමුන්ට ඕනේ මොනවද?” මදාරා තනිව සිතන්නට වුණා.

සාජන්ට් උපුල්

“Yes Madam”

“මේ කාර් එකේ number plate එකෙන් කාර් එකේ අයිතිකාරයා කවුද කියලා හොයාගෙන මට ඉක්මනින්ම inform කරන්න

හරි මැඩම්

සාජන්ට් එතැනින් පිටව ගියා.

“මං හිතනවට වඩා මේ කේස් එක වෙනස්. එක්කෝ මේ මිනිහා අපිව හිතාමතාම නොමග යවනවා. නැත්නම්………”



+++++++++++++++++++++++++++++++++++++++++

මද වේලාවකින් සාජන්ට් උපුල්  මදාරා සිටි කාමරය වෙත පැමිනියා.

"මැඩම් වාහනේ අයිතිකාරයව හොයා ගත්තා"

"කවුද ඒ?"

"මැඩම් වාහනේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ..............."


















හොහ් හොහ් හෝ.........

වාහනේ කාගේ නමටද රෙජිස්ටර් වෙලා ඇත්තේ? එතකොට අර මයිනාගේ කාමරේ හිටපු අමුත්තා කවුද?guss කරන්න බලන්න. හරියට කිව්වොත් දෙනවා ❤️ එකක්.🌝❤️

ඊලඟ එපියෙන් එහෙනම් ඒක බලමු. 😁😁

අද එපිය නම් විද්‍යාව පාඩමක් වගේ නිකං. 😂😂

ඔන්න ඉතිම් කතාවේ උච්චතම අවස්තාවන් වලට ටිකෙන් ටික ටිකෙන් ටික එනවා. ඊලඟ එපියෙන් සමහර විට ඔයාලාට ලොකූ රහසක් දැන ගන්න පුළුවන් වේවි.🌝👉👈

මේ එපිය දාන්න ප්‍රමාද වුණාට කමා කරන්න. වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඊලඟ එක නම් අනිවා ඉක්මනින්ම දෙනවා. 👉👈

එහෙනම් වෝට් කරන්න. කොමෙන්ට් කොරන්න. අඩුපාඩු කියන්න. ආදරෙයි ඔයාලා හැමෝටම. ❤️❤️

Comment