34

" අඬන්න එපා මැණික.. බැන්නේ ආදරේට නෙවෙයි..ම්ම්...මෙහාට හැරෙන්න"

"යනවා  යන්න . මට පේන්න එන්න එපා."  

මිහිදුම් මැණික කිව්වා....මට එපා...මොකුත් එපා. එයා හෙමින් මගෙ ඉනේ පැත්තකට තට්ටු දානවා...මගෙ ළඟ ඉන්නවා ...මං වැලමිටෙන් තල්ලු කරල දැම්මා. මගෙ යටි හිත හරි උඩු හිත හරි එයාගෙ ළඟට යන්න කිව්ව්වට ඒ අනිත් පැත්තට ඒ හිට්තක්ම එපා  කියලා  කියනවා. අඬලා අඬලා මට නින්ද ගිහින්.


"මට ඉස්කෝලේ යන්න බෑ අම්මේ.ගෙදර ඉදලා පාඩම් කරන්න ඕනෙ මඟහැරුන පාඩම් ටිකක් තියෙනවා."

"ඇති මොලේ පෑදුනා."

වෙනදට මිහිදුම් නැගිටලා මාව නැගිට්ටව්වට අද මං එයා මූණ හෝදගන්න ගිය වෙලාවේ පහළට ඇවිත් අම්මට මම ඉස්කෝලේ යන්නෑ කියලා අම්මා දුන්න තේකත් අරගෙන මං උඩට ආවා.

 කීපාරක් මිහිදුම් ව මගෙ ඇස් වලට මුණ ගැහුනත් ඒ එක පාරක්වත් මං බැලුවේ නෑ.එයා බලන් ඉන්නව කියලා මම දැක්කා උනත් එයා මගෙන් ලෑස්ති වෙන්නේ නැද්ද කියලවත් ඇහුවේ නෑ. එයා ගියා...මට නිදහසක් දැනුනා.. ගෙදර සේරම ගියාට වඩා එයා ගියාම මට නිදහසක් දැනුනා. පාඩම් කරනවා කියල ගෙදර නතර වුණාට මං කරේ ෆිල්ම්ස් බැලුව එක. හවස් වෙලා නාලා කාලා මේසෙන් වාඩි වුණේ හිත එපා ගිහින් ෆිල්ම් එක බලන්න කියද්දි. මිහිදුම් හිතයි මං මේ එයාගෙ පදේට නටන්න යන්නේ කියලා. ඒක නිසා ඌ එන වෙලාවට මං නිදාගන්න ඉන්නේ.

කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මං විනාඩි ගානක් ලතවුනා.කලින් පාඩම් කරපුවාවත් මතක නෑ වගේ .අඩුම නෝට් එක දිහා බලලා වත් මතක් වෙන්නේ නෑ.බයෝ නතර කරලා තිබ්බා කියලා හිතුන තැනකින් මම ශෝක් නෝට් එකක් ගහන්න ගත්තා.ටිකක් වෙලා ඉන්නකොට ආයෙමත් මට කැරකිල්ලක් වගේ ආවා..වටපිටාව බලලා ආයෙම දොරදිහා බලද්දි මිහිදුම් ඉන්නවා වගේ ලාවට දැක්කා ඒත් බොඳ වෙලා ගියා.

" චෙනෙත් !"

"චෙනෙත්..... චෙන්.. චෙ...."

මට මතක නැති වුණා.ඇස් ඇරලා බලද්දි මං ඇඳ උඩ හිටියා. මිහිදුම් මගෙ මූනේ වතුර ගාලා තිබුනා.

"ඇයි දෙයියනේ මේ..."

".....මෙහෙ හැරෙන්න..." මිහිදුම් මගේ මූණ පිහලා දැම්මා. මට එපා ඔයාව අප්පා....මට තරහ ගියා.

"යනවා යන්න"

"චෙ.."

"එක පාරක් කිව්වම බීරිද.චෙක් චෙක් ගගා ඉන්නේ පලකෝ වද නොදි."

"අහන්.."

"තුහ්ඃ...  අහකට පල යස්සයා"

"පුතාලා  !.... මොකද්ද ඒ කරේ...මොකද්ද ඒ කිව්වේ...මට ඇහුනේ විහිලුවක් වගේ නෙවෙයි" 

මං දැනන් හිටියේ නෑ අම්මා ගෙදර ඇවිත් කියලා. මං හිතන්නේ මිහිදුම් වත් දන්නෑ.එයා ගැස්සිලා මූණ පිහදගත්තා.

"...මං අහන්නේ චෙනෙත් ඔයා මොකද්ද ඒ කරේ."

"ම්..විහිලුවක්"

"මගෙ යකා අවුස්සන්න එපා පුතා. මං දන්නවා විහිලු මොනවද නැත්තෙ මොනවද කියලා."

"මම අද නෝට් එක දුන්නා.එයා උදේ ඉදලා පාඩම් කරලා දැන් ඇඳට ආවේ. ඒකට විහිලුවක් කරේ අම්මා"

මම මිහිදුම් දිහා බැලුවා.එයා මාව බේරගත්තා. මේ වෙනකොට මම ඇඳේ වාඩි වෙලා හිටියේ.

"කෙළ ගහලා අහුවෙද්දෙන්කෝ තලනවා කට.ආයෙ පටන්ගත්තා " අම්මා කියලා එළියට ගියාම මිහිදුම් බාතෲම් එකට පැනගත්තා. මං ඇඳේ හාන්සි වුණා.මට මහන්සියි....



"ක්..ක්..හ්..හහ්..ආ..මේ මොනවද" 

මම සෑහෙන වෙලාවකට පස්සේ නැගිටලා මේසේ ළඟට ගියාමා මගෙ පොත් වල තිබුනේ ලේ පැල්ලම්.. මට මතකයි මගෙ ඇඟේ කොහෙවත් තුවාලයක් තිබුනේ වත් අද වුනේවත් නෑ කියලා. මිහිදුම් කාමරේ හිටියේ නැති වුනත් එයා මේක දකින්න ඇති.මං ෆෝන් එකේ කැම් එක අරගෙන මගෙ මූණයි බෙල්ලයි බැලුවේ ලේ පැල්ලමක් තියේද බලන්න....

තිබුණා...

මගෙ නහය ළඟ...පෙනෙන නොපෙනෙන්න පිහල දැම්ම ලේ පැල්ලමක් තිබුනා...මම මේසෙන් වාඩි වෙලා කැම් එක ඔන් එකේම තියාගෙන පොත පෙරලලා බැලුවේ කොළ ටික කඩන්න..ඒත් ඒක කරන්න බැරි වැඩක් නිසා මම නැගිටලා මේසෙ උඩ තිබ්බ පොත් ටිකක් අයින් කරලා පොත හංගන්න යනකොටම මිහිදුම් කාමරේට ආවා.. මගෙ අතේ තිබ්බ පොත එයා උදුරලා ගත්තා.

"සිංහල තේරෙන්නේ නැද්ද ඕයි උඹට...එක්කෝ අහවල් එකටද ඉන්නේ මෙහෙ ලැඟගෙන පලකො උඹෙ මහලොකු ගෙදරට...රෙද්දක් කරන්න ආවා."

 මිහිදුම් මගෙ දිහා පුදුමවෙලා වගේ බලාගෙන ඉද්දී මම පොත උදුරලා අරගෙන කොළ ටික කඩලා දැම්මා. කැම් එකේන් පේන මගෙ රූපේ නහය දිගේ ආයෙම ලේ ගලාගෙන එනකොට මට සිහි නැති වුණා.

ඒ නැගිටිනකොට අම්මයි අප්පච්චි ත් මිහිදුම් එක්කම ඇඳ ළඟ හිටියා දැක්කම මට හිතුනා මේකා  කේලම කියලා කියලා.

"පුතා...මොකද මේ ම්ම්..."

"...වාඩි වෙන්නකො.."

ඇඳේ වාඩි වෙලා හිටිය අම්ම මගෙ ඔලුව අතගාන ගමන් ඇහුවා. අප්පච්චිගෙ බෙල්ලේ වෙදනලාවත් තියෙනවා. මිහිදුම් එයාට එහා පැත්තෙන් හිටගෙන..

"එයාට ලෙඩක් නෑ නේ.. හොස්පිට්ල් එකට යන්න එන්නකො.කෝකටත් හොඳයි" අප්පච්චි කිව්වා.

"සැහැල්ලු කලිසමක් ඔය ටීෂට් එකටම දාගන්නකො පුතා. ලොකු පුතා, ඔයා ගිහින් එනවද අර දෙන්න එක්ක ඉන්නවද"

"යන්නම් අම්මා"

මම ගිහින් අලුපාට බොටමක් දාගෙන කාරෙකට නැග්ගා. මිහිදුම් ඉස්සරහින් නැග්ගම අප්පච්චි එක්ක අපි නුවර හොස්පිට්ල් එකට ආවා. දන්න කියන අය ගේට්ටුව ගාව ඉදලම නිසා අපිට හැමෝටම හිනා වෙන්නත් වුණා. අප්පච්චි ගිහින් ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා මාව බාරදුන්නා. මං ඉන්නේ සිහියෙන් නෙවෙයි...අඩ සිහියෙන්..ඔලුව පුපුරන්න වගේ රිදෙනවා ඒ කැක්කුමට වමනේ යන්න වගේ. 

මාව චෙක් කරා.ප්‍රෙශර් පවා බැලුවා. ඒ වගේම හෙට උදේ ලේ එකක් දෙන්න කිව්වා. ඒකෙන් පස්සෙ බලමු කිව්වම අපි ආවා. පහුවදා හිස් බඩම අම්මා මගෙන් ලේ එකක් අරගෙන මට කන්න කිව්වා.ඒත් මට කන්න පිරියක් තිබුනේ නෑ. අම්මා අද මාත් එක්ක නතර වුනා.

"මොකද්ද දැන් අමාරුව"

"කන්න බෑ"

"ආයෙ.."

"පණ නෑ"

"ඒ කාල නැති නිසා නේ..මම පොඩ්ඩක් හරි කවන්නද..අර මම සැරට පොළොස් එකකුත් හැදුවා  ඊයේ රෑට ..කෝ ඒවත් කාලා නෑ නේ"

"....."

"....කිව්වේ නැත්තේ ඇයි පුතේ.හිදුවා  කියනකන් මට ඔයාගෙ වෙනස තේරුනේ නෑ...ඇයි කියන්න ඕනේ නේද ලෙඩක් නම් ම්ම්.." 

මම දන්නෑ ඇයි මං කිව්වේ නැත්තෙ කියලවත්.වෙනදට දවසට හච්චින් දෙකක් ගියත් කියන එකේ අද මෙච්චර අමාරු වෙලත් මම කටවහගෙන හිටියේ.

"ඉන්න මං කන්න අරගෙන එන්නම්"

මම ඉන්නේ ටීවි එකේ නුග සෙවණ බල බලා.වෙන බලන්න එක්කුත් නෑ..මොකට බලනවද කියලා දන්නෙත් නෑ.අම්මා බත් එකක් අරගෙනඇවිත් පොඩි කටවල් කැවුවා.ඒ වුනත් කටවල් උපරිම පහක් හයක් කන්න ඇති.මම ඇති කිව්වා.කාලා මම නිදාගන්න ආවා.ආයෙ නැගිට්ටේ දවල්ට කන්න.ඒකත් මං කෑවා. අද දවස මොකද්ද කියලවත් මං දන්නෑ. මං ගිහින් ඇඳට වැටුනා....

ඒ කොට්ටෙන් හුරුපුරුදු සුවඳක් ආවා...මම කොට්ටෙම ඉම්ඹත් මට සුවඳ මොකද්ද කියලා හොයාගන්න බැරි වුනා.නිකන් දන්නවා  ඒත් මතක නෑ වගේ හැඟීමක්... නිදාගෙන නැගිටිනකොට මිහිදුම් ඇවිත් නානවා...මට බඩගින්නක් ආවා. හුඟක් කාලෙකට පස්සෙ ඒත්.මට දැන් කන්න පුලුවන් උදේ දවල් දෙකේම මම අප්පිරියාවක් නැතුව කෑවා.මං පහළට ගියාම අම්මා අපි දෙන්නටම තේ හදලා.මම මගෙ එක බීබී ඉන්නකොට මිහිදුම් ඇවිත් එයාගෙ එක බීලා මට කලින් උඩට ආවා.


"පුත්...මොකද මේ..ආයෙත් වමනේ යනවද..දෙයියනේ"

මම දෙවෙනිපාරටත් හිදුවගේ ඇඟේම වමනේ දැම්මා.එයා මේසේ වාඩි වෙලා හිටියේ, මං ගිහින් අමාරුවෙන් හරි මගෙ මේසේ වාඩි වෙලා එයාගේ මේසෙ තිබ්බ පොතක් ගන්න හැරෙනකොටම මට වමනේ ගියා.දවසෙම කාපු බීපු සේරම ආපහු දැම්මා.

"අනේ...කෝ හරිද..බ්ල්ඩ් එකත් අවුලක් නෑ නේ ළමයෝ..ඔයා ඔහොමම ඇඳුම් අයින් කරලා ඇඟ සෝදගන්න. කො මෙහෙ එන්න...පාගන්න එපා."

මම අම්මට වාරු වුණා.

"මෙයාව සෝදන්න වෙයි"

"ඔව්..ඔයා හෝදගෙන මට ඇඳුමක් ගෙනත් දෙන්න මෙයාගෙ මම කාමරේට එක්කන් යන්නම්" අඩ සිහියෙන් මම කියන කියන දේ කරා.අම්මා මගෙ කටයි මූණයි සෝදලා අත් කකුල් පවා  සෝදලා ඇඳේ වාඩි කෙරෙව්වා. මම අනිත් පැත්තටවැටිලා හාන්සි වුනේ උගුරේ ඉදල බඩට යනකන්ම දන හින්දා.මිහිදුම් ඇඳුමක් ගෙනත් දුන්නම එයාට මට ඇදගන්න උදව් කරන්න කියලා  අම්මා එළියට ගියේ සාදික්කා එකක් ගේන්න.

"අත් උස්සන්න"

".....මටත් ඔව්වමයි තියෙන්නේ.."

"තරහ පස්සෙ යවාගන්න.අම්මා එන්න කලින් ඇඳගන්න"

"මම දැන් කලිසම ඇදලා දානවාඈ..නැඟිටින්න."

 මං නැඟිට්ටා ඕනෙ දෙයක් කරගන්න කියලා මම ඔහේ හිටියා. හිදුවා ෂට් එකයි කලිසමයි මාරු කරලා ඇඳන් හිටපුවා අම්මලාගෙ රෙදි බාස්කට් එකට දැම්මා.

"මට උඹ දැක්කම වමනේ යන්නේ..අයින් වෙලා ඉන්නවා"  මං කියන කිසිම දෙයක් ගනන් ගන්නේ නැති මිහිදුම්ට මම කිව්වා.අම්මලාගේ ඇඳේම හාන්සි වෙලා ඉන්නකොට නින්ද යාගෙන එද්දි අම්මා ආව.

"ඒක තමා නංගි.දැන් මේ ලේ එකත් ප්‍රශ්නයක් නෑ."

".."

"ම්ම්...ලොකුසාදු  එදා..........."

අම්මා මට සාදික්ක එක දීලා කෝල් එකෙන්ම එළියට ගියා.පුංචි එක්ක වෙන්න ඕනෙ කතා කරන්නේ.පුංචිට කියන්න ඇති මං අසනීප වෙලා ඉන්නේ කියලා.එයා අපි හතර දෙනාට හරි ආදරෙයි. මිහිදුම් ට කෑගහන එක බීරි අලින්ට වීණා ගහනවා වගේ වැඩක් .කොච්චර යන්න කිව්වත් මෙතනට වෙලා ම ඉන්නවා.



දවසක් දෙකක් ගිහින් මට ලෙඩ අඩුවුණා.ඒක නිසා මං ක්ලාස් ආවා. උදේ අම්මා වුණත් මගෙ දිහා පිස්සෙක් දිහා බලනවා වගේ බැල්මක් දැම්මේ මම ඇඳන් හිටියඇඳුමට. ඒක පැච් ඩෙනිම් එකක්...සාමාන්‍යයෙන් මම ඔහොම ඒවා ක්ලාස් අදින්නේ නෑ. අද මට අදින්න හිතුනා.වෙනදට කොන්ඩෙ වත් පීරන්නේ නැති මට අද කොන්ඩෙත් හදන්න ඕනෙ උනා.ඒ මදිවට අතේ මුදු කෑලි, රබර් පටි කෑළි පත ඔරලෝසුවයි...වෙනදට අරගෙන යන බෑග් එක වෙනුවට ෆයිල් එකක්.  අම්මා බැලුවා  විතරයි මොනවත් කිව්වේ නෑ. මිහිදුම් එක්ක එකම බස් එකට නැග්ගට මම මට විතරක් ටිකට් එකක් ගත්තා.

 බයෝ රිවිශන් ක්ලාස් එකේ සෙනඟ වැඩි..අනික දොර තියෙන්නේ ඉස්සරහින්. මිහිදුම් මගෙ පිටිපස්සෙන් අඳුරන්නේ නැති කෙනෙක් වගේ එනකොට මම ගිහින් ක්ලාස් එකේ දොර ඇරියා.මෙච්චර වෙලා සද්දේ තිබුන මුලු ක්ලාස් එකම එක පාරට මීයට පිම්බා වගේ සද්ද නැතුව ගියා.. මට අඩියක් තියන්න බය හිතුනත් පිටිපස්සෙන් ආව මිහිදුම් නිසා මම ගැම්මෙන් ම පිටිපස්සට ගියා.

"අඩොව්..සුවඳ"

"අමු රස්තියාදුපාටයි ඒත් හැඩ"

"අද මොකෙක් වැහිලද ඒ"

"යකො"

අපි එන පාර දිගේ එක එක කතා ඇහුන.මං උන්ව දන්නෙත් නෑ. කෙළින්ම ඇවිත් පිටිපස්සෙම බංකුවේ වාඩි වුණා.

"අඩො..චෙනෙත්.මේකට වර" අකිතයා පොඩ්ඩක් ඉස්සරහ ඉදලා බෙහිහන් දුන්න නිසා මම ඌයි මනුතයයි මැද වාඩි උනා. මිහිදුම් එතන නතර වෙලා හිටිය නිසා එයා මං ආවට පස්සේ අකිත් ළඟ වාඩි වුනා.

"මොකෝ බන් මේ එක පාරට මේකේ  උන්ව අපහසුතාවයට පත් කරේ."

"උඹ හෙන වල් පාටයි නේ"

"මේ මේකෙ කකුල එළියේ.මොකෝ හිදුවා මූට වුණේ"

අකිත් මනුත් එක්ක දිගට හරහට ප්‍රශ්න අහද්දි මම මේසේ ඔලුව තියාගත්තා.

"නිදිමතයි"

"හිටු ගෙ...සර් ආවා"

ක්ලාස් ආවට මම කරේ නිදාගන්න එක විතරයි. ඉවර වෙලා කලින් වගේ දන්නේ නැති මිනිස්සු වගේ මං ආව එන්න. මිහිදුම් මගෙ දිහා බැලුවා වුනත් මං ගනන් ගත්තේ නෑ.

ඒව මේව කරලා ඉස්කෝලේ ගියාම මට වැඩ ගොඩක් තිබුනා.අසනීප වෙලා නිසා සහන හම්බුණත් බාස්කට් බෝල් වල ටීෂට් ගහන එක පවා නතර වෙලා තිබුනා, ඒවගෙ වැඩ ගොඩක් කරන්න තිබුනා.

"චෙනෙත්...මොකද්ද ළමයො වෙලා තියෙන්නේ.දැන් අසනීපයි කියල ආවේ නෑ පහුගිය දවස් ටිකේ.දැනුත් පන්තියේ නෑ.මම කලින්ම ප්‍රින්සිපල් සර් ට කියනව මේක.බලනවා ලකුනු කොහොම හිටිය ලමයෙක්ද මේ.මොකෙක් වැහිලද මන්දා.එන්න එපා පන්තියට එලියෙම ඉන්නවා. "

කලින් දවසක බැන්නට පස්සේ මේ එන්නේ තුන් වෙනි කම්ප්ලේන් එක. පීරියඩ් එකෙ ඉවර වෙනකල් ඉදලා පන්තියට එනකොට මේ ඩයල් එක පීරියඩ් තුනක් උගන්නන්න අරගෙන. දැන් හිටුකො එළියේ.

"හටි.චෙනෙත්"

"මොකෝ මේ පැත්තේ."

"කට්ටි පනිනවා.අපිට ලයිබ්‍රරි"  

රක්ෂිතගේ යාලුවෝ සෙට් එකක් අපේ ක්ලාස් රූම් පැත්තෙන් කොහෙදෝ යනකොට එළියේ හිටිය මට කතා කරා.වෙනදට මට එයාලා එක්ක කතාවක් නැති වුණත් අද කතා කරන්න හිතුනා.

"කෝ රක්ෂිත"

"ඌ ලයිබ්‍රරි එකේ"

"අහ්.."

"යන්නම් බන්"

"හරි"

මම ඒ කොල්ලගෙ පිටට එකක් ගහල අනිත් පැත්ත හැරෙනකොට මිහිදුම් ඉන්නවා ගොපලු යක්ශ මූනක් දික් කරගෙන පන්තියේ දොර ලඟ.. මං අහක බලාගත්තා.

ඉස්කෝලෙන් පස්සේ කෑම්ප් එකට ගිහින් අර අයියලා ඉස්සරහ මගෙ ඔලුව දෙතුන් පාරක්ම මෙට්ටෙ වැදුනා.ඒ මදිවට කරුමෙට බුලට් එකක්වත් හරියන්නෑ..මට මොන යකෙක් වැහිලද කියලාමං දන් නෑඒත් ඒ යකා නිසා මගෙ ජීවිතේට අඩපණ වෙලා. මං ගෙදර ආවේ පුදුම තරහකින්.

"චෙනෙත්"

"මොකද...ඇයි"

"ඇයි ඔහොම ඉන්නේ...පිස්සෙක් වගේ"

"......." අද මිහිදුම් මගෙන් කන්න යන්නේ...යකා වැහිලා ඉන්න මට ආදරේ පුදන්න ඇවිත් හොක්ක තලන් යන්න යන්නේ.

" චෙනෙත්.."

"දන් නෑ..ඒක තොට වැඩක් නෑ නේ..ආපු අතකට පල කො..කියනව කියනවා.මේකේ බින්න බැහැගෙන ඉන්න ඕන් නම් වෙන කාමරේකට පල"

"ඔය ඉන්නේ චෙනෙත් නෙවෙයි"

"නෙවෙයි තමා.මං උඹට වඩා යකෙක් ඕයි."

"චෙනෙත්..."

"දෙයියන්ගේ නාමෙන්" මං අත් එකතු කරලා වැන්දා. මිහිදුම් කතා කරන්නේ අනුකම්පාවක්වත් ඉල්ලීමක් වත් දෙන්න නෙවෙයි,හරි කෙලින්...බය නෑ මං සෙකන්ඩ් වෙන්නේ නෑ වගේ මූණකින්..

"මං ඇත්ත කියන්නම්. ඒකෙන් පස්සෙ වත් ඇලෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා "

".........."

"මං ආදරෙයි....අම්බානකට ආදරෙයි..." මිහිදුම්ගෙ ඇස් ලොකු වෙනව එක්කම මට කට කොනෙන් හිනා වක් ගියා."

".....රක්ෂිතට"






_________

වසියක්වත්ද ඒයි මේ...

Thank you for reading and see yah

Comment