08

නාගහවටුන ගම වටේ ගිහින් ආවත් හරි ධමීර මුලින්ම කලේ එයාගේ කාමරේට රිංගගත්ත එක , හැබැයි ස්වේන් නම් එදා එයාලා ගිය තැනුයි වෙච්ච දේවලුයි ඔක්කොම ටික ශාරධා මැණිකේගේ කනේ තියලා තමයි උඩ රූම් එකට ගියේ . ඒ ගියාට පස්සේ ස්වේන් මුලින්ම කළේ ඇද උඩ තිබුණ ෆෝන් එක අරන් ඒක චෙක් කරපු එක , අන්න ඒ වෙලවේ තමයි එකම නම්බර් එකකින් ඇවිත් තිබුණ මිස් කෝල්ස් බර ගානක්ම ස්වේන් දැක්කේ

ඒ වුණාට එයා ඒ එක කෝල් එකක්වත් හරි මැසේජ් එකක් හරි සත පහකට ගණන් ගන්න ගියේ නෑ , ඒ මැසේජස් එකක්වත් සීන් නොකරපු ස්වේන් ශූස් දෙකත් පිටින්ම කෙලින්ම ඇදට වැටිලා අද දවස ඇතුලත වෙච්ච දේවල් ගැන කල්පනා කරන්න ගත්තා . පැයක් විතරම එහෙම හිටපු ස්වේන් එකපාරටම ඇදෙන් නැගිටලා එයාගේ කබඩ් එක ඇරලා නාගහවටුනට එද්දි නිකමට දාන් ආපු ඇත්ලටික් ශෝට් එකයි ටී එකකුයි එළියට ගත්තා , ඊටපස්සේ ඒ දෙක ඉක්මනට ඇදගත්ත ස්වේන් එහෙන්මම බාත් රූම් එකට ගිහින් මූන විතරක් පොඩ්ඩක් හෝදගෙන ආපහු එළියට ආවා

ඇත්තම කිව්වොත් ස්වේන් දැන් ලෑස්ති වෙලා හිටියේ ජිම් එකට යන්න , ධමීර එයාට ඕන්නම් ජිම් එක යූස් කරන්න කියලා ස්වේන්ට කියලා තිබුණට අඩු තරමේ වලව්ව ඇතුලේ ජිම් එක තියෙන්නේ කොහෙද කියලවත් ස්වේන්ට අයිඩියා එකක් තිබුණේ නෑ . අනික තිබුණ ලොකුකමට එයා ඒ ගැන ධමීරගෙන් අහන්න ගියෙත් නෑ . ඒ වුණාට පහුගිය අවුරුදු ගාන තිස්සෙම පුරුද්දක් විදිහට හැමදාම පැයක් හරි ජිම් එකේ හිටපු මනුස්සයෙක් වෙච්ච ස්වේන්ට දැන් නම් ඒ අවශ්‍යතාවය ටිකක් තදින්ම වගේ දැනිලා තිබුණා

එයා එක සීසන් එකක් ස්කිප් කලත් ඒ කරපු වර්ක් අවුට් ප්ලෑන් එක දිගටම ෆලෝව් කරනවා කියන මතේ තමයි ස්වේන් හිටියේ , මොකද ඩ්‍රයිවර් කෙනෙක් විදිහට එයාලගේ පිසිකල් සයිඩ් එක ගැන හොදටම අවධානේ දෙන එක ගොඩක් වැදගත් දෙයක් . ඉතින් ධමීරගේ කාමරේ දොර ගාවට ගිය ස්වේන් එකපාරටම මහ හයියෙන් දොරට ගහන්න ගත්තා , ධමීර ඇවිත් දොර අරිනකන්ම ස්වේන් ඒ විදිහට දොරට තට්ටු දාන එක කන්ටිනිව් කරන් ගියා

" ඇයි ? "

එකපාරටම ඇරුණ දොරෙන් ධමීරගේ මූන මතු වුණා විතරයි එයා ස්වේන්ගෙන් අහපු ප්‍රශ්නේ වුණේ 'ඇයි' කියන එක , අඩු තරමේ ස්වේන්ට රූම් එක ඇතුලට එන්න කියලවත් ධමීර කිව්වේ නෑ . ඒ වෙනුවට ධමීර ස්වේන්ගේ උඩ ඉදන් පහළටම එයාව ස්කෑන් කරද්දි ස්වේනුත් අනික් පැත්තට ඒක ඒ විදිහට කලා

එවෙලේ ධමීරත් ඇදන් හිටියේ ශෝටක් විතරක් වෙද්දි එයාගේ ඇස් වල රීඩින් ග්ලාසස් රැදිලා තිබුණා , ඒ වගේම ධමීරගේ අපර් බොඩී එකේ වගේම කකුල් වල තැනින් තැන තිබුණ ටැටූස් ඔක්කොමත් හොදටම පේන්න තිබුණා . ඉතින් තත්පර ගානක් සද්ද නැතුව ධමීරගේ හැම පොඩි ඩීටේල් එකක් දිහාම උනන්දුවෙන් බලන් හිටපු ස්වේන් හිටියේ වෙනම ලෝකෙක , හැබැයි බොහොම ඉක්මනටම එයාව මේ ලෝකෙට ගේන්න ධමීරගේ කටහඩට පුළුවන් වුණා !

" දොර කඩන්න හැදුවේ ඇයි ? "

" Well , තමුසේ ඕන එකක් මට කියනවා I don't care ! I just really need to use the gym "

ස්වේන් එකපාරටම කෝච්චිය වගේ එහෙම කියන් ගියත් ධමීර අනික් පැත්තට වචනයක්වත් එයාට කියන්න ගියේ නෑ , ඒ වෙනුවට දොර ගාවින් අයින් වෙලා ස්වේන්ට කාමරේ ඇතුලට එන්න ඉඩ දීපු ධමීර එයා ඇතුලට ආවට පස්සේ කලින් විදිහටම දොර වහලා දැම්මා . ඒ අතරේ පළවෙනි පාරට ධමීරගේ රූම් එකට ආපු ස්වේන් රූම් එකේ හැමතැනකටම ඇස් ගෙනියන ගමනුයි හිටියේ !

රූම් එකේ පැත්තකට වෙන්න සම්පූර්ණයෙන්ම තිබුණේ පොත් රාක්ක වෙද්දි තවත් එක කෝනර්' එකක් ධමීරගේ චිත්‍ර අදින ටූල්ස් ටික වෙනුවෙන් වෙන් වෙලයි තිබුණේ  . ඒත් එක්කම තව සම්පූර්ණ සයිඩ් එකක්ම ධමීගේ ලිකර් කලෙක්ශන් එක අයිති කරන් තියෙද්දි රූම් එකේ අතරින් පතර එක එක ජාතියේ මූර්ති වගේ දේවලුත් තියලා තිබුණා . ස්ටඩී ටේබල් එක , TV එක , ඇද & සෝෆා එකක් වගේ දේවල් කීපෙකුත් ඒක ඇතුළෙ තිබුණට ස්වේන්ට ධමීරගේ රූම් එක දැක්කාම හිතුණෙම ඒක නිකන් මියුසියම් වයිබ් එකක් දෙනවා කියන එක විතරමයි !

" Seriously ! ආන්ටි කියපු කතාව ඇත්තනේ , මේක ගෙයක්ද නැත්තන් කාමරයක්ද ? එහෙමත් නැත්තන් මියුසියම් එකක්ද ? "

" කැමති එකක් හිතාගන්නවා "

ස්වේන්ගේ ප්‍රශ්න පත්තරේටම එකම එක උත්තරයක් විතරක් දීපු ධමීර ඒ විදිහට කියලා ස්වේන් දිහා බලාගෙනම අත් දෙක බැදගත්තා , ධමීරගේ ඒ බැල්ම ස්වේන්ට ටිකක් අන්කම්ෆටර්බල් වගේ වුණත් එයා ඒක ගණන් ගන්නැතුව එකපාරටම මීට කලින් එයාට හිතිලා තිබුණ දෙයක් ගැන කතා කරන්න ගත්තා

" I feel like I've known you before , මට ඒක කියන්න තේරෙන්නෑ ධමීර . Isn't that weird ? "

" බටර් ගාන්නෙපා ඕයි ! "

" එහෙම මගුලකට නෙවෙයි කිව්වේ , I mean it . මම මෙහෙම කාත් එක්කවත් ලේසියෙන් කතා කරන්නෑ "

" හහ් ! කතා කලා ? තමුසේ මගෙන් ප්‍රශ්න ඇහුවා & මම ඒවට උත්තර දුන්නා , thats it ! කටත් රිදෙන- "

" Wo woh , මාර ජෝක් එක ! මන් කියන එක තමුසෙම හිතලා බලනවකෝ . මට නම් it feels like I've known you for a long time "

ස්වේන් එවෙලේ ඇත්තටම ඒ කිව්වේ එයාට මීට කලින් හිතිලා තිබුණ දෙයක් , ධමීර ලොක්කා කොච්චර පාට් දැම්මත් ඩෝන්ට් කෙයාර් වර්ශන් එකෙන් හිටියත් මේ දවස් දෙකට ස්වේන්ට එයාගෙන් දැනුණේ ගොඩක් හුරුපුරුදු හැගීමක් . අනික , වලව්ව වුණත් එයාට පුරුදු තැනක් වගේ එයාට දැනිලා තිබුණා . දැන් ස්වේන් එහෙම කිව්වම ධමීර එයාට බටර් ගාන්න එපායි අරකයි මේකයි කියන් ආවට එයාටත් ඒ හා සමාන දේවල් ටිකක් දැනිලා තිබුණා , හැබැයි ධමීරට ඒක ගැන හරිම & ක්ලියර් අයිඩියා එකක් නම් තිබුණේ නෑ

ඒ අතරේ ඒ කතාවට සම්පූර්ණයෙන්ම තිත තියපු ස්වේන් ධමීරගේ කාමරේ බිත්ති වල එල්ලලා තිබුණ චිත්‍ර බලන්න පටන් අරන් තිබුණා , එතන ධමීර ඇදපු චිත්‍ර බර ගානක් තිබුණත් ස්වේන්ගේ අවධානේ ගිහින් නැවතුණේ එකම එක චිත්‍රයක් ගාව . ඒකේ තිබුණේ ගල් තලාවක වැතිරිලා හිටපු කොල්ලෙක් දිය ඇල්ලක් දිහා බලන් ඉන්න දර්ශනේ වෙද්දි ස්වේන් ඒ චිත්‍රේ ගාවටම ගිහින් ඒ දිහා උනන්දුවෙන් බලන්න ගත්තා , එහෙම බලද්දි තමයි චිත්‍රේ කෙලවරක චූටියට ලියලා තිබුණ වචන පේලියකට එයාගේ අවධානේ ගියේ

'HBD 06/24'

" What ! "

" ඇයි ? "

ස්වේන් එකපාරටම 'what!' කියලා හයියෙන් කියනවත් එක්කම එච්චර වෙලා ටිකක් එහයින් ඉදන් ස්වේන් කරන දේවල් බලන් හිටපු ධමීර 'ඇයි?' කියලා අහගෙනම එයා ගාවට ආවා , ඒ එද්දිත් චිත්‍රෙන් ඇස් අහකට ගන්න කිසිම ලෑස්තියක් තිබුණේ නැති ස්වේන් කන්න වගේ ඒ දිහාම බලාගෙනයි හිටියේ . ධමීරත් ස්වේන්ගේ එහා පැත්තටම ඇවිත් ඒ චිත්‍රේ දිහා බලද්දි සුපුරුදු විදිහට ස්වේන් එයාගේ ප්‍රශ්න ඇහිල්ල පටන් ගත්තා

" HBD කියලා තියෙන්නේ මේක කාගේ හරි බර්ත්ඩේ ගිෆ්ට් එකක්ද ? මගේ බර්ත්ඩේ එකත් ජුනි 24 "

" මම දන්නෑ , maybe මේක ඇදපු ඩේට් එක වෙන්නැති "

" ඔයාද ඇන්දේ ? "

ඒක ඇන්දේ ධමීරද කියලා ස්වේන් එයාගෙන් ඇහුවත් ඒකට උත්තර දෙනවා වෙනුවට ධමීර කළේ 'HBD 06/24' කියලා තිබුණ තැනට යටින් චූටියට ලියලා තිබුණ නමක් ස්වේන්ට පෙන්නපු එක . ඉතින් ඒ මොකක්ද කියලා ඇස් දෙකත් හීනි කරලා බලපු ස්වේන් දැක්කේ එතන ලියලා තිබුණ 'රාධී' කියන නම , ඒක කෙල්ලෙක්ගේ නමක් කියලා දැකපු ගමන් ස්වේන්ට හිතුණේ එකම එක දෙයයි

" රාධී ? ගර්ල්ෆ්‍රෙන්ඩ්ද ? "

ස්වේන් එහෙම ඇහුවට ධමීර ඒකටත් කළේ මුකුත් නොකියා හිටපු එක , ඒ වෙනුවට ධමීර කට කොනින් හිනා වෙලා නිකන් ඉද්දි ස්වේන්ටත් සුපුරුදු පරිදි ධමීරගේ මේ ගුප්ත සීන් එක එක්ක කේන්ති ගියා . මොනාවුණත් , ධමීර කියන්නේ හරිම අඩුවෙන් වචන පාවිච්චි කරන කෙනෙක් වෙද්දි ස්වේන් කියන්නේ සම්පූර්ණයෙන්ම ඒකේ අනික් පැත්ත වෙච්ච චරිතයක් !

ධමීරගේ කටින් වචනයක් ගන්න අමාරුයි කියලා දන්න නිසාම ස්වේන් ඒ කතාව පැත්තකට කරලා ආපහු සැරයක් කාමරේ වටේට ඇස් ගෙනිච්චා , ධමීරගේ රූම් එකේ තිබුණ දේවල් එහෙම ලේසියෙන් බලලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියන එකත් ඒ අස්සෙම ස්වේන්ට හිතුණා . මොකද කිව්වොත් ධමීරගේ රූම් එක එහෙම සාමාන්‍ය විදිහේ රූම් එකක් නෙවෙයි

අවුරුද්දකට විතර කලින් මුළු වලව්වම එයාට ඕන විදිහට ධමීර මොඩිෆයි කලා වගේම එයාගේ කාමරෙත් එයාට ඕන විදිහටම ධමීර හදාගෙන තිබුණා . උඩ තට්ටුවෙන් භාගෙට භාගයක්ම ධමීර එයාගේ කාමරේට අත් පත් කරගෙන තියෙද්දි වට පිට බල බල හිටපු ස්වේන්ගේ අවධානේ ඒ සැරේ ගියේ එයා ඇතුලට ආපු දොරට අමතරව තිබුණ අනික් දොරවල් දෙක ගාවට , ඒකෙන් එකක් බාත් රූම් එකක් වෙන්න ඕනේ කියලා ස්වේන් ගෙස් කලත් අනික් එක මොකක්ද කියලා හිතාගන්න එයාට බැරි වුණා

ඒත් වැඩි වෙලා යන්න කලින්ම ඒක මොකක්ද කියලා දැනගන්න එයාට පුළුවන් වුණා !

ඊලග මොහොතේ කටින් එක වචනයක්වත් කියන්නේ නැතුව දොරවල් දෙකෙන් එක දොරක් ස්වේන්ට පෙන්නපු ධමීර කිසි ගානක් නැතුව ඒ හරියෙම ලොකු පොත් රාක්ක ගොඩක් එක්ක තිබුණ ස්ටඩී ටේබල් එකෙන් වාඩි වෙද්දි ස්වේන් ටිකක් කන්ෆියුස් වෙච්ච ලුක් එකකින් එයා දිහා බලන් හිටියා , ඒ අතරේ ධමීර ටේබල් එක උඩ පෙරලලා තිබුණ පොත අතට අරන් ඒක කියවන්න හැදුවත් තමන් දිහා කන්න වගේ බලන් ඉන්න ස්වේන් කොල්ලව ධමීර ඇස් කොනින් වගේ දැක්කා

" ඔය දොර ඇරගෙන ඇතුලට යන්න "

" ආහ් හා "

" මම මෙතන ඉන්නවා , ඩෝර් එක ලොක් කරලා ගිහින් ඕන එකක් කරගන්නවා "

ඒ සැරේ එතන තිබුණ දොර ඇරගෙන ඇතුලට ගිහින් කරන වර්ක් අවුට් එකක් කරගන්න කියල ස්වේන්ට කියපු ධමීර ආපහු එයාගේ පොතට අවධානේ දෙද්දි ස්වේනුත් එක වචනයක්වත් නොකියා ඒ රූම් එක ඇතුලට ගියා , ඊටපස්සේ ඉතින් ඒ දෙන්නම එයාලගේ වැඩත් එක්ක බිසී වෙද්දි කාලේ හෙමින් සැරේ ගෙවිලා ගියා . ධමීර නම් එයා කියවන ගමන් හිටපු පොතට වශී වෙලා වගේ ඒක කියෙව්වා , ඒ අතරේ ස්වේන් නම් ධමීරගේ හෝම් ජිම් එකෙන් උපරිමම ප්‍රයෝජන ගත්තා

ටික වෙලාවකට පස්සේ ධමීර පොත කියවලා ඉවර කරලා එයාගේ මේල්ස් චෙක් කරන්න ගනිද්දී ස්වේනුත් වර්ක් අවුට්ස් ඉවර කරලා ජිම් රූම් එකෙන් එළියට ආවා , මොනා නැතත් ස්වේන්ට ඇගට හොද ෆිට් ගතියක් ඒ වෙද්දි දැනිලා තිබුණා !

" ඉවරද ? Good Night "

ඒ විදිහට ධමීර දාඩිය නාගෙන ජිම් එකෙන් එළියට ආපු ස්වේන්ගෙන් 'ඉවරද?' කියලා ප්‍රශ්නයක් ඇහුවා වුණත් ඒකට ස්වේන්ට උත්තර දෙන්න වෙලාවක් එයා දුන්නේ නෑ , ස්වේන් මුකුත් කියන්නත් කලින්ම කන්වර්සේශන් එක එතනම ක්ලෝස් කරපු ධමීර එයාට ගුඩ් නයිට් කියලා ආපහු පොත දිහාවට ඇස් ගෙනියද්දි දිග හුස්මක් ගත්ත ස්වේන් තත්පර ගානක් අරන් ධමීරට හොදවයින් දේවල් ටිකක් කියන්න ගිය තමන්ගේ කට පාලනය කරගත්තා .

" Good N- Wait , මට කතා කරන්න ඕනේ "

ස්වේන් එහෙම කිව්වත් හරි ධමීර ඇස් වලින් එයාට ඉස්සරහා තිබුණ පුටුව එයාට පෙන්නලා වාඩි වෙන්න කිව්වා , ඊටපස්සේ පැත්තක තිබුණ වෝටර් ග්ලාස් එකකුත් ස්වේන්ගේ පැත්තට ළං කරපු ධමීර ටිශූස් බොක්ස් එකකුත් ස්වේන් ගාවට තල්ලු කලා . මුලින්ම වෝටර් ග්ලාස් එකම බීලා ඉවර කරපු ස්වේන් ටිශූස් දෙකක් විතර අරන් එයාගේ මූන හොදට පිහිදගත්තා , රූම් එකට ගියාම කොහොමත් වොශ් කරන නිසා දැනට එහෙම ඉන්න එක ගැන ස්වේන්ට ප්‍රශ්නයක් තිබුණේ නෑ

" මොනවද කතා කරන්න ඕනේ ? "

" මම හෙට මොනවද උගන්නන්නේ ? "

" ඒක මම දන්නේ කොහොමද ? "

" ඔයත් සර් කෙනෙක්නේ , රයිට් ? Just f*cking tell me something ධමීර ! i mean , how should I start ? "

ඇත්තටම මෙතනින් එහාට තමන් ස්වේන්ට කියන්න ඕනේ මොනවද කියලා ධමීරටවත් හරියටම හිතාගන්න බැරි වුණා , හරියටම කිව්වොත් එයා හෙට උගන්නන්නේ මොනවද කියලා ස්වේන් තමන්ගෙන් අහද්දි ධමීර හිටියේ ටිකක් කන්ෆියුස් වෙලා . මොකද ධමීර උගන්නන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලට , ඒත් ස්වේන්ට හෙට උගන්නන්න වෙන්නේ ස්කෝලේ ළමයි ටිකකට . ඒ දෙගොල්ලොන්ට එකම විදිහට උගන්නන්න බෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙන දෙයක් !

එයා ඕවා ගැන දන්නෑ කියලා ස්වේන්ට කෙලින්ම කියලා දාන්න ධමීරට හිතුණත් එයා එහෙම කරන්න ගියේ නෑ , මොකද දැන් ස්වේන් ඔය ප්‍රශ්න ටිකට උත්තර හොයන් මිසක් රූම් එකෙන් යන්නේ නෑ කියලා එයා දැනන් හිටියා . ඉතින් , ටිකක් වෙලා කල්පනා කරපු ධමීර අන්තිමේදි කතා කරන්න ගත්තා

" අවුරුද්දකින් ස්කෝලේ ළමයි හරියට ඉංග්ලිශ් ඉහෙන ගෙන නෑ කියලා අද ලොකු සර් කියනවා ඇහුණනේ , සෝ මුල ඉදලම පටන් ගන්න වෙයි . හැම ග්‍රේඩ් එකටම එකම විදිහට උගන්නලා හරි යන්නේ නෑ , රයිට් ? "

ධමීර ඒ විදිහට එයාට හරියි කියලා හිතුණ දේවල් ටිකකුයි ඒවා උගන්නන විදිහ ගැනයි ස්වේන්ට කියලා දුන්නා , ඒ කතාව පැය දෙකක් විතර ඇදෙද්දී වෙලාව රෑ දහයට වෙන්න ළං වුණා . ඉතින් දෙන්නටම හෙට උදේම වැඩට යන්න තියෙන නිසා ඒ ඩිස්කශන් එක එයාලා ඉවර කරද්දි ස්වේන් ආපහු එයාගේ රූම් එකට යන්න ලෑස්ති වුණා , ඒ යන්න කලිනුත් ධමීර ආපහු සැරයක් සමහර දේවල් ස්වේන්ට මතක් කරලා දෙන්න ගත්තා

" මතකනේ ? ඇල්පබට් එකෙන් පටන් ගන්න අශේර්ය "

" ම්ම්ම් "

" එහෙමයි කියලා ග්‍රේඩ් ටෙන් වල ඉන්න ළමයින්‍ට A B C උගනන්න යන්නෙපා "

" මාව එච්චර මෝඩයි වගේ පේනවද ? "

" Good Night ! "

ස්වේන් අහපු ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නොසලකා හැරපු ධමීර එයාගේ ඇස් දෙක බල බල හිටපු පොතින් අහකට ගන්නේ නැතුවම 'Good Night' කියලා කියද්දි අන්තිම සැරේටත් ධමීර දිහා බලලා ඔරවපු ස්වේන් අඩි පොළොවේ හප්පගෙනම කාමරෙන් එළියට ගියා . අනික් පැත්තට ධමීරට ගුඩ් නයිට්වත් නොකියා ස්වේන් ඒ විදිහට කේන්ති අරන් කාමරෙන් ගිය විදිහ බලන් හිටපු ධමීර කට කොනින් හිනා වෙන ගමන්ම එයාගේ අවධානේ ෆෝන් එකටම දුන්නා

ඉතින් , එදා රෑ හරිම සාමාන්‍ය විදිහට ගෙවිලා ගිහින් පහුවෙනිදා දවස උදා වෙද්දි දේවරාජ වලව්වේ හිටපු හැමෝම එක එක දේවල් එක්ක ගොඩක් බිසී වෙලා තිබුණා . ධමීර නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හොද සැපට නිදාගත්තට ස්වේන්ගේ තත්වේ සම්පූර්ණයෙන්ම ඊටවඩා වෙනස් එකක් වුණා . මොකද , අද ඉදන් ස්වේන්ට ගමේ ස්කෝලේ උගන්නන්න යන්න වෙනවා !

මොනා වුණත් තමන් ස්වේච්ඡා ගුරුවරයෙක් විදිහට නාගහවටුනට එන්න ගත්ත තීරණය ගැන පොඩි පසුතැවිල්ලක් වගේ එකකුත් එයාට ඒ වෙද්දි ඇති වෙලයි තිබුණේ , ඒත් එහෙම හිතෙද්දිම ස්වේන්ට කලින් දවසක රඛිත් කියපු දේකුත් එකපාරටම මතක් වුණා

" උඹ වගේ එකෙක් මේ වොලන්ටියර් කරන්න යන එක පිස්සුවක් වගේ තමයි ස්වේන් ! බට් , මචං උඹ ඔය කියන ගමට නිකන් ට්‍රැවල් කරන්න ගියා නම් ඒ මිනිස්සු උඹව ගණන් ගන්නෑ . හැබැයි උඹ එහේ ගමේ ස්කෝලෙට සර් කෙනෙක් විදිහකට යනවා කියන්නේ ඒක වෙනමම ලෙවල් එකක් . ඒකෙන් උඹට ගමේ මිනිස්සු එක්ක ලේසියෙන් ජෑම් වෙන්න පුළුවන් , අයි මීන් උඹට ගමේ මිනිස්සු අතරට යන එක ඉබේම ලේසි වෙනවා "

ඇත්තටම රඛිත් කියන කතාවෙත් පොඩි ඇත්තක් තිබුණා . මොකද , එයා ට්‍රැවල් කරන්න වගේ නාගහවටුනට ආවා නම් ගමේ මිනිස්සුන්ගේ එහෙමට දෙයක් දැනගන්න වෙන්නේ නෑ කියන එක ස්වේන් දැනන් හිටියා . ඊටත් ගමේ මිනිස්සු එයාලට ආගන්තුක මනුස්සයෙක් එක්ක පරණ දේවල් කතා වෙයි කියලත් එයා හිතුවේ නෑ !

තමන්ට සැරෙන් සැරේට පේන දේවල් , කලන්තේ දාන එක වගේ ගොඩක් දේවල් එක්ක නාගහවටුනට ලොකු කනෙක්ශන් එකක් තියෙන බව ඒ වෙද්දි ස්වේන් තේරුම් අරගෙනයි හිටියේ , ඒ වගේම ඒ පේන දේවල් අතීතේ වෙච්ච සිද්ධියකට සම්බන්ධයි කියන එකත් ස්වේන්ට ඩෙඩ් ශුවර් වුණා . ඉතින් , ගමේ සිද්ධ වෙච්ච පරණ දේවල් ගැන දැනගන්න නම් ඒවා ගැන අහන්න ඕනෙත් ගමේ මිනිස්සුන්ගෙම තමයි

ගමේ මිනිස්සු එක්ක කතාබහ කරලා එයාලගෙන් විස්තර දැනගන්න ඕන්නම් තමන් මුලින්ම ඒ මිනිස්සු අතරට යන්න ඕනේ කියන දේ ස්වේනුත් ගොඩක් විශ්වාස කලා , ඉතින් ඒකේ වෙරි ෆස්ට් ස්ටෙප් එක විදිහට මේ ස්කෝලේ උගන්නන්න යාම තෝරගත්ත එක ගැන ස්වේන් ආපහු ලොකු කල්පනාවකට වැටුණා . ඒ අතරේ එයාට රඛිත් කියපු ඒ කතාවේ පොසිටිව් දේවල් ටික මතක් කරගත්ත ස්වේන් තමන් ගත්තේ හරි තීරණයක් කියලා දෙතුන් සැරයක්ම තමන්ටම කියාගන්න ගමන්ම ඇදෙන් නැගිටලා වොශ් එකක් දාන්න ගියා

විනාඩි විස්සක් විතර හොදට නාගත්ත ස්වේන්ට එදත් සුපුරුදු විදිහටම ටවල් එක අරන් යන්න අමතක වෙලා තිබුණා , ඉතින් තෙත බේරි බේරි උපන් ඇදුමෙන්ම කාමරේට ආපු ස්වේන් සිංදුවකුත් මුමුණන ගමන්ම ස්කෝලේ ‍යන්න රෙඩි වුණා . කලින් දවසේ සිරියගේ උදව්වෙන් මැද ගත්ත සුදු පාට කමිසෙයි කළු කලිසමයි ඇදපු ස්වේන් ඊලගට කළේ එයාගේ ශූස් දාගත්ත එක . ඊටපස්සේ ගනේ ස්කෝලෙට යන්න තමන්ගේ ෆේවරිට්ම වොච් එකක් වෙච්ච Rolex Air-king එකත් බැදගත්ත ස්වේන් එයාගේ කොන්ඩේ එහෙමත් හදාගෙන ඇග පුරාම ප'ෆියුම්ස් එකකුත් හොදට ස්ප්‍රේ කරගත්තා

පහළට යන්න කලින් මිරර් එකෙන් පේන තමන්ගෙම රූපේ දිහා බලන් ඉදලා 'ආව්! කොල්ලගේ ලස්සන, whatta super handsome dude!' කියලා ස්වයං වර්ණනාවකුත් කරගත්ත ස්වේන් ෆොටෝස් ටිකක් අරන් ඒවා රඛිත්ටත් යැව්වා . මේ වොලන්ටියර් ප්‍රෝග්‍රෑම් එක ගැන ගෙදර අයට තාම ලොකු අයිඩියා එකක් තිබුණේ නැති නිසාම ස්වේන් එයාලට මුකුත්ම ෆොටෝස් යවන්න ගියේ නෑ

ඇත්තටම , එයාලගේ පුතා වන් ඩේ චැරිටි ප්‍රෝග්‍රෑම්ස් වගේ ඒවට වොලන්ටියර් කෙනෙක් විදිහට සහභාගි වෙලා ඉතුරු කාලේ ට්‍රැවල් කරනවා ඇති කියලයි ස්වේන්ගේ පවුලේ අය හිතන් හිටියේ . හරියටම කිව්වොත් ස්වේන් නාගහවටුනට ඇවිත් කරන්නේ මොනාද , එයාගේ අරමුණ මොකක්ද කියලා හරියටම දැනන් හිටියේ එකම එක මනුස්සයෙක් විතරයි . ඒ තමයි රඛිත් !

ඉතින් , ස්වේන් එයාට එවපු ෆොටෝස් දැකපු ගමන්  රඛිත් කළේ අනික් පැත්තට ස්වේන්ට කෝල් කරපු එක . ඊටපස්සේ , ස්වේන්ට එක වචනයක් කියන්න නොදීපු රඛිත් 'ස්කෝලේ ගියාම අරක කරපන්' 'මේක කරපන්' 'දරුවන්ට ගහන්න එපා' බ්ලා බ්ලා ගගා විනාඩි දහයක් විතර එක දිගට කියෙව්වා , හාම් හූම් ගගා ඔය ඔක්කොම අහන් හිටපු ස්වේන් ටික වෙලාවකට පස්සේ කෝල් එක කරලා පහළට යන්න ගියා

ස්වේන් පහළට යද්දි ශාරධා මැණිකේ & සිරියා දෙන්නා කෑම මේසේ ලෑස්ති කරන ගමනුයි හිටියේ , ශාරධා මැණිකේ වලව්වේ ලොකු මැණිකේ වුණාට එයා හැමදෙයක්ම වැඩට ඉන්න අය ලවා කරගන්න ජාතියේ කෙනෙක් වුණේ නෑ !

ඉතින් , කෑම මේසේ රෙඩි කරන එක එක්ක බිසී වෙලා හිටපු ඒ දෙන්නටම ගුඩ් මෝනින්' කියපු ස්වේන් ධමීර ඒ අහළ පහළක ඉන්නවද කියලා බෙල්ල දික් කර කර හෙව්වා . ඒත් , ධමීර තියා එයාගේ හුළගක්වත් ඒ හරියේ පේන්න නොතිබෙද්දි මේසේ මැද තියලා තිබුණ කිරි බත් කැට බන්දේසිය දිහා බලාගෙනම ස්වේන් කෑම මේසෙන් වාඩි වුණා

" කිරිබත් , රයිට් ? "

" අද පුතා ස්කෝලේ යන පළවෙනි දවස නිසා මන් කියන්නත් කලින්ම සිරියා හදලා "

ශාරධා මැණිකේ එහෙම කිව්වත් එක්කම කෑම මේසෙන් වතුර ජෝගුවකුත් ගෙනත් තියපු සිරියා දිහා බලපු ස්වේන් එයාට 'තෑන්ක් යූ සිරියා ආන්ටි' කියලා ලොකු හිනාවක් දැම්මා , හැබැයි සිරියට නම් ස්වේන් කිව්වේ මොකක්ද කියන එක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ . ඒ වුණාට අලුත් සුදු මහත්තයා උදේ පාන්දරම තමන් එක්ක හිනා වෙලා ඒ විදිහට කතා කරපු එක ගැන නම් සිරියා හිටියේ ගොඩක් සතුටෙන් !

" මොනා එක්කද කිරිබත් කන්නේ පුතා ? ලුණු මිරිස් තියෙනවා , කෙසෙල් තියෙනවා නැත්තන් චික- "

" සුදු මහත්තයට පැණි පොල් ටිකක් හදලා දුන්නොත් නරකද අම්මා ? "

ධමීර කෑම කන්න පහළට එනකන් බලන්න ඉන්න අතරේ ශාරධා මැණිකේ ඒ විදිහට ස්වේන්ට කිරි බත් කන්න ඔප්ශන්ස් ගොඩක් දුන්නත් ස්වේන්ට ඇත්තටම එහෙම සැර කන්න බැරිකමක් තිබුණේ නෑ , ඒ වුණාට ඉතින් තමන්ගේ මමා වගේ ඉන්න ශාරධා මැණිකේට එකට එක කියන්න නොගිය ස්වේන් ඒ ඔක්කොම අහන් හිටියත් එක පාරටම කෑම කාමරේට වැඩම කරපු ධමීර ඒ විදිහට ඒ කතාවට කෙලින්ම බාධා කලා

" මට සැර කන්න පුළුවන් "

හැරෙන පරක්කුවට ධමීර දිහා ඔරවලා බලපු ස්වේන් එයාට සැර කන්න පුළුවන් කියලා කෑගහලා කිව්වත් ඒකට ධමීර මුකුත්ම කියන්න ගියේ නෑ . ස්වේන් දිහාවට කින්ඩි හිනාවක් දාන ගමන්ම ධමීර මේසෙට වාඩි වෙද්දි ශාරධා මැණිකේ පිගානක් අරන් ධමීරට කිරිබත් බෙදන්න ගත්තා . ඒ අතරේ ස්වේනුත් එයාට සැර කන්න පුළුවන් කියන එක ඔප්පු කරන්න හිතන් කිරි බත් කෑල්ලකට ලුණු මිරිස් තොගයක් දාගෙනයි හිටියේ !

" සිරියගේ ලුණු මිරිස් සැරයි ආශේර්ය , I bet you won't be able to eat al-"

" මේ දරුවව කේන්ති ගස්සන්නේ නැතුව ඉන්න පොඩි පුතා ! "

ඒ සැරේ ශාරධා මැණිකේ ධමීරව සම්පූර්ණයෙන්ම කපලා දාලා ස්වේන්ගේ පැත්තට කතා කරද්දි ඒ මුකුත් ගණන් නොගත්ත ධමීර එයාගේ පාඩුවේ අම්මා බෙදලා දීපු කිරිබත් ටික කන්න ගත්තා , ටිකකින් එයාලා දෙන්නගෙම ලන්ච් බොක්ස් රෙඩි කරලා තියෙනවද බලන්න ඕනේ කියපු ශාරධා මැණිකේ කොල්ලෝ දෙන්නට පාඩුවේ කන්න ඇරලා ආපහු කිචන් එකට යන්න ගියා

හැබැයි , ශාරධා මැණිකේ එතනින් ගියා විතරයි ඒ වෙනකන්ම පාඩුවේ කෑම කන ගමන් හිටපු ධමීර එකපාරටම කතා කරන්නත් ගත්තා !

" Well , කන්න බැයි නම් කන එක නතර කරනවා ආශේර්ය , තමුසේ එහෙම කළා කියලා කිසි ප්‍රශ්නයක් නෑ ! "

" කවුද දැන් කන්න බෑ කිව්වේ ? "

" ඕන එකක් කරගන්නවා , I f*cking don't care ! "

තියෙන පණ්ඩිතකමට පුළුවන් තරම් ලුණු මිරිස් බෙදාගෙන දැන් ඒ බෙදාගත්ත ටික කාගන්න බැරුව ඉන්න ස්වේන්ට ඒ විදිහට පොඩි අනුකම්පාවක් ධමීර පෙන්නුවා වුණත් අලි ඔලුවෙන් ඉන්න ස්වේන්ට ඒ මුකුත් අදාල වුණේ නෑ . එයාට දැන් ඕනේ වෙලා තිබුණේ තමන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව සැර කන්න පුළුවන් කියන එක ධමීරට පෙන්නන්න වෙද්දි ස්වේන් දිගටම බෙදාගත්ත ඔක්කොම කන එක කන්ටිනිව් කරන් ගියා

එයාට කිරිබත් පොඩ්ඩකට ලුණු මිරිස් ගොඩක් දාගෙන කන එක නවත්තන්න කියලා ධමීර සුද්ද සිංහලෙන්ම කිව්වත් ස්වේන් ඒක අහන්න ගියෙත් නෑ , ඉතින් ඒකේ රිසල්ට් එක විදිහට උදේට කාලා ඉවර වෙද්දි ස්වේන්ට ෆේස් කරන්න වුණේ බොහොම නරක අත්දැකීමකට . දැවිල්ල නිසා වගේම කේන්තිය & ලැජ්ජාව නිසත් ස්වේන්ගේ මූන රතු වෙලා හොදටම දාඩිය දාලා තියෙද්දිත් එයා මුකුත් නොවුණු ගානට හැසිරෙන්න පුදුම තරම් ට්‍රයි එකක් දුන්නා , කොහොම වුණත් ධමීරට නම් මෙයාගේ මේ මල විකාර බලන් ඉන්න එක එපාම වෙලා ගිහිනුයි තිබුණේ

" මේක බීලා ඉන්නවා "

ස්වේන්ගේ මේ සිගිති වැඩ නිසා සෝ මච් ඩන් වෙච්ච මූනක් හදාගත්ත ධමීර මේසේ උඩ තිබුණ වතුර වීදුරුවක් හෙමින් සැරේ එයා ගාවට තල්ලු කලා , මුලින්ම 'මැට සැර කැන්න පුළුවැන්' ගාලා ස්වේන් ඒකත් අහකට තල්ලු කරයි කියලයි ධමීර හිතන් හිටියේ , ඒත් වාසනාවකට ඒක එහෙම වුණේ නෑ . ධමීර දීපු ඒ වෝටර් ග්ලාස් එකම බීගෙන බීගෙන ගිය ස්වේන් හිස් වීදුරුව ධමීරට දික් කරලා ඒකට තව වතුර දාන්න කියලත් කිව්වා !

ඇත්තටම ස්වේන් කියන්නේ ලුණු මිරිසක්වත් හැන්ඩ්ල් කරගන්න බැරි මනුස්සයෙක් නෙවෙයි , ඒ වුණාට තියෙන ලොකුකම නිසාම අද නම් ඩයල් එක ටිකක් ඕවර් යන විදිහට තමයි කිරිබත් එක්ක ඒවා කාලා තිබුණේ . ඉතින් එයාට ඔය විදිහට කට දැවිල්ල අරගන්න එක හරිම සාමාන්‍ය දෙයක් , ස්වේන් මූනත් රතු කරන් දැන් ඉන්න විදිහ දැකපු ධමීරට හිනා යන්න ගියත් එයා බොහොම අමාරුවෙන් ඒ හිනාව කන්ට්‍රෝල් කරගත්තා

මොකද , දැන් තමන් හිනා වෙනවා දැක්කොත් ඊලගට ස්වේන් මොන ජාතියක විකාරයක් ඔප්පු කරන්න යයිද කියන එක ගැන ධමීරට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ !

" විනාඩි විස්සකින් ලෑස්ති වෙලා පහළට එන්න "

ආපහු ස්වේන්ගේ වීදුරුව පිරෙන්නම වතුර වක්කරපු ධමීර ඒ විදිහට කියාගෙනම එයාගෙයි ස්වේන්ගෙයි පිගන් දෙකම අරන් පුටුවෙන් නැගිටිද්දි ස්වේන් ටිකක් කන්ෆියුස් වෙලා වගේ බලන් හිටියා . මොකද ඔය වගේ හැසිරීමක් කීයටවත් ධමීරගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව එයා හොදටම දැනගෙනයි හිටියේ , ඉතින් දෙවෙනි වතුර වීදිරුවත් එක හුස්මට බීලා ඉවර කරපු ස්වේන් එයාගේ සුපුරුදු ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කරන්න පටන් ගත්තා

" ඇයි ? "

" අම්මා කිව්වා අද ෆස්ට් ඩේ එක නිසා තමුසෙව ස්කුල් එක ගාවට ගිහින් දාන්න කියලා "

_______________________________________________________

ඉවරයි 😚

දවස් ගානක් පරක්කු වුණාට සමාවෙන්න guys , චුට්ටක් අසනීප වෙලා හිටියේ මේ ටිකේ 🥺 ඉක්මනටම එන්නම් ඊලග chapter එක අරන් !

Thankyou ❤

⚠️️ This story is not based on real-life events, and it has no connection to any living individuals !
⚠️️ All the photos used in this are also unrelated to real-life individuals

Ruᡣ𐭩
4/7

Comment