‼️දාහතර වන දිගහැරුම‼️

පසුදින උදෑසන ගජේන්ද්‍රසිංහ අවදි වූයේ ප්‍රබෝධමත් සිතකිනි. මන්දයත් ඔහුට මෙතරම්කලක් හිසරදයක්ව පැවති මදාරාගෙන් ගැලවීමට ලැබීම ඔහුට මහත් සතුටක් වූවා. 

“දැන් ඉතිම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දෙන දේ කාලා වෙන දේ බලාගෙන පැත්තකට වෙලා හිටියා නම් මදාරා තවටත් ජීවතුන් අතර. දැන් ඉතිං පරක්කු වැඩියි.”

ගජේන්ද්‍රසිංහගේ කාමරයේ දොරට යමෙකු තට්ටු කරනු ඔහුට ඇසුණා.

“ලොකු මහත්තයා! තේ එක ගෙනාවා.”

“අහ් එන්න අප්පු ඇතුලට”

අප්පු උදෑසන තේ කෝප්පය රැගෙන ගජේන්ද්‍රසිංහගේ කාමරයට ඇතුළු වූවා.

“අප්පු පත්තරේත් තියෙනවා නේද?”

“ඔව් ලොකු මහත්තයා තියෙනවා”

“හරි හරි තමුන් යනවා දැන්”

“හොඳමයි මහත්තයා”

ගජේන්ද්‍රසිංහ පුවත්පතත් රැගෙන සිය කාමරයේ තිබූ වේවැල් පුටුවෙහි අසුන් ගත්තේ මදාරාගේ පුවත බැලීමේ අටියෙන්. ඔහු මුල පිටුව පිරික්සුවද මදාරාගේ මරණය පිළිබඳ කිසිදු තොරතුරක් නොතිබුණි. දෙවන පිටුව, තෙවන පිටුව, සිව්වන පිටුව, ඔහු එකින් එක පිටු පෙරලා බැලුවත් මදාරා පිළිබඳ කිසිදු පුවතක් නොතිබුණි.

“මැරුණයින් පස්සේ පත්තරේකටවත් වැඩක් නෑ.” ඔහු එසේ පවසා පුවත්පත පසෙකින් තබා තේ කෝප්පය පානය කරන්නට පටන් ගත්තා. එකවරම ඔහුගේ දුරකතනය නාද වූ අතර ඔහුගේ අවදානය දුරකතනය වෙත යොමු වූවා.

“කවුද මේ උදේ පාන්දරම? ම්ම්ම් save නැති Number එකක්නේ” ඔහු කුහුලෙන් යුතුව දුරකතනය අතට ගත්තා.

“හෙලෝ!”

“හෙලෝ, ගුඩ් මෝනිං මිස්ටර් ගජේන්ද්‍රසිංහ!”

“ගුඩ් මෝනිං!”

“මොකද මිස්ටර් ගජේන්ද්‍රසිංහ ඔයා ආසාවෙන් හොයපු නිව්ස් එක පත්තරේ නැද්ද?”

“තමුන් කවුද? මේ උදේ පාන්දරම තමුසෙට පිස්සුද?”

“අයියෝ මිස්ටර් ගජේන්ද්‍රසිංහ ඔයාට මාව අඳුරගන්න බැරිද?”

“සෙල්ලම් කරන්නේ නැතුව කවුද කතා කරන්නේ කියනවා.”

“තාම සෙල්ලම හරියට පටන් ගත්තේවත් නෑනේ”

“තමුසේ මොන පිස්සියෙක්ද කියලා මම දන්නේ නෑ. මගේ යකා අවුස්සන්නේ නැතුව කවුද කියනවා. නැත්නම් phone එක තියනවා මගේ දවසම කන්නේ නැතුව”

“ඔහ් කූල් කූල් මිස්ටර් ගජේන්ද්‍රසිංහ. මම තමයි ඔයා මරලා දාන්න හදපු කූඹියා.”

“ම….දා….රා…..!! ත…තමුන්…කොහොමද…”

“ඔව් මිස්ටර් ගජේන්ද්‍රසිංහ, මදාරා තමයි. හැබැයි නිකම්ම නිකං මදාරා නෙවේ, ඉන්ස්පෙක්ටර් මදාරා. ඔයාගේ විනාසකයා. ඔයා මහා සද්ධන්ත ඇතෙක් කියලා හිතාගෙන මාව පුංචිම පුංචි කූඹියෙක් වගේ පාගලා දාන්න හැදුවේ. දැන් බලනවා මේ කූඹියා ඒ ඇතාගේ කනට රිංගලා හිමීට හිමීට ඇතාගේ මෝළේ විනාස කරලා ඇතාව බිම දාන හැටි. තමුන්ගේ මුළු ජීවිතේම නූල් ජාලාවක් වෙයි ඉස්සරහට. මගේ ඇතුලේ හැංගිලා හිටපු මදාරව එලියට අරං තමුන් කර ගත්තේ ලොකු වැරැද්දක්. ලෑස්තිවෙලා ඉන්නවා.”

ඒ වදන් සමඟ බියට පත් වූ ගජෙන්ද්‍රසිංහගේ දෑත් වෙවුලන්නට වුණා. ඔහුගේ දෑතින් දුරකතනය ගිලිහී බිමට පතිත වුණා.

“කො…කොහොමද එහෙම වුණේ?? මම දැ..න් මො..කද කරන්නේ? අර්හ්හ්හ්……” ඔහු කෝපයෙන් තේ කෝප්පයත් ඒ අසල තිබූ සියල්ලත් පොළොවෙ ගසා කුඩු පට්ටම් කලා. 

“ඉවරයි මම දැන් ඉවරයි. මගේ දේපළ, නම්බුව, මගෙ බිස්නස්…. නෑ මම ඕකිට දිනන්න දෙන්නෑ. ඒක කවදාවත් වෙන්නෑ.”

+++++++++++++++++++++++++++++++++++++++++

පෙර දින රාත්‍රිය 

ඒෂාන් සිය කාමරය වෙත නික්මුණේ දවස පුරා වෙහෙස වී සිටි නිසා සුළු විවේකයක් ගන්නා අදහසිනි. ඔහු ගොස් හිඳගෙන හිස මේසයට බරකරගෙන කෙටි නින්දකට වැටුණේ අධික වෙහෙස නිසාමයි.

මේ අතර අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අදහසින් පාලිත මදාරාගේ කුටිය වෙත පිවිසුණා.

මදාරා සිටියේ යන්ත්‍ර, වයර් කිහිපයකටම මැදි වීය. ඈ වෙත සෙමෙන් ගිය පාලිත ඇගේ ඔක්සිජන් සැපයුම වෙත නෙත් යොමු කළා. 

“මට වෙන කරන්න දෙයක් නෑ.” ඔහු මදාරා දෙස බලා පැවසුවා.

ඔහු ඇයට ලබා දුන් ඔක්සිජන් සැපයුම වසා දැමුවා. ඔක්සිජන් ලැබීම නතර වූ විට ඈ අපහසුවෙන් ඇඳ මත හුස්ම ගැනීමට පටන් ගත්තා. ඇගේ හදවතෙහි ස්පන්ධනය බැලිම සඳහා සම්බන්ධ  කර තිබූ යන්ත්‍රය ඇගේ ස්පන්ධන වල අක්‍රීයතාව දක්වන්ට වුණා. ඔහු සෙමින් එයද ඉවත් කිරීමට උත්සහ කලද යමෙකු පැමිනෙන බව දැනී ඔහු වහාම එතැනින් පිට වුනා. 

මදාරාගේ කාමරය ඉදිරිපසට පොලිසියේ නිලධාරියෙක් පැමිණියා. නමුත් ඔහුට මදාරාට සිදු වූ දෙය පිළිබඳව ඔහුට දැනීමක් තිබුණේ නෑ. පොලිස් නිලධාරියා කිසිත් නොදුටු බව තහවුරු කර ගත් පාලිත එතැනින් නික්මුණේ ඔහුගේ උපාය සාර්ථක වූ බව තහවුරු කර ගනිමිනි.

නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි. සාජන්ට් උපුල් මදාරා සිටි කාමරය දෙසට එමින් සිටි අතර කලබලයෙන් පැමිනි වෛද්‍ය පාලිත සාජන්ට් උපුල්ගේ ඇඟෙහි හැප්පී බිම වැටුණි. සිදු වූයේ කුමක්දැයි උපුල් හට සිතා ගත නොහැකි වූවා.

“අහ්! ඩොක්ටර් ඔයා හොඳින්ද”

පාලිත හිස ඔසවා බැලූ අතර උපුල්ව දුටු සැනින් බිය වී ඔහු දෙස බලා සිටියා. ඔහුගේ මුණෙහි තිබෙන, බිය ඇස් වල තිබෙන කලබලකාරී බව උපුල් හොඳින්ම නිරීක්ෂණය කළා. යම්කිසි වරදක් තිබෙන බව ඔහුට වැටහුණා. පාලිතකිසින් නොපවසා වේගයෙන් එතැනින් නිමුණා.

“ඉස්පෙක්ටර් මදාරාගේ ජීවිතේ තාම අනතුරේ. එයාට හොඳ ආරක්ෂාවක් දෙන්න. හැම වෙලේම හොඳ අවධානයෙන් ඉන්න.”වෛද්‍ය ඒෂාන් පැවසූ දෙය සාජන්ට සිහිපත් වූවා. ඔහුගේ සිතට යම් නරකක් සිදු වන බව ඉව වැටුනා. ඔහු ඉක්මනින්ම මදාරාගේ කාමරය වෙත පිය නැගුවා. 

උපුල් මදාරාගේ කාමරය ඉදිරිපිට සිටින පොලිස් නිලදාරියා වෙතපිය නැගුවා.

“මුකුත් අවුලක් වුණේ නෑ නේද?”

“නෑ කිසි අවුලක් නම් නෑ. ඇයි එහෙම ඇහුවේ?”

“අහ් නෑ මේ නිකං. මේහ්…. ඒෂාන් ඩොක්ටර් ඇරෙන්න වෙන කවුරුහරි මැඩම්ගේ රූම් එකට ගියාද?”

“නෑ වෙන කවුරුත් ආවේ නෑ.”

“හරි එහෙනම්”

නමුත් ඔහු තුළ යම් කුකුසක් ඇතිවූ නිසා ඔහු මදාරාගේ කාමරයට තුලට ඇතුළු වූවා. හුස්ම ගැනීමට අපහසුවෙන් සිටින මදාරාව දුටු සාජන්ට් කලබල වූවා.

“මැඩම්!! මැඩම්!!”

සාජන්ට්ගේ ශබ්දය ඇසුණු අනෙක් පොලිස් නිලධාරියාත් කාමරය තුළට පැමිනියා. ඔහුද සිදු වී ඇති දෙය දැක කලබල  වූවා.

“ඔතනට වෙලා බලන් ඉන්නෙ නැතුව ඉක්මනට ගිහින් ඩොක්ටර් ඒෂාන්ව එක්කගෙන එනවා මිනිහෝ!!” උපුල් අනෙක් නිලධාරියාට කෑ ගැසුවා. 

එම නිලධාරියා කලබලයෙන් ඒෂාන්ගේ කාමරය වෙත දිව ගියා.

“ඩොක්ටර්!! ඩොක්ටර්!! හදිස්සියක්”

අඩ නින්දේ සිටි ඒෂාන් එකවරම කලබල වී නැගී සිටියා.

“ඇයි මොකක්ද වුණේ?”

“ඩොක්ටර් ලොකු ප්‍රශ්නයක්…”

ඒ ඇසුණු වහාම ඒෂාන් මදාරාගේ කාමරය වෙත ඇදුනේ විදුලි වේගයෙනි. අපහසුවෙන් ස්වසනය කරමින් සිටි මදාරාව දුටු ඒෂාන් කලබල වූවා. 

“නෑ නෑ නෑ…. මොකක්ද මේ වුණේ.”

ඒ ඇසිල්ලෙහිම මදාරාගේ කාමරයට හෙදියන්ද පැමිණියා. ඇසිල්ලක් යාමට මත්තෙන් මදාරාගේ හෘද ස්පන්ධනය නතර වූවා. ඒෂාන් කලබලයෙන් ඇයට කෘත්‍රිම ස්වසනය ලබා දෙන්නට වූවා.

“ඉක්මන් කරන්න CPR එක ගේන්න.”

ඉක්මන් වූ ඒෂාන් ඇතුළු කන්ඩායම මදාරාගේ හදගැස්ම ප්‍රකෘති තත්වයට පත් කිරීමට හැකි වූවා. ඒත් සමඟම ඇයගේ ස්පන්දනය යථා තත්වයට පත් වූ බව හැඟවීමට හෘද ස්පන්දනය සටහන් වන යන්ත්‍රය නැවත ක්‍රියා කිරීමට පටන් ගත්තා. ඔක්ඩිජන් සැපයුම යථා තත්වයට පත් කර ඇයට ඔක්සිජන් නැවත ලබා දී එන්නතක්ද ඈ හට ලබා දුන්නා. 

මදාරාගේ ඇඳ මතට හිස බර කරගත් ඒෂාන් සැනසුම් සුසුමක් හෙළුවා. ඒෂාන් කාමරයෙන් පිටතට පැමිණ පොලිස් නිලධාරීන් වෙතට දෑස් යොමු කළා.

“ඔෆිසර්! ඔයාලා මෙහෙමද රාජකාරිය කරන්නේ? මේ ඉන්නේ ඉන්ස්පෙක්ටර්. මෙයා හොස්පිටල් එකට ගෙනාපු විදිය මතක නැද්ද ඔයාලට? එයාගේ ජීවිතේ කොයි තරම් නම් අවධානමකද තියෙන්නේ කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? අද තව ටිකක් එහෙ මෙහේ වුනා නම් මොකද කරන්නේ?”

“සොරි ඩොක්ටර්. අපේ වැරැද්ද” සාජන්ට් උපුල් පැවසුවා.

ඒෂාන් සුසුමක් හෙළුවා.

“සොරි ඔෆිසර් මට ටිකක් කේන්ති ගියා. මොකද මම බය වුණා එයාව බේර ගන්න බැරි වෙයි කියලා.”

“නෑ නෑ ඩොක්ටර් ඔයාගේ කිසිම වැරැද්දක් නෑ. Thank you අපේ මැඩම් වෙනුවෙන් කැප වෙනවට.”

“ Thank you කරන්න ඕනේ නෑ. මේක මගේ ජොබ් එක. මේකට ඔයාලා කාව හරි සැක කරනවද?”

“මං හිතන්නේ මම දන්නවා මේ වැඩේ කළේ කවුද කියලා.”

“කවුද ඒ?”

“මම ඒක තහවුරු කරගෙනම කියන්නම් ඩොක්ටර්ට”

“හ්ම්ම්”

“අපි යමු.”සාජන්ට් උපුල් එතැන සිටින නිලධාරීන් දෙදෙනක් සමඟ එතැනින් පිටවූවා.

+++++++++++++++++++++++++++++++++++++++++

මේ අතර කලබලයටත් බියටත් පත්වී සිටි පාලිත ඔහුගේ කුටිය වෙත පියමැන්නා. ඔහු පුටුවෙහි අසුන්ගෙන වෙව්ලන දෑතින් වතුර විදුරුවක් ගෙන පානය කළා.

“අම්මෝහ් නූලෙන් බේරුනේ.තව පොඩ්ඩෙන් මම ඉවරයි.”

ඔහු අසුනෙන් නැගී සිට කාමරයේ ඒ කොනේ සිට මේ කොන තෙක් ඇවිදින්නට වුණා.

“අර ඇඟේ හැප්පුනු පොලිස්කාරයට බැරි වෙලාවත් මං ගැන සැක හිතුනද දන්නෑ. එයා මං දිහා බලපු විදිය මට ඇල්ලුවෙ නෑ.”

ඔහු තවත් බියට පත්වන්නට වුණා.

“නෑ නෑ නෑ…. එයාට සැක හිතුනේ නෑ. අනික එයාට සැක හිතෙන්න තරම් දෙයක් වුණේ නෑනේ.මම එයාගේ ඇඟේ හැප්පුනා විතරනේ.”

ඔහු නැවතත් ඔහුගේ අසුනින් හිඳ ගත්තා. 

“අහ්හ්හ්….. ඇයි මං මේ වැඩේ කරන්න බාර ගත්තේ!! අහු වුනොත් මට කොහෙත්ම ගැලවීමක් නෑ.”

ඔහු කෝපයෙන් ඔහුගේ හිසකෙස් අතරින් දෑඟිලි යවමින් කල්පනා කරන්නට වූවා.

“එයාලට ම ගැන සැක හිතුනා නම් මාව මේ වෙද්දී හොයාගෙන එන්න ඕනේ. ඒ කියන්නේ එයාලට මාව සැක නෑ. ටික වෙලාවක් බලමු මොකද තත්වේ කියලා”

වෛද්‍ය පාලිත තත්වය කෙසේදැයි බැලීමට සුළු මොහොතක් ඔහු සිටි අතර ඔහුගේ කාමරයට හෙදියක් පැමිණියා. 

“අහ් ඩොක්ටර් කාමරේද?”

“ඔව්. මොකද නිකං කලබලයක් වගේ”

“අහ් අර ඉන්ස්පෙක්ටර්ගේ මැෂින් නතර වෙලා. මම නම් හිතන්නේ බේර ගන්න බෑ ඩොක්ටර්”

“එහෙමද?”

“හරි ඩොක්ටර් මම යන්නම්.”

ඔහු කිසිත් නොපවසා හිස සැලුවා. ඔහුගේ මුවගෙහි කපටි සිනහවක් ඇඳුනේ ඔහුගේ උපක්‍රමය සාර්ථක වු බව දැන ගත් නිසාවෙනි. ඔහු ක්ෂණිකව ඒකනායක හට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඒ බව දැනුවත් කිරීමටයි.

"හෙලෝ ඩොක්ටර් මොකද වුණේ? වැඩේ හරිද?"

"හරි වැඩේ තිතටම වුණා."

"නියමයි. ගාන වෙලාවට BANK එකට සල්ලි වැටෙයි"

“හරි”

ඔහු දුරකතනය තැබූ අතර ඔහුට පිටුපසින් කටහඬක් ඇසුණා. 

“නෑ ඩොක්ටර් ඔයා වැඩ වරද්ද ගත්තා.”

පාලිත එකවරම පිටුපසට හැරෙන විට පොලිස් නිලදාරීන් තිදෙනෙකු සිටියා. ඔහු බෙහෙවින් කලබල වූවා.

“මො…මොකක්ද  මේ කියන්නේ?”

“ඉන්ස්පෙක්ටර්ගේ ජීවිතයට හානි කිරීමට තැත් කිරීම නිසා තමුන්ව අත්තඩංගුවට ගන්නවා.”

“මො…නවා…න්..නෑ…නෑ…. මම මුකුත් ක…ළේ නෑ.”

“මාංචු දානවා මෙයාට” 

“නෑ …නෑ…එපා…”

+++++++++++++++++++++++++++++++++++++++++

“ඔව් ඒෂාන් කියපං”

“මචං, පොඩි ප්‍රශ්නයක් වුනා”

“මොකක්ද??? මම උඹට කිව්වා සැලකිලිමත් වෙයං කියලා. මදාරා හොඳින් ඉන්නවනේ??”

“කලබල වෙන්න එපා මචං මේ……”

“මොකක්ද ඕයි වුණෙ? ගොත නොගහා කියපං.”

“මදාරව කවුරුහරි මරන්න හදලා. ඒත් බය වෙන්න දෙයක් නෑ. එයා දැන් හොඳින්.”

“එයා හොඳින් නම් එච්චරයි….. ඒක නෙවේ කවුද ඕක කළේ කියලා තාම දන්නේ නැද්ද?”

“පොලිසියේ අය ඒක කරපු කෙනාව අල්ලගෙන.”

“කවුද ඒ?”

“ඩොක්ටර් පාලිත කියලා කෙනෙක්. එයා ටිකක් මටත් කැමති නෑ.”

“ඩොක්ටර් පාලිත ද එතකොට ඒක කළේ?”

“පොඩ්ඩක් හිටපං උඹ ඩොක්ටර් පාලිතව දන්නවද?”

“ම්ම් ඔව්.”

“උඹ මොනා හරි ලොකු දෙයක් මට හංගනවා මචං”

“මං උඹට හැමදේම කියන්නම් හරි වෙලාව ආවම.”

“හරි හරි උඹ කැමති වෙලාවක කියපංකෝ. මම තියනවා.”

“හරි මචං. Thank you කරන උදව් වලට.”

+++++++++++++++++++++++++++++++++++++++++

අද දිනය

මදාරා දුරකතනය තබා යමක් කල්පනා කරමින් සිටියා. ඒ අතරතුර ඒෂාන් කාමරයට පැමිණියා.

“ඉතිං ඉන්ස්පෙක්ටර් මදාරා, කොහොමද දැන්.”

“ලොකු අමාරුවක් නෑ ඩොක්ටර්. මට අද යන්න පුළුවන් නේද?”

“ඔයාට අමාරු නොතේරුණාට ඔයා ඉන්නේ තාම අමාරු තත්වයේ. Sorry ඉන්ස්පෙක්ටර්, ඔයාට දැන්ම නම් යන්න වෙන්නේ නෑ”

“ඒත් ඩොක්ටර් මම යන්නම ඕනේ. මට අමාරුවක් නෑ”

“මේ අහන්න ඉන්ස්පෙක්ටර්, ඔයාගේ අභ්‍යන්තර අවයව වලටත් ගොඩාක් හානි වෙලා තිබ්බේ. ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒනිසා මට ඔයාට යන්න දෙන්න නම් බෑ. අනික ඔයාගේ අතේ අස්ථියත් බිඳිලා. ඒක හරි යන්න මාස 6ක් වත් යනවා. අඩුම සතියක්වත් bed rest කරන්න ඕනේ.”

“මොනවා! සතියක්? No way ඩොක්ටර්. සතියක් නාස්ති කරන්න තරම් කාලයක් මට නෑ”

“සොරි ඉන්ස්පෙක්ටර්, මට කරන්න දෙයක් නෑ. පොලිසියේ ඔයා ඕඩර්ස් දෙනවා වගේ මෙතනදි මම තමයි ඉන්ස්පෙක්ටර්ට ඕඩර්ස් දෙන්නේ. සතියක් හොස්පිටල් එකේ ඉන්න වෙනවා. මාස 6ක් විතර යනකල් වම් අතින් බර වැඩක් කරන්නත් බැරි වෙයි.”

“ඒත් ඩොක්ටර් මගේ ජොබ් එකත් එක්ක මම කොහොමද…..”

“කරන්න දෙයක් නෑ ඉන්ස්පෙක්ටර්. ඔයාට ඇඳෙන් බහින්න බෑ තනියම. මම නර්ස් කෙනෙක්ව එවන්නම් ඔයාට උදව් කරන්න. මොකද මැහුම් බුරුල් වෙන්න පුළුවන්. හරිනේ?”

“ම්ම් ok ඩොක්ටර්” මදාරා මුහුණ හකුළුවා ගනිමින් පැවසුවා. 

ඒෂාන් පිටව ගිය පසු කාමරයට සාජන්ට් උපුල් පැමිණියා. ඔහු ඇයට ආචාර කර සිටියා. 

“ගුඩ් මෝනිං මැඩම්”

“ගුඩ් මෝනිං”

“මැඩම් අපි ඩොක්ටර් පාලිතව අත්තඩංගුවට ගත්තා.”

“හ්ම්ම් හොඳයි. එයා ගැන අවදානෙන් ඉන්න. ගජේන්ද්‍රසිංහ මොනවා හරි කරන්න පුළුවන්”

“හරි මැඩම්”

“ඒක නෙවේ උපුල් ඔයා අර මං කියපු කෙනා ගැන හෙව්වද”

“ඔව් මැඩම්. ඒත් කිසි හෝඩුවාවක් හොයා ගන්න බැරි වුණා මැඩම්”

“හරි උපුල්, ඔයා දැන් යන්න”

උපුල් කාමරයෙන් පිටව ගිය අතර මදාරා කල්පනාවකට වැටුණා.

“ඇත්තටම එදා මාව බේර ගත්තේ කවුද? අනික ඇයි එයා මාව බේර ගත්තේ? එයා කොහොමද දන්නේ එදා මාව මරන්න හැදුවා කියලා?”

++++++++++++++++++++++++++++++++++++++++

මදාරා මෙලෙස දින කිහිපයක් රෝහලෙහි ගත කළා. ඇයට දැන් පෙරට වඩා සුවයක් තිබුණි.

දිනක් රෝහලට අමුත්තෙක් පැමිණියා. ඔහුගේ අතෙහි යමක් තිබුණි.

“Excuse me, මට පොඩි උදව්වක් කරන්න පුළුවන් වෙයිද?” ඔහු හෙදියකට කතා කළා.

“ඔව් කියන්න”

“මට පුංචි හදිසියක් නිසා යන්න වෙනවා. මේක ඉන්ස්පෙක්ටර් මදාරා ගේන්න කිව්වේ.ඔයාට මේක ඉන්ස්පෙක්ටර් මදාරාට දෙන්න පුළුවන්ද?”

“අහ් හරි මම දෙන්නම්.”

“ Thank you” ඔහු එතැනින් පිටව ගියා.

හෙදිය ඔහු ලබා දුන් පාර්සලය සමඟ මදාරාගේ කාමරයට ඇතුළු වීමට සූදානම් වූවා. නමුත් පොලිස් නිලධාරියෙක් ඇයව නතර කළා.

“පොඩ්ඩක් ඉන්න. මේ පාර්සලේ මොකක්ද?”

“කෙනෙක් මේක දුන්නා ඉන්ස්පෙක්ටර්ට දෙන්න කියලා.”

“ඉන්ස්පෙක්ටර්ට දෙන්න කිව්වා?”

“ඔව්, එයා කිව්වේ ඉන්ස්පෙක්ටර් මේක ගෙනත් දෙන්න කිව්වා කියලා.”

“පොඩ්ඩක් ඉන්න”

ඔහු මදාරාගේ කුටියට ඇතුළු වූවා.

“මැඩම් කාටහරි මොනවාහරි ගේන්න කිව්වද?”

“නෑ. ඇයි එහෙම ඇහුවේ?”

“මැඩම් කවුරුහරි කෙනෙක් ඇවිත් මැඩම් ඉල්ලුවා කියලා මැඩම්ට පාර්සලයක් එවලා නර්ස් කෙනෙක් අතේ”

“මොනවා! ඒ පාර්සලේ මොනවද තියෙන්නේ”

“මම බැලුවේ නම් නෑ මැඩම්”

“ඒ නර්ස්ට එන්න කියන්න”

“හරි මැඩම්”

සුළු මොහොතකින් එම හෙදිය කාමරය තුලට පැමිණියා.

“මැඩම්, මේක මැඩම්ට දෙන්න කිව්වා”

“මේක දුන්න කෙනා මොන වගේද?”

“මැඩම් එයා මාස්ක් එකක් දාලා හිටියේ. මූණ පෙනුනේ නෑ ඒනිසා.”

“ම්ම් හරි ඔයා යන්න”

ඇය එම පාර්සලය දිගහැර බැලුවා.

“ඩයරි එකක්!! ඒත් මේක කාගෙද?”

ඇය එහි පලමු පිටුව පෙරලා බැලුවා. ඇය එහි සටහන්ව තිබූ නම හා ඡායාරූපය දැක පුදුමයට පත් වූවා.

“මේක……”

__________________________

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

මේ පෙරලෙන්නේ දෙහදක නිපන් නොකියූ ආදරයක සැඟවුණු කතාවක පලමු පිටුවයි.

ඉතිම් බේබීස් ඔන්න කතාව වෙනත් පැත්තකට පෙරලෙන්නයි යන්නේ. මදාරා මේ පෙරලන්නේ අතීත කතාවේ පලමු පිටුවයි.

එහෙනම් බේබීස් අපේ love birds is coming.

ඊලඟ එපියෙන් ඒනම් හම්බෙමු.

වෝට් කොමඩ් හලන්න.🌝

මගේ පැටව් ටිකට ගොඩාරියක් ආදරෙයි❤️😘

Comment