‼️එකොළොස් වන දිගහැරුම‼️

මදාරාගේ කුටියේ සිට ලිපි ගොනු කීපයක් අතැතිව පිටවන උපුල්ව දුටු ඒකනායක ඔහුට කතා කළා.

“සර්”

“මොනාද ඔය උස්සං යන්නේ?”

“පරණ කේස් වගයක් සර්”

“පරණ කේස්?”

“ඔව් සර්. මැඩම් මේ අවුරුද්දක් විතර පරණ කේස් වගයක් හොයනවා”

“අවුරුද්දක් පරණ කේස්? ම්ම් අලුත් මැඩම් පරණ කුණු අවුස්සන්න ආසයි වගේ”

උපුල් කිසිත් නොපවසා ඒකනායක දෙස බලා උන්නා. 

“හරි හරි තමුසේ දැන් යනවා”

“හොඳයි සර්” උපුල් පිටව ගියා.

“මේ ගෑනි ලෑස්ති වෙන්නේ හොඳකට නම් නෙවේ.  මොනවද මේ ගෑනි හොයනවා ඇත්තේ??”

ඒකනායක මදාරාගේ කුටිය වෙත පිය නැගුවා. ඔහු කුටියට පිවිසෙන විටත් මදාරා පැරණි ලිපිගොනුවක් පිරික්සමින් සිටියා.

“ගුඩ් මෝනිං මැඩම්”

ලිපිගොනුව මත රැඳී තිබූ මදාරාගේ අවධානය ඒකනායක වෙත යොමු වුණා.

“අහ් ඒකනායක, මෝනිං මෝනිං.”

“මැඩම්ගේ මෝනිං එක ගුඩ් නෑ වගේ”

“අපෝ නෑ. මගේ මෝනිං එක නම් ගුඩ්. හැබැයි ඒකනායකට නම් මේ මෝනිං එක ගුඩ් නොවේවි.”

“මොකක්ද මැඩම් ඒ කතාව?”

“අහ් නෑ. මම මේ ඔයාලා බාගෙට ඉවර කරපු වැඩ හරියට ඉවර කරන්න තීරණය කළා.”

“අපි බාගෙට ඉවර කරපු වැඩ?”

“ම්ම්… තේව් යුගාන් ගජේන්ද්‍රසිංහගේ කේස් එක මතකද?”

“තේව් යුගාන්ගේ කේස් එක! ඒ කේස් එක මං විසඳලා ඉවරයි. ඉතිං ඇයි ආයෙත්?”

“විසඳුවේ ඔයාද නැත්නම් මිස්ටර් ගජේන්ද්‍රසිංහද?”

“මොකක්ද මැඩම් ඒ කතාව?” 

“මාත් මේ ඒ කතාවේ අගමුල තමයි මේ හොයන්නේ. මං තේව්ගේ කේස් එක reopen කරනවා.”

“එහෙම කොහොමද මැඩම් closed කරපු කේස් එකක් reopen කරන්නේ? හැම දෙයක්ම මම සාක්ෂි එක්ක ඔප්පු කරලා තමයි ඒ කේස් එක ඉවර කළේ”

“ඒක reopen කරන හැටි මම කරලම පෙන්නන්නම්. අහ්…. එක දෙයක් ඔයා හරියට කිව්වා. ඔයා සාක්ෂි එක්ක ඔක්කොම ඔප්පු කළා. හැබැයි ඔයාගේ සාක්ෂි වලින්. ඇත්ත සාක්ෂි වලින් නෙවේ.”

ඒකනායක කෝපයෙන් හිඳසිටි අසුනෙන් නැගී සිටියා.

“දැන් මැඩම් කියන්නේ මම සාක්ෂි හදලා මේ කේස් එක වහලා දැම්මා කියලාද?”

“දැන් මම නෙවෙනේ එහෙම කිව්වේ, ඔයාමනේ එහෙම කියන්නේ.” ඇය සමච්චල්සහගත සිනහවක් මුවගේ රඳවා ගනිමින් පැවසුවා. 

කෝපයට පත් ඒකනායක මදාරාගේ කුටියෙන් පිටව ගියා. 

“දැන්ම කලබල වෙන්න එපා ඒකනායක. තාම මං හරියට  පටන්ගත්තේවත් නෑ.” සිය කුටියෙන් පිටව යන ඒකනායක දෙස බලා මදාරා සිතන්නට වුණා.

ඒකනායක කෝපයෙන් තම කුටිය වෙත පැමිණියා. කෝපය ඉහවහා ගිය ඒකනායක මේසය මත තබා තිබූ ලිපි ලේඛන සියල්ල බිම දැමුවා.

“මදාරා…. තමුසේ නටනවා හොඳටම වැඩියි. පුළුවන් තරම් නටපංකෝ. මම දන්නවා ඕනවට වඩා උඩ යන කුරුල්ලොන්ගේ තටු කපන හැටි. අපි බලාගමු.” 







+++++++++++++++++++++++++++++++++++++++++







මදාරා තේව්ගේ වැලලී ගිය නඩුව සම්බන්ධව දැඩි වෙහෙසක් දරමින් තොරතුරු රැස් කරන්න වුණා. මේ අතර ඒකනායක මීට යම් පියවරක් ගතයුතු බව තීරණය කළා.

ගජේන්ද්‍ර වලව්වට ඒකනායක පැමිණියේ දැඩි කලබලයෙන්.

“ඒකනායක මහත්තයා, ඇවිත් වාඩි වෙන්න.”

“අප්පු ලොකු මහත්තයා නැද්ද?”

“ඉන්නවා මහත්තයා. ඉන්න මං කතා කරන්නම්”

මද වේලාවකින් ගජේන්ද්‍රසිංහ ආලින්දය වෙත පැමිණියා. ඒකනායක කලබලයෙන් මෙන්, ඒ මේ අත ඇවිදිමින් සිටින අයුරු ගජේන්ද්‍රසිංහ දුටුවා. 

“ඒකනායක මොකද හදිස්සියේම?”

“හදිස්සියේම නෙවේ. අපි ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ”

“මොනවද ඒකනායක මේ කියන්නේ? ඇයි මේ කලබලෙන්?”

“කලබල නොවී කොහොමද මිස්ටර් ගජේන්ද්‍රසිංහ”

“හරි ඉස්සෙල්ලාම වාඩි වෙලා මට වෙලා තියෙන දේ කියන්න.”

“වෙලා තියෙන්නේ වෙන්න තියෙන නරකම දේ. අන්න අර ගෑනී කේස් එක reopen කරලා.”

“මොන ගෑනි මොන කේස් එකද? පැහැදිලිව කියනවා ඒකනායක”

ඒකනායක කවිච්චියෙන් හිඳගෙන දිගු සුසුමක් පිට කළා.

“අර මදාරා කියන ගෑනි තේව්ගේ කේස් එක reopen කරලා”

“මොකක්?? එයා කොහොමද එහෙම කරන්නේ?”

“මයිනාගේ කේස් එකෙයි තේව්ගේ කේස් එකෙයි ගොඩක් සමානකම් තියෙනවා. අනික එයා තේව්ගේ කේස් එකේ නොගැලපෙන තැන් කිහිපයක් හොයාගෙන තියෙනවා. අනික් ලොකුම කාරණේ ssp මේ ගෑනිට සපෝට්. ඒ දේවල් උදව් කරගෙන ඒකි මේ කේස් එක reopen කරලා”

“ඔහ් ෂිට්!! මේ ගෑනි මහ පිළිලයක් වුණා. ඔය ගෑනි කිසිම දෙයක් දැන ගන්න බෑ. ඔයාට ඒක තේරුණානේ?”

“ඔව් මට තේරුණා.” 

“එයා ඕනවට වඩා අපේ මාර්ගයට බාධාවක් වුනොත් කරන්න ඕන දේ දන්නවනේ?”

“ඔව් මම දන්නවා”

“හ්ම්ම්. ඒ ගෑනි ගැන ඇහැ ගහගෙන ඉන්නවා.”







+++++++++++++++++++++++++++++++++++++++++





“මරණ පරීක්ෂක අබේසේකර දැන් කොහෙද ඉන්නේ?”

“මැඩම් මරණ පරීක්ෂක අබේසේකර දැන් ඉන්නේ UK වල. එයාගේ family එක පිටින්ම එහෙ ඉන්නේ මැඩම්”

“UK වල? එයා කොයි කාලේ වගේද රටින් ගිහින් තියෙන්නනේ?”

“මම හිතන්නේ මැඩම් 2023 ජූලි වගේ ගිහින් තියෙන්නේ”

“ඔහ් ඒකත් එහෙමද? එහෙනම් අපිට එයාව මෙහෙට ගෙන්න ගන්න වෙයි. එයා නැතුව හරි යන්නේ නෑනේ.මට මරණ පරීක්ෂක අබේසේකර එක්ක කතා කරන්න ඕනේ. පැහැදිලියිනේ”

“හරි මැඩම්. මම ඒ වැඩේ කරන්නම්.”

“හරි ඔයා දැන් යන්න”

ඔහු මදාරාට ආචාර කර එතැනින් පිටව ගියා. ඔහු පිටව ගිය පසු අයෙකු මදාරාගේ කුටියට පැමිණියා. ඒ අදිස් ය.

“ඔහ් මිස්ටර් අදිස්, Take a seat.”

“Thank you. මට ඇයි එන්න කිව්වේ කියලා දැන ගන්න පුළුවන් වෙයිද?”

“ ඇත්තටම මම අදිස්ට එන්න කිව්වේ විශේෂ කාරණාවක් නිසා. මම තේව් යුගාන්ගේ කේස් එක reopen කළා”

“මොනවා? ඒත් ඇයි?”

“ඒකට හේතු කීපයක්ම තියෙනවා. Anyways, මම අදිස්ට අද කතා කළේ යම් දෙයක් දැන ගන්න”

“මොකක්ද?”

“නෙත්රු අභින්ස….”

ඒ නම සවන වැකුණු වහාම අදිස් මදාරා දෙස විමතියෙන් බලා සිටියා.

“ඔයා එයාව දන්නවනේ? මට එයා ගැන දැනගන්න ඕනේ.”

“නෙත්රු… එයා අපේ ‘ගජේන්ද්‍රසිංහ කන්ස්ටක්ටර්ස්’ company එකේ ප්‍රධාන ඉංජිනේරුවරයා. එයා හරිම දක්ෂ වගේම හරි ඍජු පුද්ගලයෙක්.ඒ වගේම මට හිටපු හොඳම යාළුවෙක්” අදිස් කෙටි සුසුමක් පිටකළා.

“හිපටු හොඳම යාළුවෙක්? ඇයි දැන් ඒ යාළුකම නැද්ද?”

“තේව් නැති වුණාට පස්සේ අපි ටිකක් දුරස් වුණා”

“ඒ ඇයි?”

“තේව් නැති වුණාට පස්සේ එයාට හැමදේම එපා වෙලා එයා කැනඩා ගියා”

“තේව්ගෙයි නෙත්රුගෙයි තිබුණු සම්බන්ධතාව මොන වගේද?”

“මොන වගේද අහන්නේ? ඒ දෙන්නා ගොඩක් හොඳ යාළුවෝ”

“මම මිස්ටර් අදිස්ට තරහා යන්න තරම් දෙයක් ඇහුවද?”

“අහ් හහ්…. න්…නෑ එහෙම නෑ”

මදාරා අදිස් දෙස සිය විමර්ෂණාක්ෂිය හෙළුවා. 

“මිස්ටර් අදිස් මට මොනවා හරි හංගනවද?”

අදිස් මදක් කලබල වූවා. ඔහුගේ දෑස් තුළ වූ කළබලකාරීබව මදාරා හොඳින්ම නිරීක්ෂණය කළා.

“ම..ම? මම මුකුත් හං..ගන්නේ නෑ…”

“ම්ම්…. එතකොට මිස්ටර් අදිස් තේව් මිය යන්න ආසන්න කාලයේ විශාද තත්වයකින් පෙළුනාද?”

“වි..ශාදය…. අහ් මෙහ්.. ඔ..ඔව්.. ඒක මෙහ් නැ..හ්….”

“ඔව්ද නැද්ද?”

“මෙහෙමයි එයාට පොඩි මානසික ප්‍රශ්නයක් තිබ්බා.”

“හේතුව?”

“හේ…තුව…” අදිස්ගේ වචන සිර වූවා. ඔහුගේ නළලෙහි දාඩිය බිඳු කීපයක් තිබෙන අයුරු මදාරා දුටුවා.

“මිස්ටර් අදිස් වතුර ටිකක් බීලා ඉන්නකෝ” ඇය වතුර වීදුරුවක් ඔහු වෙත දිගු කරමින් පැවසුවා. 

අදිස් කළබලයෙන් වතුර වීදුරුව එකවර පානය කළා. 

“Thank you”

“ඉතිං මිස්ටර් අදිස් ඇයි තේව් මානසික රෝගියෙක් වුණේ. එයා ගොඩක් හොඳ මානසික තත්වයකින් හිටපු කෙනෙක්”

“මම හිතන්නේ එයාට ආදර සම්බන්ධයක් තිබුණා. ඒක අහිමි වුණු දුක, තනිකම නිසා එයා මානසිකව කඩන් වැටුනා.”

“ඔයා  කියන්නෙ ඒ ආදර සම්බන්ධය ගැන ඔයා දැනගෙන හිටියේ නෑ කියලද? මට පෙනුනු විදියට නම් ඔයයි මල්ලියි ගොඩක් සමීපයි. එහෙම වෙලත් මල්ලිට ආදර සම්බන්ධයක් තිබ්බා කියලා ඔයා දන්නේ නැද්ද?”

“නෑ. මම ඒ දවස් වල බිස්නස් එකේ වැඩ වගේකට සෑහෙන්න බිසී වෙලා හිටියේ.”

“මල්ලිව මගහැරෙන තරමට ඔයා බිසී වෙලා හිටියේ එතකොට”

අදිස් කිසිත් නොපවසා මදාරා දෙස බලා උන්නා. 

“ok මිස්ටර් අදිස් ඔයාට දැන් යන්න පුළුවන්. මට ආයේ මේ කේස් එක සම්බන්ධව මොනවාහරි දැන ගන්න ඕනේ වුනොත් මම ඔයාට කතා කරන්නම්”

“ok ඉන්ස්පෙක්ටර්, ඕනම වෙලාවක කතා කරන්න.”

අදිස් අසුනෙන් නැගී සිට පිටව යාමට සූදානම් වූවා.

“ම්ම් මිස්ටර් අදිස්”

අදිස් මදාරා දෙසට නැවත හැරී බැලුවා.

“මේක ඔයාගේ මල්ලිගේ කේස් එක. මම හිතනවා ඔයා මල්ලි වෙනුවෙන් මේ කේස් එකට උදව් කරයි කියලා.”

අදිස් කිසිත් නොපවසා හිස සැලුවා.

“thank you මිස්ටර් අදිස්, වැඩ ගොඩක් තිබුණත් කතා කරපු ගමන් ආවට”

අදිස් මද සිනහවකින් මදාරාට සංග්‍රහ කර එතැනින් පිටව ආවා. අදිස් සිය මෝටර් රථයට නැග, ගැඹුරු හුස්මක් ගත්තා.මදාරා අවසානයට පැවසූ දෙය අදිස්ගේ මනසෙහි උඩුදුවන්න පටන් ගත්තා

මේක ඔයාගේ මල්ලිගේ කේස් එක. මම හිතනවා ඔයා මල්ලි වෙනුවෙන් මේ කේස් එකට උදව් කරයි කියලා.






+++++++++++++++++++++++++++++++++++++++++


“හෙලෝ! මිස්ටර් අබේසේකර?”

“yes, speaking”

“මම ඉන්ස්පෙක්ටර් මදාරා. මිස්ටර් අබේසේකර නම් මාව දන්නේ නැතුව ඇති. මම කතා කළේ විශේෂ කාරණේකට. මට කතා කරන්න පුළුවන් වෙයිද?”

“ඔව් පුළුවන් ඉන්ස්පෙක්ටර්, කියන්න”

“මම තේව් යුගාන් ගජේන්ද්‍රසිංහගේ කේස් එක reopen කළා. ඒ කේස් එකේ මරණ පරීක්ෂණය කරලා තියෙන්නේ මිස්ටර් අබේසේකර. ඉතිං මට ඒ සම්බන්ධව මිස්ටර් අබේසේකරව ප්‍රශ්න කරන්න වෙනවා.”

“තේ…තේව් මට එහෙම ලො…කු මතකයක් නෑ. මොකද මම කේස් ගොඩක් හැන්ඩ්ල් කරලා තියෙනවා”

“ඔහ් එහෙමද? ඔයා මේ රටින් පැනලා යන්න කලින් අවසානෙටම කරපු මරණ පරීක්ෂණය ඒක. ඔයාට ඒක එච්චරටම අමතකද?”

“අ..හ්.. හ..හරි මට යාන්තමට මතකයි.”

“මතකය ටිකක් හරි නෑ වගේ මිස්ටර් අබේසේකරගේ”

“මැඩම් දැන ගන්න ඕනේ දේ කෙලින්ම අහනවද?”

“ඔහෝ…. තේව් ගැන අහද්දි ඇයි හැමෝම ඔච්චර කලබල වෙන්නේ?”

“න්…නෑ… එහෙම මම කලබල වුණේ නෑ.”

“ඕකේ මිස්ටර් අබේසේකර, ඔයාට හරියටම කේස් එක මතක නෑ කිව්වනේ. අපි එහෙනම් ලංකාවෙදි හම්බෙලාම කතා කරමු. ඒක වඩාත් හොඳයි. මොකද ඔයාට අමතක වෙන දේවල් මට හොඳට මතක් කරලා දෙන්න පුළුවන්”

“what? මැඩම් කියන්නේ මේ පරණ කේස් එකක් නිසා ලංකාවට එන්න කියලද? මම මෙහෙ වැඩ ගොඩක් එක්ක ඉන්නේ. කොහොමද මම එහෙම්…”

“මට ඒකට කරන්න දෙයක් නෑ මිස්ටර් අබේසේකර ඔයාට එන්නම වෙනවා. නැත්නම් මම ගෙන්නගන්න විදිය දන්නවා. ඉතිම් මම ගෙන්න ගන්නවට වඩා ඔයාම එන එක ඔයාට හොඳයි මිස්ටර් අබේසේකර”

“ඒත් මැඩම් මම කියන දේ…. හෙලෝ? හෙලෝ??? අහ් what the heck !!! මම දැන් මොකද කරන්නේ?”

අබේසේකර දුරකතනයෙන් අයෙකුට ඇමතුමක් ලබා ගත්තා. 

“හෙලෝ! ලොකු ප්‍රශ්නයක්…..”

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

හෙලෝ හෙලෝ මේ මල් ශාලාවද

😂😂

හායිම් හායිම් ඉතිම්.....

සුට්ටක් පරක්කු වුණා. 🌝🌝

මේ ඒක නෙවේ ඒකනායකයි අබේසේකරයි කොර නේද මිතුරනි.😂😂

ඒ දෙදෙනා වෙනුවෙන් තත්පර අරික්කාලක නිස්සබ්දතාවයක්.


ඔන්න ඔන්න නෙත්රු බබා කමින් සූන්..... 👉👈


මගේ බබූලා ටික පරිස්සමින් ඉන්න ඕනේ මේ ටිකේ. මොකද ගොඩක් අයට වැස්ස ගංවතුර ආපදා ගොඩයි. පරිස්සමින් ඉන්න බබූලා.

Vote කරන්න comment කරන්න.

ආදරෙයි අහස තරම්.🌝❤️❤️

Comment