02

ධමීර උඩට ගියත් හරි එතනින් එහාට පැයක් විතර යනකන්ම ඒ මනුස්සයා ආපහු පහළට ආවේ නෑ , හැබැයි ඕකට ශාරධා මැණිකේ වගේම ස්වේනුත් හිටියේ 'තමන්ගේ ගෙදරට අමුත්තෝ ආවාම හැසිරෙන්නේ මෙහෙමද?' කියන කාරණය යටතේ ටිකක් කේන්ති ගිහින් . ඒ අතරේ කෙනුල් & රඛිත් දෙන්නා බැරෑරුම් විදිහට එක එක දේවල් ගැන කතා කරද්දි ස්වේන් ඒ ඔක්කොම අහන් හිටියා , ස්වේන් කියන්නෙත් එක්තරා විදිහට ටෝක'ටිව් මනුස්සයෙක් වුණාට අද නම් එයාගේ කටත් පොඩ්ඩක් අගුල් වැටිලයි තිබුණේ

ස්වේන් & රඛිත් දෙන්නා වලව්වට ආවේ දවල් කෑම වෙලාව ළං කරලා නිසා එයාලට ලන්ච් රෙඩි කරලද බලන්න යනවා කියලා ශාරධා මැණිකේ වැඩි වෙලාවක් නොඉදම සාලෙන් යන්න ගියා , ඒ අතරේ කෙනුලුත් ආපහු සැරයක් ධමීරට කෝල් එකක් අරන් 'නාගෙන පහළට වරෙන් මිනිහෝ!' කියලා කෑගහලා කලින් විදිහට ආපහු රඛිත් එක්ක කතාවට වැටුණා . හැබැයි , ස්වේන් නම් තාමත් එක වචනයක්වත් කතා කලේ නෑ

රඛිත් කීප සැරයක්ම එයාව කතාවට අල්ල ගන්න හැදුවත් ඒ හැම වෙලාවකම ස්වේන් වචන දෙක තුනකින් රඛිත්ට රෙස්පොන්ස් කලා , ඔය විදිහට වෙලාව ගෙවිලා යද්දි ධමීරත් වොශ් එකක් දාගෙන පහළට ඇවිල්ලයි හිටියේ . එයත් අර දෙන්නගේ කතාවට එකතු වෙලා බොහොම සාමාන්‍ය විදිහට ඉද්දි ස්වේන් පොඩි හරි සද්දයක්වත් නොකර බිස්නස් ගැනයි , තේ වතු ගැනයි , කැම්පස් ගැනයි , හොස්පිට්ල් එකේ ලෙඩ්ඩු ගැනයි අර තුන්දෙනා කියවන ඔක්කොම දේවල් ටික අහගෙන ඔහේ වාඩි වෙලා හිටියා

ඒ අතරේ තමයි ශාරධා මැණිකේ සාලෙට ඇවිත් එයාලා ඔක්කෝටම කෑම කන්න එන්න කියලා කිව්වේ , ඉතින් ඒ හතරදෙනාම කෑම කාමරේට ගිහින් අත් සෝදලා වාඩි වෙන්න යද්දිත් කෑම මේසේ පිරෙන්න තිබුණේ සිංහල ක්‍රමේට හදපු එක එක ජාතියේ කෑම ගොඩක් . සුදු කැකුළු බත් එක්ක , මාළු ඇඹුල් තියල් , පොළොස් , බටු මෝජු , බෝංචි , කජු මාලුව , අච්චාරු , පපඩම් අරවා මේවා ගොඩක් එක්ක ඒ කෑම මේසේ ලෑස්ති කරලා තියෙද්දි ඒ ගොඩටම තව නූඩ්ලස් bowl එකකුත් එකතු කරලා තිබුණා

හැමදාම වලව්වේ ඉන්න ධමීරට නම් ඉතින් ඒ කෑම වේල හරිම සාමාන්‍ය කෑම වේලක් , හැබැයි එතන හිටපු අනික් අයට ඒක එහෙම වුණේ නෑ . රඛිත් & කෙනුල් දෙන්නා නම් හොදට බෙදාගෙන කෑවත් ස්වේන් නම් තමන්ගේ ප්ලේට් එකට අරන් තිබුණේ නූඩ්ලස් , ඒක දැකපු ශාරධා මැණිකේ එයාට බත් එහෙමත් ගන්න කියලා කීප සැරයක්ම කිව්වත් ස්වේන් කෑවේ නූඩ්ලස්ම විතරයි

ඒත් ටිකකින් රඛිත් බලෙන්ම වගේ සුදු බතුයි කජු වලින් ටිකකුයි එයාගේ ප්ලේට් එකට බෙදලා ඒකට උඩින් පපඩම් කෑල්ලකුත් ගහලා 'කාපන්!' කියලා ස්වේන් දිහා ඔරවලා බැලුවා විතරයි ස්වේන් බබා වගේ බත් කන්න ගත්තා , ඒ විදිහට මුලදි මැරුවත් බත් කන්නේ නෑ සීන් එකේ හිටපු ස්වේන්ට ටික වෙලාවකට පස්සේ කජු මාලුවේ තිබුණ ක්‍රීමි ගතිය හොදට හිතට අල්ලලා ගියා

ශාරධා මැණිකෙටත් එයාලා එක්කම වාඩි වෙලා කමු කියලා කෙනුල් කිව්වත් එයා තව ටිකකින් කන්නම් කියලා කියපු ශාරධා මැණිකේ කෑම මේසේ අඩු පාඩු බල බල එහෙට මෙහෙට ගියා , වෙනදට කෑම මේසේ අඩු පාඩු බලන එක සිරියා කලාට මොකක්දෝ මන්දා හේතුවකට අද ශාරධා මැණිකේ ඒ ඩියුටි එක තමන්ටම පවරන් තිබුණා . ස්වේන්ට මාළු කෑල්ලක් බෙදන්න හදලත් 'මේ පුතාට සැර කන්න බැරුව ඇති!' කියලා අනික් පැත්තට කජු වලින් ටිකක්ම එයාගේ ප්ලේට් එකට දාද්දි මේසේ වටේට හිටපු හැමෝම ස්වේන් දිහා බලලා නෝන්ඩි හිනාවක් දැම්මා

ඒ නෝන්ඩි හිනාව දැකපු ස්වේන්ට 'මට සැර කන්න පුළුවන්!' කියන එක හයියෙන් කියන්න ඕනේ වුණත් එයා අනික් පැත්තට ශාරධා මැණිකේ එක්ක කට ගහගෙන ගියේ නෑ . ඇත්තටම ඉතින් , එතන තිබුණේ ස්වේන්ට සැර කන්න බැරිකමක් නෙවෙයි . ඒක සම්පූර්ණයෙන්ම බත් කන්න ස්වේන්ට තිබුණ කම්මැළිකම !

ඔය විදිහට හතරදෙනා එක්ක බත් කාලා ඉවර වෙද්දි එයාලට කන්න අතුරුපස එහෙමත් සිරියා ලෑස්ති කරලා තිබුණා . එතනත් අයිස්ක්‍රීම් , වටලප්පන් , කෙසෙල් ගෙඩි අරවා මේවා ගොඩක් තිබුණත් ස්වේන්ගේ අවධානේ ගිහින් තිබුණේ ජෙලි කර්ඩ් පුඩින් එකකට . එයා ඒකෙන් ටිකක් විතරක් ඩෙසර්ට් කප් එකට දාන් අනිත් අය හිටපු තැනින් ගිහින් වාඩි වුණා විතරයි ලොකු වටලප්පන් හැන්දක් කටට දාගෙන ඒක කාලා ඉවර කරපු කෙනුල් එකපාරටම ස්වේන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා , හැබැයි ඒ ප්‍රශ්නේ නම් ස්වේන් කීයටවත් බලාපොරොත්තු වුණ ජාතියේ එකක් නෙවෙයි !

" ඉතින් ස්වේන් , ආපහු circuit එකට යන්න අයිඩියා එකක් එහෙම නැද්ද ? "

" ක්හම්..ක්...ක්හැම්...ක්ක්.. ක්හම් "

" හා හා , හිර කරගන්නැතුව කන්න "

තමන්ගේ ඉස්සරහා තිබුණ පුඩින් කප් එකට විතරක් අවධානේ දීලා ඒකෙන් පළවෙනි කට කාලා හිටපු ස්වේන්ට ඒ ප්‍රශ්නේ ඇහුණත් එක්කම කකා හිටපු ඒවත් එකපාරටම ඉස්පොල්ලේ ගියා , ඒ වෙලාවේ රඛිත්ගේ මූනේ නම් තිබුණේ 'මම උඹට ඕක කිව්වා' වගේ බැල්මක් වෙද්දි කෙනුල් හිනා වෙන ගමන්ම ස්වේන්ගේ පිටට තට්ටු කරන්න ගත්තා . හැබැයි ඒ වෙනකන්ම ස්වේන් හිතන් හිටියේ එයා කවුද කියන එක තාම කවුරුත් අදුර ගත්තේ නෑ කියලා , ඒ වුණාට දැන් කෙනුල් එයාගෙන් කෙලින්ම circuit එකට යන්නැද්ද කියලා අහද්දි ස්වේන්ට ගොඩක් පුදුමත් හිතුනා

" ඔයාලා දන්නවද ? මෙච්චර වෙලා දැනගෙනද හිටියේ ? "

ස්වේන් එයාගේ දුඹුරු පාට ඇස් දෙකත් ලොකු කරන් ඒ විදිහට ප්‍රශ්න අහද්දි ස්වේන්ගේ බැල්ම එකපාරටම ගිහින් ධමීරගේ මූනේ නතර වුණා , ඒක දැකපු ධමීරත් කට කොනින් හිනා වෙලා එයාගේ මූන දිහාම බලන් ඉද්දි ස්වේන් තමන්ට ඉස්සරහින් තිබුණ හිස් අවකාශෙට එරෙව්වා . ඒ අතරේ තමයි කෙනුල් එයාලා ස්වේන් කියන්නේ කවුද කියන එක දැන ගත්ත විදිහ ගැන විස්තර කරන්න පටන් අරන් තිබුණේ , හැබැයි එයා ඒ දේවල් කියද්දි ධමීර එකපාරටම ඒ කතාව මැදට පැන්නා

" ලොකු සර් නම කියපු ගමන් අපිටත් මීටර් වුණේ නෑ , ඒත් පස්- "

" මෙහේ ඉන්නේ ගමෙන් එළියේ වෙන්න මොනවද කියලා දන්නැති බයියෝ ටිකක් කියලද හිතන් හිටියේ ? "

ධමීර ඒක කෙලින්ම ඇහුවේ ස්වේන් දිහා බලාගෙන අහද්දි රඛිත්ගේ කටින් නම් ලොකු හිනාවක් එළියට පැන්නා , මොකද එයා මග දිගටම ඕක ගැන ස්වේන්ට කිව්වත් තියෙන පණ්ඩිතකමට ස්වේන් ඒ මුකුත් කනකට ගත්තේ නෑ . ඒ අස්සේ ධමීරයි ස්වේනුයි දෙන්නා මූනට මූන බලන් ඔරවන්න පටන් අරන් ඉද්දි සාමයේ දූතයා වෙච්ච කෙනුල් ආපහු සීන් එකට එන්ටර් වුණා , එයා ටිකක් අවවාදාත්මක කටහඩකින් 'ධමීර !' කියලා කිව්වා විතරයි ස්වේන් දිහා බලන් ඔරවන එක නතර කරපු ධමීර සොරි කියන ගමන්ම එයාගේ අයිස් ක්‍රීම් එක කප් එක දිහා බලාගත්තා

" Okay okay bro , Sorry ! No Offense ! "

" Non taken ! "

ස්වේනුත් අනිත් පැත්තට එහෙම කියලා එයාගේ ඩෙසර්ට් කප් එක දිහා බලන් ඔරවද්දි ඒ කතාව මැදට පැනපු රඛිත් ශේප් එකේ කතා කරන්න ගත්තා , මොකද එයා දැකපු විදිහට ස්වේනුත් දැන් ඉන්නේ ටිකක් කේන්ති ගිහින් . ඒ නිසාම ස්වේන් අනික් පැත්තට වෙන මුකුත් කියන්න කලින්ම රඛිත් ඒ විදිහට කතා කරද්දි ධමීරත් හරිම නෝමල් විදිහට එයා එක්ක කතා කලා , අනික ධමීර කියපු කතාවෙත් පොඩි ඇත්තක් නොතිබ්බෙත් නෑ . මේ කාලේ හැටියට එහෙම කාව වුණත් ලේසියට කාගෙවත් ගෙදරක නවත්තගන්නවා කියන්නෙම ටිකක් ලොකු රිස්ක් එකක් ගනාවා වගේ දෙයක් !

" අපි ඇත්තටම හිතුවේ නෑ ස්වේන්ව අදුරන කවුරු හරිම මෙහෙ ඉදියි කියලා "

" මෙහෙට කවුරු හරි නවතින්න ඉද්දි බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් නොකර බෑනේ රඛිත් ? You know what I mean ! "

" I know i know , පරණ වලව්නේ ! "

රඛිත් එහෙම කියන ගමන්ම හිනා වෙද්දි ධමීර වගේම කෙනුලුත් ඒ හිනාවට එකතු වුණා , හැබැයි ස්වේන් නම් ඒ වෙලාවෙත් එයා ඉස්සරහා තව තුන්දෙනෙක් නැති ගානට තමයි හැසිරුණේ . ඒ අතරේ ධමීරත් රඛිත් එක්ක බරටම කතාවට වැටුණා , ස්වේන් එහෙම ලේසියකට කතා බහා නොකලත් රඛිත් කියන්නේ ඒකට හරියන්නම ඉන්න එක්තරා විදිහක චැටර් බොක්ස් එකක් . ඉතින් , ආපහු සැරයක් කට්ටියම ඒ ඒ කතාවල් එක්ක බිසී වෙද්දි ස්වේන් පාඩුවේ පැත්තකට වෙලාම හිටියා

" රඛිත් මොන බිස්නස්ද කරනවා කිව්වේ ? "

" තේ , ශ්‍රී ලන්කන් ටී වලට තියෙන ඩිමාන්ඩ් එක ඕහ් වාව් ! මෙහේ ගල්ගේවත්ත හරියේ තේ වත්තක් විකුණන්න දාලා තිබුණා , මන් මාස ගාණකට කලින් ඒක බලන්නත් ආවා "

බිස්නස් කතා ටික පැය කාලකට පස්සේ ඉවර වෙද්දි ස්වේන් කෙසේ වෙතත් අනිත් තුන්දෙනා නම් ගානට සෙට් වෙලා තිබුණා , ඇත්තටම ධමීරගෙන්වත් ශාරධා මැණිකේගෙන්වත් මේ වගේ සැලකිලි කිසිම දෙයක් රඛිත් බලාපොරොත්තු වෙලා තිබුණේ නෑ . මොකද , ගොඩක් වෙලාවට වලව්වක් කිව්වාම කෙලින්ම මතක් වෙන්නේ පුහු මාන්නෙන් පිම්බිලා ඉන්න සාම්ප්‍රදායික සෙට් එකක්ව . ඒ වුණාට දේවරාජ වලව්වේ තිබුණ තත්වේ ඊට වඩා ගොඩක් වෙනස් එකක් , ධමීර වුණත් මුලදි ඩෝන්ට් කෙයාර් සීන් එකේ හිටියට පස්සේ රඛිත් එක්ක වුණත් හොදට කතා බහා කලා

" සීරියස්ලි ධමීර , අපි මෙහෙම සිටුවේශන් එකක් එක්ස්පෙක්ට් කලේ නෑ . අයි මීන් , වලව්කාරයෝ කිව්වාම වෙනම ලෙවල් එකක්නේ . But , you guys are super friendly ! "

" ඕවා ඔලුව උඩ තියාගෙන දැන් කාලේ ජීවත් වෙන්න බෑ  ! "

රඛිත් දිහා බලාගෙනම එහෙම කියපු ධමීර එකපාරටම එයාගේ අත ගාවම තිබුණ පේපර් සේවියට් බොක්ස් එකෙන් එකක් අරගත්තා , ඊටපස්සේ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඒක ස්වේන්ට දීලා කට වටේ පිහිදගන්න කියලා අතින් පෙන්නපු ධමීර එයාගේ ඩෙසර්ට් කප් එකයි හැන්දයි අරන් කෑම මේසෙන් නැගිට්ටා . කෙනුල් කට තද කරගෙන එයාගේ හිනාව නවත්තන් ඉදන් රඛිත් නම් ස්වේන්ගේ හොදම යාළුවා විදිහට දාන්න පුළුවන් උපරිමම බලු හිනාව ස්වේන්ට දාලා එයත් කෑම මේසෙන් නැගිටලා ගියා

එතනින් පස්සේ ධමීරයි කෙනුලුයි දෙන්නා පොඩි ප්‍රයිවට් කතාවකට බිසී වෙද්දි ස්වේන් & රඛිත් දෙන්නා පොඩ්ඩකට වලව්වෙන් එළියට ඇවිත් ලොකු නා ගහක් යට හදලා තිබුණ බංකුවක් ගාව නැවතුණා . ධමීර හිතපු තරම් අවුල් ඩයල් එකක් නොවිච්ච නිසා ස්වේන්ට ප්‍රශ්නක් නැතුව ඉස්සරහා මාස ටික එහෙට වෙලා ඉන්න පුළුවන් වෙයි කියන විශ්වාසේ ඒ වෙද්දි රඛිත්ට ඇවිල්ලයි තිබුණේ , අනික දැන් ධමීරත් ස්වේන් කියන්නේ කවුද කියලා හරියටම දන්න නිසා මොනාහරි වුණත් බය වෙන්න දෙයක් නෑ කියලා රඛිත් හිතාගත්තා

'ධමීර එක්ක ශේප් එකේ ඉන්න' යැයි යැයි ගගා රඛිත් ස්වේන්ට උපදෙස් පත්‍රිකාවක්ම දෙද්දි එයා ඒ ඔක්කොමත් පාඩුවේ අහන් හිටියා , අඩුම තරමේ වෙනදා වගේ අනික් පැත්තට ඒ කියන ඒවට උත්තර දෙන්නවත් ස්වේන් උනන්දු වුණේ නෑ . ඒක නිකන් හරියට ඒ මුළු කාලේ පුරාවටම ස්වේන් වෙනම හීන ලෝකෙක හිටියා වගේ එකක් , නා ගස් හෙවණට වෙලා හිටපු ස්වේන් ඇත්තටම හිටියේ ලොකුම ලොකු කල්පනාවක !

ටිකකින් ධමීර එක්ක එයාගේ කතාව ඉවර කරපු කෙනුල් කාර් කී එකත් වන වනම වලව්වෙන් එළියට ආවා , කෙනුල් වැඩ කලේ විලතැන්න ටවුන් එකේ තිබුණ හොස්පිට්ල් එකේ වෙද්දි එයා නැවතිලා හිටියෙත් ඒ හරියෙම තිබුණ ගෙදරක උඩ තට්ටුවේ . හැබැයි එයා වැඩි කාලයක් ගත කලේ හොස්පිට්ල් එකේ වෙද්දි කෙනුල් අද නම් වලව්වට ආවේ ධමීර එක්ක පොඩි පෞද්ගලික කතාවක් කරන්න , ඉතින් ඒ වැඩ ටික ඉවර කරගත්ත ගමන් නයිට් ශිෆ්ට් එකට පරක්කු නොවීම ආපහු හොස්පිට්ල් එකට යන්න කෙනුල්ට ඕන වුණා

ඒත් ඊට කලින් කෙනුල් එයාලා ගාවට ඇවිත් රඛිත්ට 'අදම කොළඹ යනවා නම් දැන්ම ගියොත් හොදයි!' කියලා කිව්වත් එක්කම තමනුත් දැන්ම ගියා නම් හොදයි කියන අයිඩියා එක රඛිත්ගේ ඔලුවට ආවා , රෑ වෙලා තමන්ට ෆැමීලියර් නැති පාරක ඩ්‍රයිව් කරන් ආපහු කොළඹ යන්න එයාට කොහොමත්ම උවමනාවක් තිබුණේ නෑ

අනික , රඛිත්ට මිස් කරගන්නම බැරි මීටින්ග්ස් දෙකකුත් හෙට දවසට ශෙඩියුල් කරලයි තිබුණේ , ඉතින් කෙනුල් යද්දිම එයාගේ පස්සෙන් විලතැන්න ටවුන් එකටම ගියා නම් හරි කියන එක එද්දි පාර දෙපැත්තේ සිරි නරඹ නරඹ ආවා මිසක් ආපු පාරක් තොටක් මතක තියාගන්න උනන්දු නොවිච්ච රඛිත් හිතාගත්තා

"  මචං , මාත් කෙනුලයා එක්කම ටවුන් එකට යනවා . හෙට ඩැඩා මීටින්ග්ස් වගයක් දාලනේ , සෝ මට ඒවට ඉන්නම වෙනවා . මන් ආන්ටිට කියලා එන්නම් , මෙතනින් ඉදපන් ! "

ස්වේන්ව එතන නතර කරලා රඛිත් ආපහු වලව්ව ඇතුලට යද්දි 'මාත් ආන්ටිට යනවා කියලා එන්නම්' කියපු කෙනුලුත් වලව්ව ඇතුලට ගියා , ඒ වෙලාවේ මිදුලේ ඉතුරු වුණේ ස්වේන් & ධමීර දෙන්නා විතරක් වුණත් ඒ දෙන්නා අතර එක වචනයක්වත් හුවමාරු වුණේ නෑ . විනාඩි ගානකට පස්සේ ශාරධා මැණිකේ එයාට ගුඩ් බායි කියන්න ආපු කොල්ලෝ දෙන්නත් එක්කම එළියට ආවා , එතනත් ආපහු විනාඩි ගානක චැට් එකක් දාපු රඛිත් ස්වේන්ව පොඩ්ඩක් එහාට කරන් එයා එක්ක අන්තිම පාරටත් කතා කරලා ස්වේන් පුතාට අවවාද ටිකක් දුන්නා 🤣

" උඹට ආපහු ගෙදර යන්න ඕනේ කියලා හිතුණට කමන්නෑ , එන්න ලෑස්ති වෙන්නෙපා . ධමීරයා මට විකුණන්න තියෙන තේ වත්තක් සෙට් කරලා දෙන්න යන්නේ , අමාරුවෙන් හරි කාගෙන ඉදපන් ඒ නිසා "

" එන්න කලින් කිව්වේ කොහොමද ? ඌ ෆක් බෝයි කෙනෙක් කිව්වා , තව මොකක්ද හු#ත- "

" ආයිශ් ! කට වහගනින් , මන් මනුස්සයව කලින් දැනන් හිටියේ නෑනේ . හරි හරි , මට පරක්කු වෙනවා දැන් . පරිස්සමින් ඉදහන් කොල්ලෝ , මොනාහරි තිබ්බොත් කෝල් එකක් දාපන් . එච්චරයි ! "

ස්වේන්ට හග් එකකුත් දීලා අන්තිමට පිට පැලෙන්න පාරකුත් ගහලා එහෙම කියපු රඛිත් යන්න මොහොතක් තියලත් 'ධමීර එක්ක අවුලක් දාගන්න එපා' කියලා අනතුරු ඇගෙව්වා , මොකද දැන් කොයිතරම් නිවිලා හිටියත් ස්වේන් කියන්නේ මොන වගේ ගිනි බෝම්භයක්ද කියන්නේ කියන එක රඛිත් හොදටම දැනන් හිටියා . ඉතින් , තව එකපාරක් ස්වේන්ට සයිඩ් හග් එකක් දීලා එයාට පරිස්සමින් ඉන්න කියපු රඛිත් කාර් එකට නැගලා දොර වහගනිද්දිම වගේ කෙනුල් එයාලට අතත් වනාගෙනම එයාගේ කාර් එක ස්ටාර්ට් කරගත්තා

කෙනුල්ගේ කාර් එක පිටිපස්සෙන් යන රඛිත්ගේ කාර් එක නොපෙනී යනකන් ඒ දිහා බලන් හිටපු ස්වේන්ට එච්චර වෙලා කච කච ගගා ඉදලා රඛිත් ඒ විදිහට ගෙදර යන්න ගියාම ලොකු පාළුවක් දැනුණා , අද ඉදන් තව මාස හයක් යනකන් එයාට මේ වලව්වට වෙලා අදුරන කවුරුත් නැතුව තනියෙන් ඉන්න වෙනවා කියන එක මතක් වෙද්දි ස්වේන්ට ලෝකෙම එපා වෙලා ගියත් දැන් එයාට ගත්තු කිසිම තීරණයක් ආපහු අනික් පැත්ත හරවන්න බෑ . ඉතින් , එයා ඕන දේකට ෆේස් කරලා තමන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම විසදන් ආපහු එන්ග්ලන්ඩ් වලට යනවා කියන එක කල්පනා කර කර ඉද්දිම ස්වේන්ට ධමීරගේ ගැඹුරු කට හඩ එයාගේ පිටිපස්සෙන්ම වගේ ඇහුණා

" ඔතනට වෙලා බලන් හිටියා කියලා ගිය එකා ආපහු එන්නෑනේ , ගේ ඇතුලට එන්න "

එහෙම කියපු ධමීර ස්වේන් ඒකට උත්තරයක් දෙන්න කලින්ම ආපහු වලව්ව ඇතුලට යද්දි ස්වේන් ගාවට ආපු ශාරධා මැණිකේ එයාගේ ඔලුව අත ගෑවා , ඊටපස්සේ එයා ස්වේන්ට එයාලා ලෑස්ති කරපු කාමරේ බලන්න යමු කියලා කියන ගමන්ම ශාරධා මැණිකේ ස්වේන්වත් එක්කන් වලව්ව ඇතුලට ආවා . ඊටකලින් , සේනට ස්වේන්ගේ සූට්කේස් ටික උඩට අරන් එන්න කියන්නත් එයා අමතක කලේ නෑ . ඉතින් , ස්වේනුත් එයාගේ ලැප් ටොප් එකයි අනික් අවශ්‍යම දේවල් ටිකයි දාලා තිබුණ බැක් පැක් විතරක් අරන් ශාරධා මැණිකේ පිටිපස්සෙන් පඩිපෙළ නැගලා එයාගේ කාමරේට යන්න ගියා

" එයා එහෙම තමයි පුතා , ඔයා ගණන් ගන්නෙපා . එන්නකෝ මම ඔයාට කාමරේ පෙන්නන්න යන්න , සේනට කියමු මේ සූට්කේස් ටික අරන් එන්න කියලා "

" වලව්ව හරි ලස්සනයි ආන්ටි , මොඩර්න් ටච් එක නිසා මාරම ලුක් එකක් ඇවිත් තියෙන්නේ "

" අපේ පොඩි පුතාගේ වැඩ තමයි දරුවෝ ඕවා නම් , ඔයා දකින්න ඕනේ එයාගේ කාමරේ . පෝරිසාදයා කාමරේ ඇතුලේ වෙනම ගෙයක් හදන් ඉන්නේ ! "

ශාරධා මැණිකේ එහෙම කියන ගමන්ම පඩිපෙළ නැගලා උඩ තට්ටුවේ තිබුණ කාමර පේලියක් පහු කරන් ගිහින් එක දොරක් ගාව නතර වුණා , එයා එහෙම කිව්වට 'කාමරේ ඇතුලේ වෙනම ගෙයක්' කියන එකේ තේරුම නම් ස්වේන්ට තේරුම් ගන්න බැරි වෙලයි තිබුණේ . ඉතින් , ස්වේන් ඔය ගැන කල්පනා කර කර ඉද්දිම වගේ එච්චර වෙලා පේන්නවත් හිටපු නැති ධමීර එකපාරටම එතනට කඩා පාත් වුණා . ඒකත් හිස් අතින් නෙවෙයි , ස්වේන්ගේ සූට්කේස් එකකුත් ධමීරගේ අතේ තිබුණා

පඩිපෙළ දිගේ උස්සන් ආපු සූට්කේස් එක තාමත් ඇරපු නැති කාමරේ දොර ගාවින් තියපු ධමීර ආපහු එයාගේ රූම් එකට යන්න ගියත් ඊට කලින් ශාරධා මැණිකේගෙන් ටිකක් ප්ලේෆුල් විදිහට ප්‍රශ්නයක් ඇහුවා , ඒ වුණාට ඔය කාමරේ පෙන්නන්න කියන එකෙන් තමන්ගේ අම්මා අදහස් කරන්නේ මොකක්ද කියන එකත් ධමීර ඒ වෙද්දිත් දැනගෙනයි හිටියේ !

" මගේ කාමරේ මොනාද අම්මා ඔච්චර බලන්න තියෙන්නේ ? "

" පස්සේ වෙලාවක මල්ලිට ඔයාගේ ගුහාව පෙන්නන්න ධමීර , මේ දරුවත් ආස වෙයි "

ශාරධා මැණිකේ එහෙම කියද්දි ස්වේන් නිකමට වගේ පිටිපස්ස හැරිලා ධමීරගේ මූනේ ඒ වෙලාවේ තියෙන්නේ මොන වගේ ලුක් එකක්ද කියලා බැලුවා . එවෙලේ ශාරධා මැණිකේ 'මල්ලි' කියලා ස්වේන්ට කියපු නිසාමද මන්දා ධමීරගේ මූනේ තිබුණේ මහා නෝන්ඩි හිනාවක් . ධමීරට හීනියට ඔරවපු ස්වේන් ආපහු සැරයක් අහක බලාගනිද්දි එයාට එක දෙයක් නම් ඩෙඩ් ශුවර් වුණා , ඒ තමයි ධමීර ආර්‍යවර්ධන එහෙම ලේසියකට රූම් එක තමන්ට පෙන්නනවා තියා ඇතුලටවත් ගන්න එකක් නම් නෑ කියන එක !

එයාගේ සූට්කේස් අතර තිබුණ බරම බ්ලැක් කලර් සූට්කේස් එක උඩට උස්සන් ආවට ධමීරට තෑන්ක්ස් කරන්න ස්වේන්ට ඕන වුණත් ඒ වෙද්දිත් ධමීර එතනින් අතුරුදන් වෙලයි හිටියේ , එයාගේ රූම් එක තිබුණෙත් ඒ තට්ටුවේම නිසා ධමීර රූම් එකට යන්නැති කියලා කියපු ශාරධා මැණිකේ එයාලා ස්වේන්ට ලෑස්ති කරපු කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා . ඉතින් , ස්වේනුත් එයාගේ අතේ තිබුණ බැක් පැක් එකයි ධමීර උඩට අරන් ඇවිල්ලා තිබුණ සූට්කේස් එකයි දෙකම අරන් ශාරධා මැණිකේ පිටිපස්සෙන්ම රූම් එක ඇතුලට ඇවිත් හොදට වටපිට බලන්න ගත්තා

" මේක තමයි ඔයාට අපි ලෑස්ති කරපු කාමරේ පුතා , හොදයිද බලන්නකෝ . වයසක අපිට දැන් හැමනිතරම කොන්දේ කැක්කුම් අල්ලනවනේ , ඉතින් මන් නම් වැඩිය මේ තට්ටුවට එන්නෑ . ඔයාට මොනාහරි ඕනේ වුණොත් අපේ ධමීරට කියන්නකෝ , නැත්තන් පහළ ඉන්න කාටහරි කිව්වත් කමන්නෑ "

" හරි ආන්ටි , තෑන්ක් යූ සෝ මච් "

ශාරධා මැණිකේට ස්තූති කරපු ස්වේන් ආයෙත් සැරයක් එයා තව මාස හයක් ඉන්න බලාපොරොත්තු වෙන රූම් එක පුරාම ඇස් අරන් ගියා , ඒ රූම් එකටත් පොඩි මොඩර්න් ටච් එකක් දීලා තිබුණ නිසාමද මන්දා ඒ තිබුණ දේවල් දැනටමත් ස්වේන්ගේ හිතට අල්ලලා ගිහින් තිබුණා . එක අතකට ගුරු නිවාසේ වෙනුවට තමන්ට දේවරාජ වලව්වෙන් නවාතැන් ගන්න ලැබුණ එක ගැන ස්වේන් හිටියේ ටිකක් සතුටින් !

ස්වේන්ට ලැබුණ රූම් එකේ බිත්ති ඔක්කොම සුදු පාටින් පාට කරලා තියෙද්දි රූම් එක මැදටම වෙන්න තිබුණේ වියන් ලොකු වියන් ඇදක් , ඒ වගේම ඇදට උඩින් බිත්තියේ රාමු කරපු පින්තූර දෙකකුත් එල්ලලයි තිබුණේ . ඊට අමතරව , සුදු ලාම්පු ආවරණයක් තියෙන මේස ලාම්පු දෙකක් ඇද දෙපැත්තෙන් තිබුණ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තියෙද්දි ඇද පාමුල කැටයම් කපපු ලී බංකුවකුත් තියලා තිබුණා

වියන් ඇදට වම් පැත්තට වෙන්න සංකීර්ණ කැටයම් තිබුණ හොදට ඔප දාපු ලී අල්මාරියක් වගේම ඊට එහා පැත්තෙන් තිබුණේ කුෂන් දෙකක් විතර තියලා තිබුණ ලී පුටුවක් . ඒ ලී පුටුව තිබුණේ ස්වභාවික ආලෝකය කාමරයට ඇතුලට එන විදිහට හදලා තිබුණ ලොකු කවුළුවක් ගාව වෙද්දි එතන රෙස්ට් කරන්න හොද තැනක් කියන එක ස්වේන්ගේ ඔලුවට ගියා , ඔය දේවල් දිහා බල බල හිටපු ස්වේන්ගේ අවධානේ එකපාරටම බිදලා දාන්න තාමත් රූම් එකෙන් නොගිය ශාරධා මැණිකෙට පුළුවන් වෙද්දි ස්වේන් එයා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා

" පුතාගේ අම්මා තාත්තා දෙන්නම මෙහේ අයද නැත්තන් - "

" මගේ තාත්ති මෙහේ , ශ්‍රී ලන්කන් . හැබැයි , මමා එහේ . මට නයින් ඉයර්ස් වෙනකන්ම අපි ශ්‍රී ලංකා තමයි හිටියේ , ඊටපස්සේ අපේ ෆැමිලි එකම එන්ග්ලන්ඩ් වලට ගියා "

" පුතාට ආපහු එන්න හිතුණේ ? "

" ශ්‍රී ලංකා ඇවිත් බලන්න ආස හිතුණා , සෝ ආවා "

ශාරධා මැණිකේ අහපු හැම ප්‍රශ්නෙකටම පුළුවන් තරම් කෙටි උත්තර දීපු ස්වේන් එයාගේ බ්ලැක් කලර් බැක් පැක් එක අතට අරන් ඒකේ තිබුණ බඩු වලින් එකින් එක ඇද උඩින් තියන්න ගත්තා , එයා ඒ විදිහට බෑග්ස් අස් කරද්දි ශාරධා මැණිකේ තව පොඩි පොඩි ප්‍රශ්න කීපයක්ම ස්වේන්ගෙන් ඇහුවත් එයා ඒවාටත් ශේප් එකේ උත්තර දුන්නා . අන්තිමේදි , රෑට කෑම ලෑස්ති කරලද බලන්න ඕනේ නිසා ශාරධා මැණිකේ පහළට යන්න ලෑස්ති වුණා . මොකද , ඒ වෙද්දිත් වෙලාව රෑ හතට වගේ වෙන්න ළං වෙලයි තිබුණේ

" හරි එහෙනම් අපි පස්සේ කතා කරමුකෝ , පුතා මේ බඩු ටික අස් කරගන්න . මම පහළට ගිහින් කාවහරි එවන්නද උදවුවට ? "

"තෑන්ක්ස් ආන්ටි , මම තනියෙන් අස් කරගන්නම් "

ස්වේන්ට ඕන විදිහට තනියෙන් රූම් එක අස් කර ගන්න ඉඩ ඇරපු ශාරධා මැණිකේ ආපහු පහළට ගියා , ඊටපස්සේ ඉණට අත් දෙකත් බැදගෙන තමන්ට අස් කරන්න තියෙන බෑග්ස් ටික දිහා තත්පර ගානක් බලාගෙන හිටපු එයා එතන තිබුණ ලොකුම බෑග් එක එළියට අරන් ඒකේ තිබුණ ඇදුම් ඔක්කොම රූම් එකේ මුල්ලකට වෙන්න තිබුණ කැටයම් කපපු අල්මාරියට ඔහේ එබුවා

තමන්ගේ ඇදුම් පිළිවෙලට නවලා අල්මාරියට දානවට වඩා ස්වේන්ට ඕනේ වුණේ සූට්කේස් ටික හිස් කරගන්න එක වෙද්දි එයා දිගින් දිගටම අතට අහු වෙන හැම ඇදුමක්ම ඔහේ අල්මාරි තට්ටු වලට ඔබලා දැම්මා , ඔය විදිහට පැයක් විතර යනකන් ඇදුම් එක්කයි සූට්කේස් එක්කයි බිසී වෙච්ච ස්වේන් සැරෙන් සැරේට පොඩි බ්‍රේක් එකක් එහෙමත් අරන් තමයි ඔය අස් කරන මිශ් එක කන්ටිනිව් කරන් ගියේ

විනාඩි දහයක් සූට්කේස් අස් කලොත් විනාඩි විස්සක් විතර නිකන් හිටපු ස්වේන් ටික වෙලාවකට පස්සේ එයාගේ ශූස් අනන් මනන් දාලා තිබුණ බෑග් එක අතට ගත්තා විතරයි එයාට කවුරු හරි දොරට තට්ටු කරන සද්දේ ඇහුණා . අතේ තිබුණ ශූ එකත් අරගෙනම දොර ගාවට ගිය ස්වේන් දොර ඇරලා ඒ කවුද කියලා බලද්දි එයා දැක්කේ අත් දෙකත් පපුවට බැදන් එයා දිහා කන්න වගේ බලන් හිටපු ධමීරව !

" ඇයි ? "

ධමීරව දැකපු ගමන් ස්වේන්ගේ කටින් 'ඇයි?' කියන ප්‍රශ්නේ එළියට එද්දි ඒකට කිසිම උත්තරයක් දෙන්න නොගිය ධමීර ස්වෙන්ගේ ඇගේ හැප්පීගෙනම එයාගේ රූම් එක ඇතුලට ආවා , තමන් ඇතුළට එන්න කියන්නත් කලින්ම ධමීර කඩාගෙන බිදෙගෙන රූම් එක ඇතුලට ආපු එක ගැන ස්වේන්ට ලාවට වගේ කේන්ති ගියත් තමන් දැන් ඉන්න වලව්වේ අයිතිකාරයට ඕවා කියන්න බැරි නිසා එයා 'දැනට' කට වහගෙන ඉන්න තීරණය කරලයි තිබුණේ

එක පියනක් විතරක් ඇරලා තිබුණ අල්මාරියේ තිබුණ අවුල් වෙච්ච ඇදුම් ගොඩයි , ස්වේන්ගේ අතේ තිබුණ සපත්තුවයි දිහා මාරුවෙන් මාරුවට බලපු ධමීරගේ මූනේ තිබුණේ ගොඩක් සන්සුන් බැල්මක් , මොකක්දෝ මන්දා හේතුවකට ස්වේන්ට ඒක ගොඩක් අන්කම්ෆටර්බල් වෙද්දි අතේ තිබුණ සපත්තුවත් අල්මාරියේ ඇදුම් අස්සටම ඔබපු ස්වේන් එයාගේ අනික් සූට්කේස් එක ගාවට යන්න ගියා . හැබැයි , ඊටකලින් ඉක්මන් වෙච්ච ධමීර කෙලින්ම ස්වේන්ගේ ඉස්සරහට ඇවිත් එයාගේ මුනට සමාන්තරව හිටගත්තා

" තමුසේ ඇයි නාගහවටුනට ආවේ ? "

තමන් පාඩුවේ රූම් එක අස් කර කර ඉද්දි කඩා පාත් වෙලා , ඇතුලට එන්න කියලා කියන්නත් කලින්ම රූම් එකට ඇවිත් දැන් තමන්ගෙන් ප්‍රශ්න අහන ධමීරගේ මූන දිහා තත්පර ගානක් බලන් හිටපු ස්වේන් එකපාරටම එයාට එරෙව්වා , ඒත් ධමීරගේ මූනේ තිබුණ කිසිම හැගීමක් එක දශමෙකින්වත් වෙනස් නොවෙද්දි ඉක්මනටම අහක බලාගත්ත ස්වේන් ධමීර එයාගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්න

" You already know the answer ! "

" No , I don't ! "

ධමීර බොහොම විශ්වාසවන්ත කට හඩකින් 'ස්වේන් නාගහවටුනට ආවේ ඇයි?' කියන ප්‍රශ්නෙට තමන් උත්තර දන්නෑ කියලා කියද්දි ඒකෙන් ස්වේන් ඉබේම අඩියක් පස්සට ගත්තා , ඒත් එක්කම ධමීරත් අඩියක් ඉස්සරහට තියලා ස්වේන්ගේ පැත්තට එද්දි ආපහු සැරයක් ධමීරගේ බැල්ම මග ඇරපු ස්වේන් එවෙලෙට නොගැලපෙනම ජාතියේ ප්‍රශ්නයක් අහලා දැම්මා . මොනා නැතත් , ඒ විකාර ප්‍රශ්නේ නිසා ධමීරවත් කන්ෆියුස් වෙලා ගියා 😂

" දැන් මම මෙහෙම පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වෙන්න ඕනෙද ? "

" Like in movies ? "

" Yup ! "

ඒ විදිහට ස්වේන්ගේ කටින් 'යප්' කියන වචනේ එළියට ආවා විතරයි එච්චර වෙලා මූන බකුසු කරන් හිටපු ධමීරගේ මූනේ චූටි හිනාවක් ඇදුණා , හැබැයි තත්පර ගානක් ඇතුලත ඒ හිනාව ආපහු හංග ගත්ත ධමීර එයාගේ සුපර් සීරියස් ලුක් එක මූනට අරන් ස්වේන් දිහාවට උදාසීන බැල්මක් දැම්මා . හැබැයි ,  ඒ වෙලාවේ ස්වේන්ගේ මූනේ තිබුණෙත් ධමීරට චැලේන්ජ් කරනවා වගේ උද්‍යෝගෙන් පිරිච්ච බැල්මක් . ධමීරට පොඩි හිනාවක් යන්නත් ඒක එක හේතුවක් වෙද්දි ස්වේනුත් කිසි ගානක් නැතුව එයා ඊලගට කියන්න යන්නේ මොනවද කියලා

" නෑ , එහෙම ඕන්නෑ . I prefer this way , ඔය බඩු ටික අස් කරලා ඩිනර් ගන්න පහළට එනවා "

එහෙම කියපු ධමීර අන්තිම පාරටත් ස්වේන් දිහාවට බැල්මක් දාලා රූම් එකෙන් එළියට යන්න ගියත් ස්වේන් ඒ වෙද්දි එයාගේ බැක් පැක් එකෙන් එළියට අරන් ඇද උඩින් තියලා තිබුණ එක්තරා දේකට ධමීරගේ අවධානේ ගියා , ඒ සැරේ ධමීර මොකක් කරයිද කියලා බලන් හිටපු ස්වේන්වත් පුදුම කරන ගමන්ම ඇද ගාවට ගිය ධමීර එතන තිබුණ නේම් ටැග් එකක් අතට අරගෙන ඒක දිහා හොදට බලන්න ගත්තා . ඒකේ ස්වේන්ගේ නම වගේම එයා ලංකාවේ උගන්නන්න හිතන් ඉන්න ස්කූල් එකේ නම විතරයි සටහන් වෙලා තිබුණේ , එහෙම එකේ දැන් ධමීර එච්චර උවමනාවෙන් ඒක දිහා බලන් ඉන්නේ ඇයි කියන කාරණේ ස්වේන්ටත් හිතා ගන්න බැරි වුණා

හැබැයි , වැඩි වෙලාවක් නොගිහින්ම එයාගේ හිතේ තිබුණ ප්‍රශ්නෙට උත්තරේ ධමීරගෙන් ස්වේන්ට ලැබුණා !

" S . අශේර්ය වේරගොඩ . Damn ! ඒ නම ලස්සනයි "
__________________________________________________

ඉවරයි 😪✔

WC : 3322

Happy Reading අනේව් 🥺❤

කතාව කියවන හැමෝටම tysm !

⚠️️ This story is not based on real-life events, and it has no connection to any living individuals !
⚠️️ All the photos used in this are also unrelated to real-life individuals

Ruᡣ𐭩
12/06

Comment