‼️සිව්වන දිගහැරුම‼️

පසුගිය කොටස

"හෙලෝ.....ඔව් කියනව"

"__________"

"මොනවා?"

"__________"

"හරි මං දැන්ම එන්නම්."

අදිස් දුරකතනය විසන්ධි කළා. ඔහුගේ දෑස් තුළ බිය සහ කෝපය ඉතා හොඳින් පෙනෙන්නට තිබුණා.

"අහ්හ්හ්හ්.....මොනාද මේ වෙන්නේ?අහ්හ්හ්හ්....."

ඔහු අසල තිබූ තේ කෝප්පය පොළොවේ ගසමින් කෑ ගැසුවා.

__________________________


ආලින්දය දෙසින් ඇසුණු ශබ්දය නිසාවෙන් මුළුතැන්ගෙයි සිටි අප්පු හීයක වේගයෙන් ආලින්දය වෙතට නැවත් පැමිණියා. එවිට ඔහු දුටුවේ ආලිදයේ සිට පිටව යන අදිස්වයි.

"බේබි...බේබි....බේබි කොහෙද මේ කලබලෙන් දුවන්නේ? බේබී..."

අදිස් අප්පු දෙස මදක්වත් නොබලා පිටව ගොස් ඔහුගේ කාරයට නැගී වලව්වෙන් පිටව ගියා.

"බේබි...!!බේබී.......!!"

අප්පු අදිස්ගේ කාරය පිටුපසින්ද මද දුරක් දිව ගියත්, පසුව ඔහු නැවතුනේ කොපමණ කතා කළත් ඉන් පලක් නොවන බව වැටහුණු හෙයින්ය.

+++++++++++++++++++++++++++++++++++++++++

අවසිහියෙන් මෙන් පදවාගෙන ගිය අදිස්ගේ වාහනයේ රෝද නතර වූයේ මහල් නිවාසයක් ඉදිරිපසයි. ඒ මහල් නිවාසය අසල සෙනග පිරී සිටියා. තැන් තැන් වල සිටි සමහර පුද්ගලයින්ගේ කසු කුසුව අදිස්ට යාන්තමින් සවන් වැකුණා.

"ඔන්න ඕක තමයි කර්මය ඵල දෙනවා කියන්නේ"

"ඒක නෙවෙන්නම්. කල පව් මෙලෝදිම පටිසන් දෙනවා කියන්නේ අන්න ඒකයි"

"ඔය මිනිහාට පහුගිය ටිකේ මොළේ අවුල් වෙලා පිස්සෙක් වගේ හිටියේ"

"ඔව් ඔව්...මහ රෑ බය වෙවී කෑ ගහලත් තිබ්බා."

"මේ මිනිස්සුන්ට නිවී හැනහිල්ලේ ඇස් දෙක වත් පියාගෙන නිදා ගන්න පුළුවන් වෙච්ච එකත් පුදුමයක්,වෙන මිනිස්සුන්ට කරලා තියෙන අපරාධ වල හැටියට"

මෙවැනි වදන් ගනනාවකින් අදිස්ගේ සවන් පිරී තිබුණේ.

"හහ්!ඔන්න ඇවිල්ලා... සල්ලි වලට මුවා වෙලා හොඳ මිනිස්සු වගේ ඉඳගෙන පව් වැඩ කරන උන්ට මේ වගේමයි වෙන්න ඕනේ. සල්ලි බලේ නිසා නීතියෙන් ගැලවෙන්න පුළුවන් වුණාට හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. මේවා ඔය සුදු පිරුවට පොරවන් ඉන්න සල්ලිකාරයොන්ටත් පාඩම්"

එක් පුද්ගලයෙක් අදිස් දුටු විට එසේ පැවසුවේ අදිස්ගේ සවන වැකෙන ලෙස සිතා මතාමයි. අදිස් මේ මොහොතේ සිතුවිලි ගණනාවක අතරමං වෙලා. ඔහුගේ මනස අවුල් වියවුල් වී ගොසින්. ඔහු කිසින් නොඇසුණු ලෙස මහල් නිවසට ඇතුළු වූවා. තරප්පු පෙල නැග ඉහලට පැමිණ තෙවන මහලේ කොරිඩෝව දිගේ ඔහු ඇවිද ගියා. එක් නිවසක දොරකඩ ඔහු නතර වූවා. එම නිවසෙහි ඇතුලත කහ පැහැති පටි වලින් ආවරණය කර තිබුණා. ඒ පටි මත කළු පැහැයෙන් "Crime Scene" ලෙස ලියා තිබුණා.

ඔහු පියවරක් ඉදිරියට තැබුවා. එවිට ඔහුගේ නෙත ගැටුනේ සිවිලිමේ ගැට ගසා තිබූ කඹයක එල්ලී සිටින පුද්ගලයෙකුගේ නිසල මළසිරුරයි. ඒ සිරුර අසල මෙන්ම නිවස පුරා පොලියේ පුද්ගලයින් සිටිනු අදිස් දුටුවා. ගෙල වැලලාගෙන සිටින තරමක් හැඩි දැඩි ඒ පුද්ගලයා දුටු විට අදිස් තිගැස්සී ගියේ බියමුසු හැඟීම් ඔහුගේ මුළු සිරුරම වෙළා ගන්නා අතරමය.

ඔහුට එදින අළුයම සිදු වූ සිදුවීම සිහිපත් වුණා. කිනිස්සකින් පුද්ගලයෙක් ඔහුට පහර දුන් අයුරු, ඒ පුද්ගලයාගේ බියකරු මුහුණ, ඔහුගේ කෝපය පිරුණු දෑස් මැවි මැවී ඔහුට පෙනෙන්නට වුණා. ඔහු තදින් දෑස් වසාගෙන ඒ සියල්ල යටපත් කර ගැනීමට උත්සහා කළා.

**************************************
ඔහු දෑස් විවර කර බලන විට මුළු කාමරයම තරමක් අඳුරු වී ඇති බව ඔහුට දැනුනා. කාමරයේ සිටි පොලිසියේ නිළධාරීන් කිසිවෙකු එහි සිටියේ නෑ.ඔහු පුදුමයෙන් වටපිට බැලුවා. ඔහුගේ දෑස් නතර වූයේ තවමත් නිසලව තිබෙන මළ සිරුර අසලයි. ඔහු හෙමින් ඒ වෙත පිය නැගුවේ චකිතයකින්. දැන් ඔහුට මළ පුද්ගලයාගේ මුහුණ හොඳින්ම පෙනෙනවා. එහෙත් ඒ.....

"අහ්....!!නෑ නෑ නෑ නෑ......!ඒ එයා නෙවේ. නෑ එයා නෙවේ... මේක මේක වෙන්න බෑ. නෑ නෑ නෑ...."

එතැන තිබෙන සිරුර ඔහුට වෙනත් කෙනෙකු සිහිපත් කළා. ඔහුට වෙනත් සිදුවීමක් සිහියට නැගෙන්නට වුණා. ඔහුට සියල්ල මැවි මැවී පෙනෙන්නට වුණා. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුණා. හුස්ම ගැනීමත් වේගවත් වෙන්නට පටන් ගත්තා. නළල දිගේ දහඩිය බිඳු ගලා යන්නට වුණා. අදිස්ගේ මුහුණ සුදුමැලි වෙලා තොල් වියලී ගොසින්.

එක වරම සිවිලිමේ එල්ලී තිබුණු මළ සිරුරෙහි දෑස් විවර වුණා. අධික බියට පත් වූ අදිස් පියවරින් පියවර පිටුපසට ගියා.

"ඇයි මට මෙහෙම කළේ? මම මොකක්ද කරපු වැරැද්ද?"

මියගිය පුද්ගලයා කතා කරන්නට පටන් ගත්තා. අදිස්ගේ මුළු සිරුරම බියෙන් වෙවුලන්‍නට පටන් ගැනුනා.

"නෑ නෑ නෑ.....මේ ඔක්කොම බොරුවක්. නෑ මේක වෙන්න බෑ. අදිස් සිහියට එනවා. මේවා ඔක්කොම බොරු"

අදිස් තම හිසට ගසා ගනිමින් වෙවුලන දෙතොලින් පැවසුවා.

"තමුන්ටත් වෙන්නේ මේ මිනිහට වුණ දේමයි. තමුන්ට ගැලවීමක් නෑ. මම තමුන්ට යහතින් ඉන්න දෙන්නේ නෑ. මම පලිගන්නවා. ඇයි මට මෙහෙම කළේ?"

"නෑ....නෑ....මම මුකුත් කළේ නෑ. ම...ම.. මම මුකුත් කළේ නෑ. නෑකිසි දෙයක් ම...ම කළේ නෑ.."

"නෑ තමුන් තමයි කළේ. තමුන් තමයි මේ හැම දෙයක්ම කළේ. තමුන් කටපියාගෙන හැමදේම වෙනකල් බලන් හිටියා. මම උඹට හොඳින් ජිවත් වෙන්න දෙන්නේ නෑ."

"නෑ නෑ නෑ....එපා..."

අදිස් දෑස් තදින් වසාගෙන තම දෑත් වලින් තදින් හිස බදාගෙන කෑ ගසන්නට වුණා. ඔහුගේ ඔළුවේ එක එක කටහඬවල් දෝංකාර දෙන්න පටන් ගත්තා.

"ඕක තමයි කර්මේ ඵල දෙනවා කියන්නේ"

"නීතියෙන් ගැලවුණාට හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ"

"මම උඹට හොඳින් ජීවත් වෙන්න දෙන්නේ නෑ"

"තමුන් තව විඳවන්න ඕනේ..."

"ඇයි ඔයා වෙනස් වුණේ?"

"අහ්.......නවත්තනවා.....අහ්හ්...මට පාඩුවේ ඉන්න දෙනවා..."

අදිස් වේදනාවෙන් කෑ ගසන්නට වුණා.
**************************************

"මිස්ටර් අදිස්? ඔයාට මාව ඇහෙනවද? මිස්ටර් අදිස්.."

"-----------"

"මිස්ටර් අදිස්?"

අදිස්ගේ උරහිසට අතක් තබනු ඔහුට දැනුණා. ඔහුගේ හිසෙහි දෝංකාර දෙන කටහඬවල් ටිකෙන් ටික නවතින්නට වුණා. ඔහු දෑස් විවර කර බැලූ විට ඔහු සිටියේ පෙර ඔහු සිටි නිවස තුළයි. පෙර පැවති ලෙසම නිවස තුළ පොලිස් නිළධාරීන් සිටිනු ඔහු දුටුවා. පෙර දුටු සියල්ල ඔහුගේ සිතළුවක් බව ඔහුට වැටහුණා.

"මිස්ටර් අදිස්! මොකක්හරි ප්‍රශ්නයක්ද? මං ඔයාට ගොඩක් වෙලා ඉඳන් කතා කරන්නේ."

"_________________"

අදිස්ගෙන් කිසිදු පිළිතුරක් හිමි වුණේ නෑ. අදිස් තවමත් සිටින්නේ තිගැස්මෙනි.

"මිස්ටර් අදිස්! ඔයාගේ මූණත් සුදුමැලි වෙලා ගිහින්.දාඩියත් දාලා. මිස්ටර් අදිස් මොනාටහරි බය වුණාද?"

එසේ පැවසුවේ උප පොලිස් පරීක්ෂක ඒකනායකයි. ඔහු ගජේන්ද්‍ර වලව්වේ හොඳ හිතවතෙකි. සැබැවින්ම අවැසි අවස්තා වලදී නීතිය ඒ මේ අත නැවීමට ගජේන්ද්‍රසිංහ පවුලට SI ඒකනායක සහය දෙන පුද්ගලයෙකි. ඊට හිලව් ලෙස SI ඒකනායකට යහමින් ගජේන්ද්‍ර වලව්වෙන් සැලකිලි ලැබේ.

"අහම් මිස්ටර් ඒකනායක...අහ් නෑ මේ මම ටිකක් ෂොක් වෙලා ඉන්නේ මේ වෙච්ච දේට."

"මටත් ඒක නම් හිතා ගන්න බෑ. ඇත්තටම මේ මනුස්සයා මේ වගේ දෙයක් කර ගත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා මිස්ටර් අදිස්."

අදිස් නිරුත්තරව හිස් හැඟීමකින් මළ සිරුර දෙස බලා සිටියා.

"ඒත් මිස්ටර් අදිස්, ඔයා මෙතනට නෑවිත් ඉන්නයි තිබුණේ. මිනිස්සු අනවශ්‍ය කටකතා හදනවා."

"හ්ම්ම්..." අදිස්ගෙන් එවරත් ලැබුනේ කෙටි පිළිතුරක් පමණි.

මියගොස් සිටින පුද්ගලයා නමින් ගලගෙදර ආරච්චිලාගේ කසුන් සමන්ත නම් වේ. නමුත් එම ප්‍රදේශයේ ඔහු ප්‍රසිද්ධව සිටියේ 'මයිනා' යන පාතාල නමිනුයි. සැබැවින්ම ඔහු හොර ජාවාරම්, මැරකම්, කප්පම් ගැනීම් වැනි අපරාධ සිදු කරමින් ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු කෙතරම් අපරාධ සිදු කළ ද, නීතියේ රැහැනට ඔහුව හසු කර ගැනීමට අපහසු වූයේ ඔහු පසුපස තිබූ බර හස්තයන් නිසාවෙනි. අනෙක් කාරණාව වූයේ මුදලට ඔහු වෙනුවෙන් සිරගත වීමට ඕනෑතරම් පුද්ගලයන් සිටීමයි. මයිනාගේ පසුපස පැවති එක් බලවත් දෑතක් වුණේ ගජේන්ද්‍රසිංහයි. ගජේන්ද්‍රසිංහගේ මතුපිටින් ඇති ව්‍යාපාර වලට යටින් තිබූ හොර ජාවාරම් සියල්ල සිදු වූයේ මයිනා හරහාය. නීතියෙන් සැම විට SI ඒකනායක මයිනාට සහය විය. ගජේන්ද්‍රසිංහගේ මේ කළු සල්ලි ඔහු සුදු සල්ලි බවට පත් කළේ දාන මාන, පිංකම් සිදු කිරීමෙනි. නමුත් ගජේන්ද්‍රසිංහ සහ මයිනා අතර ඇති සම්බන්ධතාව ගමේ මිනිසුන් හොඳින්ම දන්නා කුප්‍රකට රහසකි.

"සර්! සර්!" කොස්තාපල්වරයෙකු SI ඒකනායක වෙත දිවගෙන පැමිණියා.

" ඔව් කියනවා"

"සර් ඉන්ස්පෙක්ටර් මැඩම් එනවලු"

"මොනවා! ඒ ගෑනි මොකටද එන්නෙ? පුදුම කරුමයක් මේ ගෑනි නම්."ඒකනායක පැවසුවේ නළල ඇඟිලි වලින් තෙරපමිනි.

"මිස්ටර් අදිස්, ඔයා දැන් මෙතනින් යන්න. මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම මිස්ටර් අදිස්ට දැනුවත් කරන්නම්. අර ඉන්ස්පෙක්ටර් ගෑනි එනකොට මිස්ටර් අදිස් මෙතන හිටියොත් මිස්ටර් අදිස්ට ප්‍රශ්නයක් වෙයි. මිස්ටර් ගජේන්ද්‍ර නැති වෙලාවේ මිස්ටර් අදිස් අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙන්න ඕනේ නෑනේ. ඒ නිසා දැන්ම මිස්ටර් අදිස් ගියා නම් හොඳයි"

"කවුද මිස්ටර් ඒකනායක ඔය කියන ඉන්ස්පෙක්ටර්? අර අලුතින් ආපු ඉන්ස්පෙක්ටර් ද?"

"ඔව් ඔව් ඒ අලුතින් ආපු ගෑනි තමා. ඒ ගෑනි මහ වදයක්. හැම මගුලටම අත දානවා. මේ ගෑනි නිසා කිසි දෙයක් කර ගන්න බෑ"

"ඔහ්හ්හ් මටත් ටිකක් ආරංචියි එයා ගැන. අමාරුකාරියක් වගේ. කෝකටත් විමසිල්ලෙන් වැඩ කරන්න මිස්ටර් ඒකනායක."

"හරි මිස්ටර් අදිස් ඔයා දැන් යන්න. මෙතන ඉන්න එපා."

"හරි මිස්ටර් ඒකනායක. මම යන්නම්."

අදිස් එතනින් පිටවී ගියා. ඔහු තරප්පු පෙළ බැස මහල් නිවසින් පිටතට පය තබනවාත් සමඟ පොලිස්පරීක්ෂකවරිය වන මදාරා සමරදිවාකර පැමිනෙනු අදිස් දුටුවා. ඇය ඔහුව පසුකර මද දුරක් ගොස් නතර වී නැවත හැරී අදිස් දෙස බැලුවා.

"අර මිස්ටර් ගජේන්ද්‍රසිංහගේ ලොකු පුතා නේද?"

"ඔව් මැඩම්ගජේන්ද්‍රසිංහගේ ලොකු පුතා."

"ම්ම්ම්....."ඇය අදිස් පිටව යන අයුරු බලා සිටියේ සැක සහිතවයි.

"අපි යමු" එසේ පවසමින් ඇය මහල් නිවසට ඇතුළු වුණා.

පොලිස් පරීක්ෂකවරිය පැමිනෙනු දුටු සියලුම නිලධාරීන් ඇයට ආචාර කර සිටියා. උප පොලිස් පරීක්ෂක ඒකනායක ඇය සමීපයට පැමිණියා.

"ගුඩ් මෝනිං මැඩම්"

"හ්ම්.. ගුඩ් මෝනිං. මට සිද්ධිය පැහැදිලි කරලා කියන්න."

" මැඩම් අද පාන්දර 3ට විතර පොලිස් හදිසි අංකයට ඇමතුමක් ආවා වෙඩි ශබ්දයක් ගැන. ඒ වෙඩි ශබ්දය ආව බව පැමිණිලි කරලා තිබුණේ මේ මහල් නිවාසෙම පදිංචි වෙලා හිටපු පුද්ගලයෙක්. අපිට ලැබුණු තොරතුරු අනුව ගලගෙදර ආරච්චිලාගේ කසුන් සමන්ත නොහොත් මයිනා මේ මහල් නිවාසයේ නිවසක ඉන්න බව දැනගන්නට ලැබුණා. වහාම ක්‍රියාත්මක වෙලා අපි පොලිස් කණ්ඩායමක් එක්ක මේ මහල් නිවාසය වැටලුවා. ඒත් අපි මේ මහල් නිවාසය වට කළායින් පස්සේ කිසිම වෙඩි හඬක් හෝ වෙනත් කිසිදු දෙයක් සිදු වුණේ නෑ. පසුව අපි තීරණය කළා අදාල නිවසට ඇතුළු වීමට. ඒ අනුව අපි හොඳින් පරීක්ෂා කරලා නිවසට ඇතුළු වෙන්න සූදානම් වුණා. අපි පොලිසිය බව නොදැනෙන්න ඔහුගේ දොරට තට්ටු කලත් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නෑ. ඉතින් අපි ඇතුලට යන්න තීරණය කළා. පුදුමයට කාරණේ වුණේ දොර අගුළු දාලා තිබ්බේ නෑ. අපි නිවසට සීරුවෙන් ඇතුල් වුණා. මුළු ගෙදරම කළුවරේ තිබුණේ. කිසිම සද්දයක් නොතිබුණු නිසා අපි ලයිට්ස් දාලා බැලුවා. එතකොට අපි දැක්කේ ගෙල වැල දාගෙන ඉන්න මයිනාව."

"හ්ම්...එතකොට දැනට ලැබුණු සාක්ෂි වලට අනුව මේක සියදිවි නසා ගැනීමක්ද? නැත්නම් සියදිවි නසා ගැනීමක් වගේ පේන මිනීමැරුමක්ද?"

"දැනට තියෙන සාක්ෂි එක්ක මැඩම් පැහැදිවම මේක සියදිවි නසා ගැනීමක්. මිනීමැරුමක් කියන්න අමාරුයි මැඩම්"

"එතකොට අර වෙඩි සද්දේ ගැන මොකද කියන්නේ?"

"ඒක තමයි මැඩම් මෙතන තියෙන ගැටළුව."

"ඉතිං එහෙම නම් තමුන් කොකොහොමද පැහැදිලිවම කියන්නේ මේක සියදිවි නසා ගැනීමක් කියලා කියන්නේ"

"නැ මැඩම් මම මේ කිව්වේ දැනට තියෙන සාක්ෂි අනුව...."

"හරි මට පැහැදිලියි.දවස් දෙකක් ඇතුලට මට මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන්න සලස්වන්න."

"මැඩම් මේ.... ඒත් මේ කේස් එක මට හැන්ඩ්ල් කරන්න පුළුවන්"

"ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා මේ කේස් එකෙන් ඈත් වෙලා හිටියොත් අපේ දෙපාර්තමේන්තුවටයි ඔයාටයි දෙන්නටම හොඳයි කියලා"

"මැඩම් ඇයි එහෙම කියන්නේ?"

"ඔයා මයිනා වෙනුවෙන් මෙච්චර කැප වෙන්නේ ඇයි කියලා මිනිස්සු බොරු කටකතා හැදුවොත් එහෙම"

ඇය එය පැවසුවේ සමච්චල්සහගත ස්වරූපයෙන්.

"ඉතිං මමම මේ කේස් එක හැන්ඩ්ල් කරන්නම්."

"ඕකේ මැඩම්"

SI ඒකනායක ඇයට ආචාර කර පිටව ගියා.ඔහු ඇය සමඟ කෝපයෙන් පසු වූවා.

"උද්දච්ච ගෑනි, කොහොමද ඒ ගෑනි මට එහෙම කතා කළේ. අපි බලමුකො කොච්චර කල් තමුන්ට නටන්න පුළුවන් වෙයිද කියලා."

ඒකනායක කෝපයෙන් තමාටම මුමුණා ගත්තා.






+++++++++++++++++++++++++++++++++++++++++




"මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අපරාධකල්ලි සාමාජික ගලගෙදර ආරච්චිලාගේ කසුන් සමන්ත නොහොත් මයිනා නමැති පුද්ගලයා අද අලුයම නිවාස සංකීර්ණයක ඔහුට අයිති නිවසකදී ගෙල වැලලා සිට හමු වී ඇත. මෙය දැනට සියදිවි නසා ගැනීමක් ලෙස වාර්තා වුවද සැක සහිත තැන් කිහිපයක් හේතුවෙන් මිනීමැරුමක්ද විය හැකි බවට සැක පල කරන බව පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනවිය මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. මෙය මයිනා සහ වෙනත් අපරාධ කල්ලියක ගැටුමක් නිසා සිදු වූවක් දැයි සැක පල කරන අතර ඒ පිළිබඳව තවම කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් තව දුරටත් පොලිස් පරීක්ෂක තුමිය ප්‍රකාශ කර සිටියා. පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනවිය යටතේ විනිවිදභාවකින් යුතුව සියළු පරීක්ෂණ සිදුවන බව වාර්තා වේ."

කවිච්චියට බර වී අසුන් ගෙන සිටි වයස 60 ගණනක් පමණ වියැති පුද්ගලයෙකුගේ අවධානය මෙම පුවත් ඇසීමත් සමඟ රූපවාහිනිය වෙතට යොමු වුණා. ඔහුගේ උකුසු ඇස් රූපවාහිනියේ ඇලී තිබුණා. එම පුවතත් සමඟ ඔහුගේ දෑස් කෝපයෙන් පිරී ගියා.

"කොහොමද මෙහෙම දෙයක් උනේ!?" ඔහු කෝපයෙන් තමාටම මුමුණා ගත්තා.

"ලියනගේ...."

"ඔව් සර්."

"සමරතුංගට කියනවා වාහනේ ලෑස්ති කරන්න කියලා. අපි අදම මෙහෙන් පිටත් වෙන්න ඕනේ"

"ඒත් සර් අපි ආපු වැඩේ තාම ඉවර උනේ නෑනේ. හෙට විතර වෙද්දී ඉවර කර ගන්න පුළුවන් වෙයි. අපිට හෙටම පිටත් වෙන්න පුළුවන් සර්"

"කියපු වැඩේ කරනවා මිනිහෝ"

"ඒත් සර් මේ බිස්නස් එක ගොඩක්..."

"ඒත් මේත් නෙවේ මිනිහෝ, මගේ යකා අවුස්සන්නේ නැතුව කියපු වැඩේ කරනවා."ඔහු කෝපයෙන් කෑ ගසා සිටියා.

"හරි සර්"

"මටම මේක ගැන දැන් බලන්න වෙනවා"

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

අතීතයේ සිද්ධවුණේ මොකක්ද? අදිස්ගේ හිතේ පැසවන වේදනාව මොකක්ද? හැමදේම නැවත සිදු වෙන්නද යන්නේ? මේ එහි ආරම්භයද?







හායි හායි බබාලා.....

හතරවෙනි එපියත් ඕන්න අරගෙන ආවා. ඔයාලා ඉතිම් වෝට් කොමෙන්ට් කරන්නේ නෑනේ. මට ඉතිම් දුකයි. කමක් නෑ. ☹️☹️

මැයි 20න් පස්සේ දෙන්නේ කිව්වට strike එකක් නිසා exam කල් ගියා. ඒ නිසා මම කතාව ටයිප් කළා. ටයිප් කරපු නිසා මම දැම්මා. සරළයි සුගමයි සුන්දරයි. 👉👈

වෝට් කමෙන්ට් කරන හැමෝටම තැන්ක්‍යූ.....අලාව්‍යූ...... ❤️

Comment