Part 15

"ඒයි යීබෝ..! නැගිටිනවා... ඒයී..!!"

සුවදායක නින්දක හිටිය යීබෝ ගැස්සිලා ඇහැරුනේ ශාන්ගේ කෑගැහිල්ලට පින්සිද්ධ වෙන්නයි..

"මං ඇහැරිලා ඉන්නේ.. හරි... මං ඇහැරුනා.."

කියමින් ඇදේ ඉදගත් යීබෝ දැක්කේ තමන් දෙස රවාගෙන බලන් ඉන්න ශාන්වයි..

"ඊයේ රෑ හොරු අල්ලන්න ගියාද.. මෙච්චර වෙලා නිදා ගත්තේ.."

"හොරු නෙමෙයි යකෙක්..!!"

ඊයේ රෑ සිද්ද වෙච්ච දේ මතක් කරමින් යීබෝ ශාන්ට උත්තර දෙද්දි කොල්ලා ඔලුව දෙපසට වැනුවේ විකාර යැයි කියමින්..

"අපි අට වෙනකොටවත් පිරමීඩය ලගට යන්න ඕන යීබෝ.. දවල් වෙනකොට ඕවා බලන්න හරි අමාරුයි කියලා ට්‍රැවල් සයිට්ස් වල කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා.."

"ම්ම්... හරි.. අපි තව පැය භාගෙකින් යමු.."

කියමින් යීබෝ බාතෲම් එකට ගියේ කාලය නාස්ති නොකර ලෑස්ති වෙන්නයි..
අවසානයේ දෙන්නත් එක්ක ලෑස්ති වෙලා කාලා බීලා ගීසා පිරමීඩය ලගට එනකොට උදේ අටට ලං වෙලා තිබ්බා..

තරමක තද හිරු රශ්මියක් තිබුන නිසා කොල්ලෝ දෙන්නම හොදින් ආවරණය වුන ඇදුම් ඇදගෙන ඇවිත් තිබුනා..
පිරමීඩය වටේ වගේම සංචාරකයන්ට ඇතුල් වෙන්න පුළුවන් සීමාව දක්වා ගිය කොල්ලෝ දෙන්නා එකොලහට විතර ආයෙත් කයිරෝ අගනුවරට එන්න පිටත් වුනා..

සාම්ප්‍රදායික ඊජිප්තු දිවා ආහාරයක් රස වින්දට පස්සේ සෙනග පිරුණු කඩවීදි දිගේ දෙන්නා එක්ක ඇවිදගෙන ගියේ විකුණන්න තිබූ නානාප්‍රකාර විසිතුරු බඩු නරඹමින්..

ඊජිප්තු කෞතුකාගාරයත් පුරාවිද්‍යා අංශය අතර වීදියේ ඇවිද යද්දි එකපාරටම ඇතිවුන තදබදයත් එක්කම කොල්ලෝ දෙන්නට වෙන් වෙලා යන්න සිද්ද වුනා..

"ශාන්...!"

"ශාන්...!!"

සෙනග අතර තෙරෙපෙමින් යීබෝ ශාන්ව හොයාගන්න උත්සාහ කලත් ඒක සාර්ථක වුනේ නැහැ..

"ශිට්.. අනේ මේ කොල්ලා..!"

ඊජිප්තුව ගැන කිසිම දෙයක් නොදන්න ශාන් ගැන යීබෝට ඇති වුනේ අසීමිත බියක්..

තවත් විනාඩි කිහිපයක් මිනිස්සුන්ගේ ඇගේ වැදි වැදි ශාන්ව හෙව්වත් කොල්ලා හෝඩුවාවක් නොතියාම අතුරුදහන් වෙලා තිබුනා..
පෙර දින දැක්ක අමුතු හීනයත් මේ වෙලාවේ යීබෝගෙ මතකයට ආවේ කොල්ලව තවත් අවුලෙන් අවුලට පත් කරමින්..
දැනටමත් ශාන් අතුරුදහන්ව පැය භාගයකටත් වඩා වැඩි නිසා යීබෝ තීරණය කලේ කයිරෝ නුවර සංචාරක පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කරන්නයි..

කලබලයෙන් ටැක්සියක් නතර කරන්නට උත්සාහ කල කොල්ලට ඇහුනේ තමන්ගේ නම කියමින් කෑගහන සද්දයක්..

"ශාන්..!!"

මිනිස්සු ඇගේ හැපි හැපි යද්දි පාරේ අනිත් පැත්තෙ ඉදගෙන අතවනමින් යීබෝගෙ අවධානය ගන්න උත්සාහ කරන ශාන්ව දැක්කට පස්සේ  කොල්ලගෙ පපුවට සහනයක් දැනුනේ..

සෙනග අස්සෙන් අස්සෙන් ඉක්මනට ශාන් ලගට ගිය යීබෝ..

"කොහෙද බං යන්නෙ.. තව ටිකෙන් මගේ පපුවත් නතර වෙනවා.. මං කිව්වා මේ වීදියෙන් එන එක කරදරයි කියලා.. මං කියන දේ ඇහුවෙ නෑ නෙහ්.."

යීබෝ එක දිගටම කියවගෙන යද්දී..

"මට කරදරයක් වුනේ නෑ නෙහ් බෝ.. මාව සෙනගත් එක්කම විසි වෙවී ඉස්සරහට ගියා.. මං බය වුනා ඔයාව හොයාගන්න බැරි වෙයි කියලා.."

ශාන් අහිංසක ලෙස කියද්දි..

කොල්ලගේ අත හයියෙන් අල්ලගත්ත යීබෝ..

"මොනම හේතුවක් නිසාවත් මගේ අත අතාරින්න එපා.."

කියමින් ඉස්සරහට යද්දි ඒ පැටලුන අත් දිහා බැලුව ශාන් දුන්නේ තේරුම් ගන්න අපහසු  කටකොනින් හිනාවක්..

සිද්ද වුන දේත් එක්ක ආයෙත් හෝටලයට යමු යැයි යීබෝ කිව්වත් ශාන් දුකෙන් කිව්වේ..

"මං ආයේ කවදා ඊජිප්තු එන්න ද බෝ.. අනේ ඒ නිසා අපි ප්ලෑන් කර ගත්ත විදිහට යමුකෝ.. මං පොරොන්දු වෙනවා ඔයාගෙ අත අතාරින්නේ නැතුව දිගටම ඔයත් එක්ක ඉන්නවා කියලා.."

ඒ අහිංසක බැල්ලම රැවටුන යීබෝ ඒ කාල පරාසය අතරතුර බලන්න තියෙන තැන් වලට යන්න අවසානයේ එකඟ වුනා..

හවස් වෙනකොට දෙන්නත් එක්ක නයිල් නදියේ බෝට්ටු සවාරියක් ගියේ ඒක ශාන්ගෙ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ දෙයක් නිසයි..

නයිල් නදියේ ඉවුරු කොනක ඉදන් ඈතින් ඉර බැහැගෙන යන ඒ ලස්සන දර්ශනය විදිමින් හිටිය කොල්ලෝ දෙන්නාග අතර තිබ්බ නිහඩතාවය මුලින්ම බිදලා දැම්මේ යීබෝ විසින්..

"ශාන්.."

"ම්ම්..."

"ගීසා පිරමීඩයට පැති කීයක් තියෙනවා ද.."

මේ වගේ ලස්සන රෝමාන්තික හැන්දෑවක යීබෝ ශාන්ගෙන් අහපු දේට කොල්ලා පුදුම වුනා..

නයිල් නදිය හරහා හමා ගෙන එන වැලි මිශ්‍ර හුලගට එහෙ මෙහෙ යන යීබෝගෙ අකීකරු කොණ්ඩය දිහා බලාගෙන හිටිය ශාන්ගෙ බැල්ම ඒ ඇස් මතට වැටෙද්දි ඒ ඇස් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කොල්ලා දැක්කා..

"හ්ම්ම්... පැති හතරයි බෝ.."

දිග සුසුමක් හෙලපු ශාන් යීබෝගෙන් ඇස් අහකට ගෙන ලතාවකට ගලාගෙන යන නයිල් නදිය දිහා බලන් උත්තර දුන්නා..

"වැරදියි.."

"ඇහ්.."

"ඔව් ඔයා වැරදියි.. ගිසා පිරමීඩයට පැති අටක් තියෙනවා කොල්ලෝ.."

ඒ උත්තරයට අන්දමන්ද වුන ශාන් යීබෝ දිහාම බලාගෙන හිටියේ ඒක පැහැදිලි කරන්න කියන්න වගේ..

"මේක මුලින්ම හොයාගෙන තියෙන්නෙ 1940 දි බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙක්.. එයා මේ ගිසා පිරමීඩය උඩින් පියාසර කරද්දි තමයි මේ අපූරු දර්ශනය දැකලා තියෙන්නෙ.. ඉතිං එයා වහාම ඒකේ ෆෝටෝ එකක් අරගෙන තියෙනවා..

ඒත් මුලදි කවුරුත් මේක පිලිඅරගෙන නැහැ.. ඒත් පස්සේ සිද්ද කල සොයා බැලීම් වලදි මේ පිරමීඩය ඇත්තටම පැති  හතරක් නෙමෙයි පැති අටක් තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා.."

පුංචි දරුවෙක් තමන්ගේ තාත්තගෙන් රස කතාවක් අහනවා වගේ ශානුත් හරි උනන්දුවෙන් යීබෝගෙ කතාව අහගෙන හිටියා..

"ඒත් බෝ ඒක අපි මෙහෙම ඉදන් බැලුවට පේන්නෙ නෑනේ.."

"ඇත්ත අපිට ඒක නිකං බලන්න බෑ ශාන්.. හරියටම සූර්ය උදාව අංශක 0⁰ වෙන් වෙන දවස් වලට තමයි මේක බලන්න පුලුවන් වෙන්නෙ.. ඒ වගේම එහෙම දිනයක් එන්නේ අවුරුද්දටම දෙවතාවක් විතරයි.."

"ඒක නං මාරයි බෝ.. හිතාගන්නත් බෑ.. මං හිතන් හිටියේ ගිසා පිරමීඩයට තියෙන්නෙ පැති හතරක් කියලයි.."

"පිරමීඩයේ සමතල මුහුණත් කේන්ද්‍රය දිගේ සමමිතිකව හතර පැත්තට අවතලව බෙදිල යන විදිහටයි මේක හදලා තියෙන්නේ.. ඇත්තටම කියනව නං ශාන් මේක තමයි  අදටත් මිනිසා විසින් හදපු නිරවද්‍යම නිමැවුම.. අනික මේ පිරමීඩය හොයාගෙන පුළුවන් තරම් කල් පර්‍යේශන කලත් මේ අවතල බව හොයාගන්න බැරි වෙලා නෙහ්.."

"මං නං හිතන්නේ නෑ බෝ මේක මිනිස්සු විසින් හැදුවා කියලා.. කොහොමද ඒ කාලේ මේ වගේ තාක්ෂණයක් තිබුනේ.. හරි.. අපි හිතමු තාක්ෂණයක් තිබ්බා කියලා.. ඒත් කෝ දැන් ඒ තාක්ෂණේ..??"

ශාන් ප්‍රශ්න කරද්දි..

"ඒකටත් හොද කතාවක් තියෙනවා ශාන්.. ඔයාට ඒක දැනගන්න ඕනද.."

"ඕනද නෙමෙයි ඕන... අනේ මාව කුතුහලයෙන් මරන්නේ නැතුව කියන්නකෝ බෝ.."

ශාන්ගෙ නොයිවසිලිමත්කම දැක්ක යීබෝට හිනා යන්න ආවත් ඒක යටපත් කරගෙන එයා කතාව දිගටම කරගෙන ගියා..

"මෙහෙමයි හරිද.. විද්‍යාඥයන් වගේම පරේෂකයන්ගේ ගණනය කිරීම් වලට අනුව මේ පිරමීඩය හදන්න අවශ්‍ය කරන මිනිස්සු ප්‍රමාණය මිලියන 50 යි.. ඒත් ඒ කාලේ තොරතුරු වගේම ජනගහන වර්ධනය බැලුවොත් මුලු පෘථිවියේම ඉදලා තියෙන සම්පූර්ණ ජනගහනය මිලියන 20 යි.. ඉතිං මේක තමයි ලගම සාධකය පිරමීඩ හදන්න වෙනත් ග්‍රහලෝකයකින් මේ මිනිස්සුන්ට උදව් ලැබුනා කියන්න.."

"වොහ්.. මේක නං විශ්වාස කරන්නත් අමාරුයි බෝ.."

"හොදම කතාව ඕක නෙමෙයි ශාන්.. මේ ලගදි හොයාගත්ත නවතම සමීක්ෂණ වලට අනුව ඒ කාලේ මේ පිරමීඩ හදන්න උදව් වෙලා තියෙන්නෙ හැමෝම ගොවියෝ එහෙමත් නැත්තං කම්කරුවෝ.. ඒ වගේම එයාලා මේකට උදව් කරලා තියෙන්නෙ එයාලගෙ විවේක කාලෙදි.. විශේෂම කාරණාව තමයි අපි හිතුවට මේවා හදන්න වහල්ලු යොදාගත්තා කියලා, ඒත් කිසිම විටක මේ නිර්මාණයට වහල් සේවය යොදාගෙන නැහැ.."

(උපුටා ගැනීම - Ux Charcoal පිටුවෙන්)

"විශ්වාස කරන්න බෑ බෝ.. අපි හිතනවටත් වඩා මේ පිරමීඩ කියන්නේ සංකීර්ණ වගේම ගුප්ත රහස් පිරුණු තැනක්..

එත් මේ කාලකණ්නි මිනිස්සුන්ම අතීත මුතුන්මිත්තන්ගේ විශිෂ්ඨ නිර්මාණය විනාශ කරලා හොරාකන එක නං මහම මහ අපරාධයක්.."

ශාන් ආවේගයෙන් කියද්දි යීබෝ ඔලුව වනමින් ඒ කතාවට එකග වුනා..
කතාවෙන් කතාවෙන් දෙන්නටම ආයෙත් සයිට් එකට යන්න කාලය උදා වෙද්දි ඉක්මනට   හෝටලයට ගිහින් බඩු මුට්ටු ලෑස්ති කරගෙන නාලා කරලා රෑ කෑමත් අරගත්තෙ සර්ජූන් ආව ගමන් පිටත් වෙන්න ලේසි නිසයි..

අන්දකාර කාන්‍තාරයේ විවිධ වර්ණ ආලෝක මැද විජයමානව නැගී සිටින ගීසා හි මහා පිරමීඩය ටිකෙන් ටික නොපෙනී යද්දි ශාන් කල්පනා කලේ මේ කාන්තාරයේ වැලියට තවත් කොච්චර රහස් හංගගෙන ඇද්ද යන්නයි..

.
.
.
.
.
🔰Ama

කතාව කියවන හැමෝටම ස්තූතියි..

කට්ටියම පරිස්සමින් ඉන්න..


සූර්ය උදාව අංශක 0⁰ වෙන දිනයන්..

❗අද කොටසේ තියෙන හැම ෆැක්ට් එකක්ම මං උපුටා ගත්තේ Ux Charcoal FB පිටුවෙන්..
ඉතිං ඒ ගෞරවය අනිවාර්යයෙන්ම Ux Charcoal FB පිටුව කරන adminට හිමි වෙන්න ඕන..❗

Comment