05

" මම කියන්නේ බන් හුස්ම ගන්නවත් දවසක් දෙන්න එපෙයි "

"හාමුදුරුවෝ කිව්වා මේ පාර ලොකුවට කරන්නේ නෑ කියල නම් .සිල් ගන්නෙත් නෑ නේ. අනේ හොදා මට බෑ ආයෙ සරම් අදින්න"

"ඉතින් බන් සව් කැන්ද කොලේම දෙන්න ඕනෙද"

"ඔව් නේ නැත්තන් මිනිස්සු කියයි බැනර් එකේ නම් කැන්ද කොළේ කියලා ළඟට ගියාම නෑ කියලා.."

"යකෝ උඹට කියලා වැඩක් නෑ"

අපි හිටියේ කැන්ද කොලේ සව් දන්සල කියල බැනර් එකක් ප්‍රින්ට් කරන්න කටුගස්තොටට ගාටලා ඉස්කෝලෙට එන පාරෙ ආපහු එන ගමන් .අපි කියන්නේ හිදුවයි මායි අකිතයයි. ඉස්කෝලේ තියෙන්නේ ප්‍රධාන පාරෙ ඉදල මීටර් 200 ක් ඇතුලින් නේ, අන්න ඒ ටිකේ යන ගමන්.

"අම්මපා මෙච්චර වෙලා පොරවල් වගේ කඩ්ඩ පාවිච්චි කරලා සිල්ප මාලිගේ පේන මානේ සිංහලේවලට බැස්ස හැටියක්" 

මෙතන කතා කරන්නේ අකිතයයි මායි විතරනේ. අරකා බස්සා. කට තව දික් වෙයි කියන සාදාරණ බයට යන්තන් හිච්චි හිනාවක් දානවා විතරයි.

"ලෝකෙට පේන්න රඟපෑවම ඇති බන්" මම අකිතයාගේ කරට අත දාගෙන කිව්වා.

"ලෝකෙට පේන්න රඟපෑවේ අනේ මතකද හැන්දෑවේ අපි දෙන්නා"

මම කකුල දෙකට නමල දුන්න අකිතයගේ කොන්දට පාරක් . දෙයියනේ කියලා අපේ ඉස්කෝලෙ මාධ්‍ය ඒකකයට පිංසිද්ධ වෙන්න ඔය කියන සිංදුව 'The Dark Blue Boys'කියලා රිවිදා උදා වෙලා අපි නැගිටින්න කලින්ම අර මුහුණු පොතේ දාලා. ඇත්තට ඇයි ඒකට මුහුණු පොත කියන්නේ ඇයි ඒකේ එක පිටුවක් වත් නෑ නේ පොතක් වෙන්න.මොන කෙහෙම්මල හරි ඒකට දාලා තිබ්බේ අපෙ නමුත් ටැග් කරලා .අපිට ඔය පොතේ අකවුන්ට් එකක් තියෙනවා .ඒ කියන්නේ 'හිදුනෙත්' කියලා මායි හිදුවයි එක එකවුන්ට් එකක් හදලා තියෙනවා. ඒකමයි ටැග් කරල තිබ්බේ අනේ අපෙ නම්බුව .ආයෙ බැලුවෙත් නෑ ,මොන විනාසයක් වෙලා ද දන් නෑ.මේ කාලෙ හැටියට අපිව නැව් ගත කරලා වෙන රටකට යවලද දන් නෑ, එක්කෝ සමනල සංධවනිය කියලා බැනලා ද දන් නෑ. තැනේ හැටියට යකොව් ඇනෙ නේ ගැහුවේ .

කතාවෙන් අපි ඉස්කෝලෙට එනකොට පළවෙනි ඉන්ටවල් එක දීලා.මම ගිහින් සව් හදන වැඩේ බාරගත්ත මාධ්‍ය ඒකකයටයි ශෙහානයගේ ඉන්ට්‍රැක් සමාගමටයි හරියට කරපන් එදාට කැන්ද කොළ බෙදන්න බෑ කියලා ආවා. මාධ්‍ය ඒකකය කියන්නේ ඉතින් බ්‍රෝඩ්කාස්ට් එකත් එදාට එනවනේ.අපි ප්‍රිෆෙක්ට්ස්ලා කැන්ද කොළ දෙනවා. තව බෞද්ධ සංගමේ අය මේ එහා පැත්තේ වැඩිහිටි නිවාසේ හැම අවුරුද්දෙම කරන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා.ඒකටත් සුලු සුලු ක්ලබ්ස් උදව් කරනවා.මම නම් පුතේ දන්සලේ.හතුරයි මිතුරයි පෙමයි ඔක්කොම එතන්නේ. පෝය එන්නේ බදාදා. අනිද්දා.

"මේ යාලුවා, අපි සිකුරාදා හවස අර නුවර කෑම්ප් එකට යනවලු"

"මේ සතියේ?"

 පස් වෙනි පීරියඩ් එක කියන එකේ ඉන්ටවල් එකක් දාගෙන හිටිය හෙඩ් බෝඩ් එකට ඇහෙන්නේ නැති වෙන්න මම හිදුවට කිව්වම ඒක ඔක්කෝටම ඇහෙන්න මේ සතියේ ගෑවා.

"ඔව් ඔව්. හැම සිකුරාදම කියලා සමරකෝන් අන්කල් කිව්වා"

"සමරකෝන් අන්කල්"

"ඔව් ඔව්"

ඇනපන් මට දැන් .සමරකෝන් කියන්නේ මගෙ වෙන්ඩ මාමණ්ඩි. එයා මෙතෙන්ට සම්බන්ද නෑ තමා .

" බූරු පුතේ. සර් කිව්වා නේද රහසක් කියලා" අත හොදන්න ඇවිල්ලා අර වස්සට මම ඇනල කිව්වා.

"නෑ නෑ. හෙඩ් බෝඩ් එකම යනවා. තව දැනට ප්‍රිෆෙක්ට්ස්ලා  13 ක් ද කොහෙදෝ යනවා. "

"මට කිව්වේ නෑ නේ."

"අපි බැනර් එක දීල ආවම සර් කිව්වා. ඔයා ගියානේ"

"ආ කව්ද යන්නේ. ශෙහානයට බෑ නේ"

"එයා එනවා ,තව නම් ටිකක් දුන්නා යන අයගේ සර්"

මම ශෙහානයා එක්ක කතා කරන වචන ගාන වැඩි කරානේ.ඌට කෙල්ලෙක් ලයින් දානවලු .නුවර ප්‍රධාන පෙළේ බාලිකාවක. මූත් කැමතී වගේ ලු ඒත් ලොකු කමලු.නවිදු කිව්වේ.



අම්මපා ඇයි කීල්ස් එකට හරි ආපිකෝ එකට හරි කැන්ද කොල විකුණන්න දාන්න බැරි. අපෙ ගෙදර කැන්ද ගහක් තිබ්බා. තිබ්බ කියන්නේ  පොසොන් පෝය දවසට කලින් දවසේ හවස වෙනකන් තිබ්බා .දැන් නෑ. සිසීගේ ගෙදර එකේ පොඩ්ඩක් ඉතුරු කරා නශ්ටාව ශේශ වලට වගේ,' අනේ අපෙත් කැන්ද ගහක් තිබ්බා මෙන්න මෙතන' කියන්න වගේ දේකට . සිසීගෙ අම්මා-මගෙ වෙන්ඩ නැන්දම්මා -නිලූ නැන්දා අල්ලපු ගෙදරකින් කඩලා දුන්නා තව ටිකක්.කැන්ද කොළ හරි. පව් හෙට ශෙහානයා සව් හැදිගාන්නත් එපෙයි.ඌ ඉන්ට්‍රැක් කැප්පනේ. ඉතින් පොටෝ එකක් ගන්න ඕනෙ නිසා එක වටයක් ගායි ඕන්නම්.

"මේ මම බෞද්ධ කොඩියක් හොයාගත්තා හෙට වනන්න. හැඩට යනවා මම ඕකත් උස්සන් .මූණ දැක්කම නතර කරයි නේ වාහන." සිසී එහෙම කියලා හෝදලාවනලා තිබ්බ කොඩිය අරන කූරක් දැම්මා.

"කොඩිය විතරක් වැනුවම ඇති"

"අනේ මම පොඩි කෙල්ලෙක් කියලවත් සංවර කමක් නෑ නේ"

"හහ් පොඩි .වයස කීයද"

"15 ක් ඇයි"

"එතකොට දහ අට දන කියන කෙහෙම්මල් බලන්න හොදයි.ඒවට සංවරත් නෑ .පොඩිත් නෑ. කෙල්ලෙකුත් නෙවේ." මම සිසීගේ කනට කරලා කිව්වේ සදාරණ හේතුවක් එක්ක.

"ඉතින් ඔයත් දහ අට රින නේ මනුස්සයෝ"

"එකයි නේ අඩු ඔයා තුනක්"

"කමක් නෑ."

"කමක් ඤැහ්" 

මම විරිත්තලා ගේ අස්සට ගියා.හිදුවා ගානට කොළ ටික බෑග් වලට දාගෙන නිලූ නැන්දට කියලා තේ එකකුත් හදාගෙන හෙන කයියක්.සිසී මමයි හිදුවයි බලන්න ඕනෙ කුනුහරුප සේරම බලනවා .ඇත්ත කියන්න එපෙයි ඉතින්. කොල්ලො තලේ හැදෙන කෙල්ලො ඔහොම තමයි. මම මට ඕනෙ හැටියට හදාගෙන යන ගමන් ඉන්නෙ.ලස්සන හනිමූන් එකක් උදෙසා. කොලුකතා බැලුවම හිදුවයි මායි නම් නිදා ගන්නේ තැන් දෙකක. ඌත් ඇහැට කනට පේන කොල්ලනේ .මාත් පේනවා.

පහුවදා අපි ගෙදරින් හතට වගේ ගියේ. ඉස්කෝලෙට යන පාරෙ හංදියේ තමා දන්සල දුන්නේ.එතන තියෙනව පරණ අතෑරලා දැම්ම පත්තර කඩයක්. ඒකේ ලොකු පිලක් තියෙනවා .එතන වැඩේට සෙට් කරගෙන හිටියේ.අපි යනකොට සව් හදලා ඉවරයි.ඉස්කෝලෙන් හදලා කැන්ද කොල වලට දාලා ඒව රව්මට ඔතල අරගෙන ආවා අර කඩේට. කට්ටිය පාන්දර පහේ ඉදල වැඩ කරලා.

දන්සල පටන් ගන්න ගෙන ටිකක් ගියාම සිසී තව කෙල්ලො ටිකක් එක්ක ගියා කොඩි වනන්න. සිරාවටම මාකටින් මරු . 10 වෙනකොට දන්සල සමාප්තයි. මීඩියා යුනිට් එකේ උන් රොබෝලා වගේ .සෙනඟ කියන්නේ හෙන දිඟ පෝලිමක්.ඒ අස්සෙ එතනම ඉදල කන අය හිටියා. මම හිටියේ  ' මේ පැත්තට ඇවිත් කන්න ' කියලා කියන්න. හෙඩ් ප්‍රිෆෙක්ට් ෂ~ට් එකත් ඇදගෙන.වෙන මංගල්ලයක් වෙන්නේ නැතුව දන්සල නම් ඉවර වුණා.කියන්න දුකයි පෝළිමේ අන්තිම අයට දෙන්න සව් තිබ්බේ නෑ. මම හිතන්නේ හෙන බර ගානක් හැදුවා ඔක්කොම ගියා මගේ නෝනටයි එයාගෙ සගයොන්ටයි පින් සිද්ද වෙන්න.

"මාකටින් නම් සියරා"

" ආ ආයෙත් අහලා " මම දැක්කා මොකෙද්දේ කොල්ලෙක්ට හෙන ගැම්මෙන් පහක් දාලා මගෙන් හංගලා සව් නැද්ද අහන්න එන සියාරව.

" මේහ්.."

" නෑ.හංගලා සව් නෑ"

" කමක් නෑ එහෙනම්. අද රෑ නුවර යන් ඈ."

 අන්න හා. අපි මේ පාර තනියම යනවා කියලා අම්මලාගෙන් අවසර ගත්තේ වෙසක් එකට.හිදුවයි මායි සිසී.

"යන් යන්.එන්න හංදියට 3 ට වගේ"

 එයාගේ ගෙදර තිබ්බේ අපෙ ගෙදර තියෙන ලේන් එක අනිත් පැත්තෙන් පාරට වැටෙන හංදියේ ටිකක් ඇතුලට වෙන්න . අපේ ගෙදර ඉදල ලේන් එකෙන් එහෙට යනව නම් මීටර් 500 ක් වගේ, මේන් රෝඩ් එකෙන් නම් මීටර් 200 ක් වගේ. ළඟයි ළඟයි.

" ඔයාල ගෙදරින් එනකොට අම්මට කෝල් එකක් දෙන්න ඈ. බස් එකේ යන්"මම ඔලුව වනලා අඩුම කුඩුම උස්සන් ඉස්කෝලෙට යන අයට සෙට් වුණා.

"මචන් කැන්ද කොළ ටික"

" ආන් ඇති බින් එකේ "

" ගහට සෙට් කර ගන්න පුලුවන් වෙයි නේ"

"අලවපන් සුප ගූ ගාලා"




කෙල්ල පරිස්සම් කරගන්න කියලා අම්මා එකසිය අට වාරයක් මතුරපු වාක්‍ය ගාණට ඔලුවෙ දාගෙන හිදුවයි මායි හවස තුන පහුවෙලා පාරට බැස්සේ පොසොන් දන්සල් වඳින්න යන්න.

"එන්න පාරට "

මම සිසීට කෝල් එකක් තියලා කිව්වා.ඒ ළමයට පෝන් එකක් නෑ. කරන ඒවා කරන්නේ නිලූ නැන්දගෙයි මගෙයි පෝන් වලින්. එයාමයි කියන්නේ එයාට පෝන් එකක් එපා ලැප් එක ඇති කියලා. අපිටත් අරන් දුන්නේ කොවිඩ් නිසා .

"පොසොන් කලාපයක් නෑ නේ. දැක්කේ නෑ බැනර් එකක්වත් "

"මාත් නෑ. ඒත් මොනවා හරි තියෙයි නේ . "

එකා පස්සේ එකා යන්න ඕනේ පදික වේදිකාව ඉවර වුණාම පිටිපස්සෙන් ආව හිදුවා නතර වෙලා හිටියෙ මම එතන තිබ්බ බයික් එක්ක සයිඩ් කන්නාඩියකින් කොණ්ඩෙ හදාගන්නකල්.

" අපෙ ක්ලාස් එකම ඉදී මොනවා නැතත්.ඒත් සෙට් එකක් එක්ක ගියාම අතුරුදන් වෙනවා වැඩි "

"ඔව් අප්පා "

අපි දුර ඉදලම දැක්කා කොටට කොටෙ හංදියෙ බස් හෝල්ට් එකේ ඉන්න සිසී ව.අපි ලස්සනට ඩෙනිම් ගහලා නෝමල් ෂ~ට්ස් දාගෙන ආවම මේ ගෑනි ක්‍රීම් පාට ෂෝටක් ගහලා බැගි වගේ බැගි නොවන ලා කොළ පාට ෂර්ට් එකක් ඇඳලා , පස්සත් පාස් කරලා දිගට තියෙන කොන්ඩෙ කඩලා දාලා. කොල්ලෝ අස්සෙ හැදෙන කෙල්ලනේ. ඒත් මේ බිත්තරෙ රකින එක ලේසි වැඩක් නෙවෙයි වගේ. කොල්ලො දෙන්නෙක් එක්ක යන නිසා අම්මලා යන්න දුන්නෙත්.

"හරකට තණකොළ බලාගන්න දුන්නා වගේ " හිදුවා ඇඟටපතට නොදැනී කියලා දැම්මා.

"හී"

" මෙතන කීල්ස් සුපර් එක ළඟ බීම දෙනවා , ඉක්මනට යන් " 

අපි එන පැත්තට දුවගෙන ආව සිසී කිව්වම අපි තුන් දෙනාම දිව්වා ඉස්සරහට.හොඳට ඉර පායපු දවසක් නිසා හොඳා නැත්තං වෙසක් එකට වගේ වැහි දෙයියොන්ගේ වතුර දන්සල් තමා වඳින්න වෙන්නේ.සිසිල් බීම දන්සලකින් පටන් හම්බුන එකත් ලොකු දෙයක්. දඟලලා දඟලලා ගත්ත බීම එක බොන්න කලින් සිසීට ඕනෙ වුණා බීම අල්ලන් ඉන්න අත් ටික ෆොටෝ එකක් ගන්න.ඒ වෙලාවේ ඉඳලම මගේ පෝන් එක තිබ්බෙ සිසී ළඟ.

තර් ක විතර් ක  ගොං කතා ඉස්කෝලේ ඕපාදූප හිච්චි කපල් ගැන කියව කියවා අපි මහයියාවෙ ඉදලා කෙලින් පාරේ දිගටම අපි පයින්ම නුවරට එන්න ආවා. වාහන නෑ කියන්නම බෑ , තිබ්බා.බීම එකෙන් පස්සේ එක දන්සලක්වත් හම්බුනේ නැතිකොට දැන්ම කකුල් රිදෙනවා මගේ නම්.

"ආව වෙලාව හොඳ නැද්ද අප්පා " බැරිම තැන හිදුවා නතර වෙලා ඇහුවා.

"සමහර ඒවා උදේ තියෙන්න ඇති මේ ඉස්කෝලවල්වල එහෙම "

" අව්ව සැරයි නේ " සිසී අතක් අරන් නළල ගාවින් තියාගෙන ඇසුත් හීනි කරලා මගේ දිහා බැලුවා. නරි කෑල්ල ,මගේ කැප් එකට විදින්න ඔය. මම ඇහුනෙ නැති ගානට ඉන්නකොට හිදුවා උගේ කැප් එක ගලවලා දැම්මා අර නරි ඔලුවට.

" බස් එකක් යං ඒකේ "

මහයියාවෙ බිංගේ පාස් කරලා ඇවිත් හිටිය අපි ටවුන් එකට යන්න කොහෙදෝ බස් එක්ක එල්ලුනා. කොහොමත් ටවුන් එකේ තමා වැඩ ඔක්කොම තියෙන්නේ.

" අම්මලා කටුගස්තොට වටේ යනවා කිව්ව නේ මම පඬි ටෝක්ස් දුන්නා එහෙ වැඩක් නෑ කියලා .කර වෙන්න වෙයිද දන්නෑ " 

බස් එකේ දිග සීට් එකේ හිදුවයි සිසී මැද ඉදගෙන ඉන්නකොට සිසී ආයෙත් අපෙ කියවිල්ලට මුල තිබ්බා.

"ඕඕව්.. තියෙයි නේ. නැත්තං ඇරලා තියෙන කඩවල් වලින් මොනවා හරි අරන් ෆොටෝස් වත් ගමු. ටවුන් එකට"

මම ඒ හිදු කරමු කිව්ව එකම කරන්න වෙයි ද හිත හිත ඉන්නකොට හිදුවා ම ටිකට් ගත්තා. පේන්න වත් දන්සල් පෝලිමක් නෑ..මාළිගාව ළඟ හයේ ඉඳලා භක්ති ගීත කියනවාලු. අපි එතන බැස්සේ ඒ හරියේ පේන්න මිනිස්සු හිටිය නිසා.

"ආං ආං "

" ඒකත් බීම නේ"

"අනේ කමක් නෑ"

" නෑ වෙන මොනවදෝ"

"මම හිතන්නේ දෙක තුනක් වගේ . ගිහින් බලමු" 

හිදුවයි සිසී තර් ක කර කර ඉන්න කොට මම ඉස්සර වෙලා ආවේ මාලිගාව ළඟ මොකද මෙච්චර සෙනඟ බලන්න. ආ හවස භක්ති ගීත බලන්න දැන් ඉදලම කට්ටිය ඉන්නවා වගේ. තව පැය දෙකක් වගේ නේ තියෙන්නේ. ඒකෙ අයටයි සිල් අරගෙන මාලිගාවෙන් එන අයටයි මෙතන එක එක දන්සල් තියෙනවා. අපි බෙලිමල් එකක් බිව්වා. තල් හකුරු දන්සලක් තිබ්බ නේ. එක්කෙනෙක්ට තුනක් හම්බුනා. කාලා ඉතුරු තල් පෙට්ටි ටික සිසී මගෙ සාක්කුවට දැම්මා එයාට ඕනෙලු. එතනින් එහාට දිගටම හෙනම දන්සල් තොගයක් තිබ්බා. පොඩි පොඩි දේවල් වුණත් බඩ පිරෙන්න කාලා අපි සහස් උයටන ඇවිත් තිබ්බ බංකුවක වාඩි වෙලා ටිකක් වෙලා හිටියා. හරි සාමකාමි. සෙනග ටිකක් හිටියත් මේ වෙලාව හරි ලස්සනයි.නුවර කොහොමත් ලස්සනයි. වැස්සට විතරක් නෙවේ ඒක හැම වෙලාවෙම ලස්සනයි. නුවර මම ආස නැති තැනකට තියෙන්නේ මාකට් එක ළැග අර කුණු ගඳ පාර විතරයි.

"පහයි කාලයි" සිසී මගෙ පෝන් එකේ වෙලාව බලල කිව්වා.

"කෝ දෙන්න ගත්ත එව්ව බලන්න"

"තියාගන්න හරිද මම ගන්නකල්"

එයා ගන්න පොටෝස් ලැප් එක උස්සන් ඇවිත් ඒකට දාගෙන යනවා. ඒගෑනි කොපි පේස්ට් නෙවේ කරන්නේ කට් පේස්ට්,ඒක නිසා මම එයාට කලින් ලස්සන ලස්සන පොටෝසුයි ගොන් ඒව එකක් දෙකකුයි මගෙ ලැප් එකට දාගෙන හංගනවා.මගෙ ගොන් ඒවා තිබ්බොත් ඒව මට ඩිලිට් කරන්න බෑ,එක පාරක් මම ඩිලීට් කරා කියලා මේ ගෑනි මගෙ හොඳ පොටෝස්  ඩිලීට් කරා.

"දෙයියෝ දැනටම හතලිස් තුනයි." කියලා වැඩක් නෑ ,එහෙම තමා .

"හිදු අයියා ඔයාගෙ එකෙන් ගන්නද ආයෙ" එහෙම කියල සිසී කැප් එක ආයේ හිදුවට දැම්මා.

"ආ " ආපො දෙන්න. කාගෙ උනත් එක ගෙදරටනේ නංගි යන්නේ.

"යන්ද ආයේ කොහේ හරි" හිදුවා නැගිටලා ඇහුවා.

"මේ අයියේ ඉර බහිනවා බලන්න තැනක් නැද්ද.හෙන උඩක්"

"නගිමුද වේල්ස් පාක්" 

මම ඇහුවම තුන් දෙනාම එතනින් උඩට ඇවිත් වේල්ස් පාක් එකට එන්න ආවා.පෙම්වතුන්ගේ පාරාදීසේ. මමයි හිදුවයි ඇවිල්ලා ඇත්තේ දෙපාරක් වගේ,ඒකත් ඔය ඕ ලෙවල් ඉවර වෙලා මොකද්ද මේ පාක් පක් එක බලන්න අපි සෙට් එකම ආවා .

එකේ ඔහේ ඇවිද ඇවිද ඉදලා අපි හයට විතර පල්ලෙහට බැස්සේ භක්ති ගීත පටන් ගන්නවා වගේ ඇහුන නිසා.ඒක බලන්න නම් යන්න කම්මැළි,ඒත් දන්සල් තව තිබ්බා. කාපු නැති දෙයක් නෑ. මඤ්ඤොක්කත් කාලා ඉඟුරු තේත් බිව්වද මන්දා.දන්සල් පෝලිම් වල ඉන්නකොට එක එක ඉස්කෝලවල් වල කොල්ලො ඇවිත් සිංදු කියලා ඒවටත් අත්පුඩි ගැහුවා, නම් ගම් දන් නෑ ඒත් එක එක පෝලිම් වල හෙන තාවකාලික යාලුවෝ තොගයක් හම්බුනා.එකම ආය වෙන වෙන තැන් වල හම්බුනා.අපේ ඉස්කෝලේ උනුත් හිටියා,හෙඩ් බෝඩ් එකම හිටියා ශෙහානයා ඇරෙන්න.

නුවර මාරම ලස්සනයි,ටවුන් එක මැද තද කහ පාට එළිය එන පහන් කණු අස්සෙ තැන් තැන් වල වෙන පාට පාට බල්බ් දාලා . පාර දෙපැත්තේ හැම ගහක්ම රත්තරන් පාට බල්බ් දාලා ඒ ගස් අතරේ බෞදධ කොඩියේ පාට පිළිවෙලට වෙසක් කූඩු එල්ලලා.එහෙට මෙහෙට යන වාහන,වන්දනා ගමන් ගියපු බස් වල තාලෙටක ඇහෙන සිංදු.හැම ගෙදරක්ම හැම කඩයක්ම බෞද්ධ කොඩියක් එක්ක එකම එක වෙසක් කූඩුවක් හරි එල්ලලා. ඒත් එක්කම බහිරව කන්ද බුදු පිලිමේ වෙනදා වගේම සුදු පාටට පේනවා, ටවුන් එක මැද බුදු පිළිමේ කෝමත් පුදුම තරම් ලස්සනයි.ඒකේ පිරිත් දාලා. මාළිගාව රත්තරන් පාටයි, වැව රවුම රත්තරන් පාටයි.ඒතන භක්ති ගීත කියනවා. ඔයාලට මතකද සමනල තටු චිත්‍රපටිය රූගත කරපු තැන,අන්න එතන ලොකුම ලොකු කැරකෙන පහන් කූඩුවක් තිබුනා. ඒ වගේම බෝගම්බර මොකක් හරි ඉස්කෝල දෙකක් එකතු වෙලා නළපාන ජාතකයට තොරණක් හදලා තිබුනා.

අපිට වෙලාව යනවා දැනුනෙත් නෑ මුලු නුවරම ඇවිදලා වත් කිසිම මහන්සියකුත් නෑ. . අම්මා එක පාරක් කෝල් කරල කොහෙද ඉන්නේ ඇහුවා එතකොට අපි හිටියේ ආපහු එන ගමන් ,රෑ එකොළහට වගේ,තවම නුවර නිදි නෑ.භක්ති ගීත විතරක් ඉවර වෙලා තිබ්බා.

"බස් නෑ දැන් නම් පුතෝ"  සිසී එතනම බිම වාඩි වෙලා කිව්වා.  එතකොට තමා අපිට බස් නෑ කියලා මතක් වුණේ.

"අර උඩ පාරෙන් දාලා යන්න පුලුවන් නේද" සිසී ඇහුවේ නිකන්ම බිම වාඩි වෙලා.

"සොහොන ළඟින්?" හිදු ඇහුවෙ බෑ කියන්න වගේ. මටත් බෑ.

"එහෙනම් මෙහෙමම යන්.හෙට ඉස්කෝලෙ යන්න බෑ වගේ" සිසී නැගිට්ටවන්න කියලා මට අත  දික්කරාම මම ඇඳල අරගෙන කෙලින්කරා.

"දැන් පයින් යන්න බෑ වගේ කෝල් එකක් දෙමුද අප්පච්චිට " මම එහෙම අහනකොටම අපි ළඟින් වාහනයක් ඇවිත් නතර කරා. අපෙ පැත්තේ ශටර් එක පල්ලෙහට කරාම අපි දැක්කෙ ශෙහානයගේ අම්මව.

"ආ ..ඉලන්දාරියෝ .තවම ඉන්නවද" ඇන්ටි මගෙන ඇහුවම මම හිනා වුණා. ඇන්ටියි  අම්මයි නම් ගජ යාලුවෝ.

"යන්න යන්නේ ඇන්ටි."

"දැන් යන්නේ කෝමද"

"අප්පච්චිට එන්න කියන්න ගියේ අපි"

"ආ ආයෙ එපා නගින්න අපි යන්නේ ඔයාලව පාස් කරලනේ නගින්න නගින්න ළමයි. පොඩ්ඩක් මේ කෙල්ලට වත් ඔඩොක්කුවකට එන්න වෙයි හැබැයි" 

ඇන්ටි එහෙම කිව්වම හිදුවයි මායි මූණෙන් මූන බලලා පිටිපස්සෙ දොර ඇරියා.ඔහෙප්පලයන් අරකා නිදී. හිදුවා ගිහින් මැදින් වාඩි වුණාම මූ ගැස්සිලා වගේ නැගිට්ටා .ඊළඟට මම නැඟලා සිසී මගෙ මැදින් වාඩි වුණා,ශෙහානයා කලින් වුනාම අපිට තව ඉඩ ආවා.

" මට නැග්ග ගමන් නින්ද ගියා," ශෙහානයා හිදුවට කිව්වා

"ඔය එකෙන් ඉස්කෝලෙ දන්සල ඉවර වෙලා රෝන්දෙ ගිය පාර" 

ශෙහාන් ගේ තාත්තා කිව්වම අපි ටිකක් හිනා වුණා. මූ එහෙම තමා මුගේ යාලුවෝ එක්ක කරන්න ඕනෙ ඔක්කොම අත්වැඩ පරවැඩ කරනවා. මෙලහකට නුවරැළියේ වත් ගිහින් එන්න ඇත්තේ. මූ මාත් එක්ක කතා කරන්න කැමතී මගේ ලොකුකම නැත්තන් අපි හොද යාලුවෝ. ශෙහානය අතක් අරන් සීට් එක උඩින් දැම්මම ඒක ඇවිත් මගේ ඔලුවේ වැදුනා. මම ඒ පැත්ත බැලුවේ සොරි කියලා අත ගයි කියලා, මේක බැලුවෙත් නෑ,කිව්වෙත් නෑ අත ගත්තෙත් නෑ. 

'ආයී' මේක ඇද්දා මගේ කොන්ඩෙන්, මගෙ කොන්ඩෙ එක කෙස් ගහක් අගල් එක හමාරක් වගේ දිගයි.තවම මූ ඇදගෙන ඉන්නේ.රිදෙනවා යකූ. මම කට වහගෙන හිටියා මෙතන නටන්නැයි. කැප් එකත් කලිසමේ එල්ලගෙන ඉන්නේ.හිදුවා ඉස්සරහට වෙලා ඉදලා පිටිපස්සට ඇවිත් හේත්තු වුණේ අරකගේ අතේ. හිදුවා ගැස්සිලා ඌ දිහා බලනකොට ඌ මොකක් හරි සයින් එකක් දුන්නා. හිදුවට එහෙමම ඉන්න කිව්වා   වගේ. 

අන්කල් සිසීව ගේ ළඟටම ගෙනත් දැම්මම එයාට නින්දත් ගිහින් .මම ඇහැරවල්ලා ගේ ඇතුලටම දාලා අර තල් පෙට්ටි ටිකත් දීලා   දුවගෙන ඇවිත් වාහනේට නැග්ගා. අරූගෙ අත තිබ්බේ හිදුවගේ කරට වැටිලා.අන්කල් ඇන්ටි එක්ක දිගටම මොනවදෝ කියව කියව එනකොට ඇන්ටිගෙ ටැබ් එකකින් මොකක් හරි වැඩක්. මෙයාලා ඉන්නෙ කුරුණෑගල පාරෙ ,මම අහලා තියෙන හැටියට නුවර ඉදලා පැයක් එකහමාරක් යනවා.ඒ යන්නෙ බස් එකේ යන්නද මෙහෙම වාහනේක යන්නද කියලා නම් දන් නෑ,

" ඇන්ටි එනවද ඇතුළට.අම්මලා ඇහැරලා ඉන්නේ." අපේ ගේ ළඟින් වාහනේ නතර කරාම මම කිව්වා.

"ආයේ දැන් බෑ පුතේ. අපි හෙට පාන්දර ආයෙ කොළඹ යන්නත් ඕනේ.ඒත් අම්මව හම්බෙලාම යන්නත් හිතෙනවා.මෙහෙම හම්බුනොත් නේ"

"ඒක තමා මටත් සනත්ව හම්බුනෙත් නෑ"

"එන්න එහෙනම් අංකල්" හිදුවා එහෙම කියලා " යං" කියලා ශෙහානයගෙ කකුලට එකක් ගැහුවා.

"ගිහින් එමුකො පුතේ එහෙනම්" කියලා අංකල් කිව්වම මම බැහැල ගිහින් පොඩි ගේට් එක ඇරල් ඇතුළට ගිහින් වාහනේ ගන්න ලොකු ගේට් එක ඇරියා.

" අනේ චාන්දීමා" 

අම්මා එළියට ආවෙ අපි ආව සද්දෙට වෙන්න ඕනේ. ඔක්කොමලම වාහනෙන් බැහැල ගේ ඇතුලට ආවෙ හරියටම මහ රෑ දොළහට.ආ ගිය තොරතුරු කතා කර කර දවසේ කීවෙනි බීම වීදුරුවද මන්ද මමයි හිදුවයි බිව්වේ අර කට්ටියටත් අල්ලපු එකෙන්මයි.අපිත් අමුත්තොනේ දැන් ආවේ.

"හෙට නවලෝකෙට යන්න ඕනෙ මම අර රීසච් එකට" චාන්දිමා ඇන්ටි එහෙම කිව්වම අම්මාලා අප්පච්චිලා නම් ඒක් ගැන දැනගෙන ඉදලා වගේ.ඇන්ටී ස්පෙශලිස්ට් කෙනෙක් මොනවා හරි, අංකල් නේවි එකේ. එයා ගෙදර ඉන්නේ අවුරුද්දටම මාස හතරයි .

" මෙයා අද මෙහෙ ඉන්න.ඇස් වල නිදි මත පෙරෙනවා. මෙයාලගෙ ඇදුමක් ඇදගෙන හෙටට යන්න බැරියෑ."අම්මේ මේ මේ මගෙ හතුරා.ඇඳ නම් දෙන්නෙ නෑ පුතෝ.

" ආයේ කරදරේ ද්.."

"අනේ මොන කරදරද, මෙයාට දැන් ගෙදර යන එක වගේ තියෙන ලොකුම කරදරේ"

 අප්පච්චි එහෙම කිව්වම ශෙහානයා නිකන් ටිකක් හිනා වුණා.

"ඉමු අද" අඩෝ හිදුවා , මම මට ඉස්සරහ හිටපු එකාට ඇන්නා වැලමිටෙන් පාරක්.මොක වුණත් ශෙහානයා නම් ඉන්නේ බාගෙට නිදාගෙන වගේ.

"ම්ම්.." ඔය කිව්වෙ එකක්.

"යන්න එහෙනම් තුන් දෙනාම හඩු හෝදගෙන නිදාගන්න. උදේට මම කාවඩි නටන්න වෙයි නගිට්ටවන්න. "

 අම්ම එහෙම කිව්වම හිදුවයි මායි ශෙහානයගෙ අම්මටයි අප්පච්චිටයි වැදලා ඌත් එක්කම උඩට ආවා.මට මැවිලා පේනවා අම්ම උදේට කාවඩි නටනවා. මම බොහ් ගාලා බාතෲම් එකට පැනගත්තම මම දැක්කා හිදුවා අර නිදි ගොබ්බයට අදින්න කෑලිබෑලි දෙන්න ගියා. දෙවෙනියට ඌ හිදුවගෙ ඇඳුමක් උස්සන් ඇඟ හෝදගෙන එන්න ගියාම ,හිදුව වෙන බාතෲම් එකකට ගියා. ඒ අතරේ මම ලැප් එක අරහෙන ඇඳ උඩට ආවේ අද ගත්තු ඒව මගෙ එකට දාගන්න. අරකා හිදුවට කලින් එළියට ආවොත් නිදි මත පැත්තක යන්න අදිනව කොන්ඩෙන් . හිදුවගෙ පෝන් එකේ තිබ්බ පොටෝස් ටිකත් මම ලැප් එකට දාගන්නකොටම ඩයල් එළියට ආවා. හිදුව ළඟ ඩිපියුටි බැජ් දෙකක් තියෙනවා ,එක්ක පාට අඩු වැරදිලා ආව එකක්.නැත්තන් හෙට මේකා මොකද්ද දන්නෑ එල්ලන් යන්නේ,ඒව හිතන් නෑ.

" යමන් බන් නිදාගන්න .ඇඳුම් අයන් කරලා තියෙන්නේ " ඒත් එක්කම කාමරේට ආව හිදුවා උගෙයි අරූගෙයි තුවා අරගෙන රැක් එකට දැම්මා.

දෙන්නම ඇඳ පැත්තට එනකොට මම ලැප් එකයි පෝන් දෙකයි සයිඩ් ටේබල් එකෙන් තිබ්බා.

"ආආආආආ" ශෙහානයා ඇඳ ළඟට ආව ගමන් මම අත් දෙකෙන් ම ඒකගෙ කොණ්ඩේ ඇදලා ගත්තා. ඌ මගේ පැත්තට නැමුණා.

"මොකද මේ " හිදුවා අන්දුන්කුන්දුන් වෙලා ඇහුවම මම පුළුවන් හයියෙන් ඇදලා අතෑරලා දැම්මා.

" මේකා එනකල් මගෙ කොණ්ඩේ ඇද ඇද ආවේ "

ශෙහානයා ගනන් ගත්ත පාටක් නෑ. ගැලවුන ඔලුව හයිකරගතතා වගේ ඔලුව අල්ලන් ඉදල ඇඳට ආවා. හිදුවා නිදාගත්තේ  අපේ මැද. මම ටේබල් ලෑම්ප් එක ඕෆ් කරලා හරි බරි ගැහිලා නිදාගන්නකොට හිදුවාගේ අත මගේ වටේ එතුණා. ඒක උස්සලා බඩ මැදින් තියාගන්න යනකොට මට දැනුණේ හිදුවාගේ අත නෙවේ.

" මඤ්ඤං ද " මම ශෙහානයගේ අත විසික් කරලා දැම්මට ඌ ආයේ දාගත්තා .

" මොකද මනුස්සයෝ කරන්නේ. "

"කෑල්ලක් ටෝක් කරනවා " මේකා එහෙම කියලා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා.

"හහ් ?? "

"යාළුවෙක් නම් කතා කරන්න මෙච්චර ලයින් දාන්න ඕනේ නෑ නේ. එක පාරක් කතා කරාම හරි. උඹ යාළු කරගන්න එක කෑල්ලක් ටෝක් කරනවා වගේ තමා. "

" ආ.. දැන් උඹ කෑලි ටෝක් කරන්නේ බදෙන් අල්ලලා නළවලාද . "

"නෑ. ඊට කලින් කොණ්ඩෙන් අඳිනවා "

මට හිනා යනවානේ.ඒත් මේ කළුවරේ ඒක පේන්නේ නෑ. මම සද්ද නැති හිනා දැම්මේ.

" මචන් , මේ ලයින් දාන කෑල්ලට වෙන කෙල්ලෙක් ඉන්නවා .වෙන එකක් බලපන් "

"ආ .. කමක් නෑ.උඹ ඩබල් ගේම් ගහපන්. මට ඉන්නවා තව දෙන්නෙක්. උඹට එකයි නේ "

"කාමය වරදවන්න බෑ බන්.සොරි "

"අනේ උඹෙ කාමේ. මං.ඉස්සරහම මුසා වාදා කඩනවා. පාණාතිපාතයි ,අදින්නාදානයි රැකලා අනිත් තුන කඩමු."

ඒ පාර මට පුළුවන් වෙර දාලා හිනාව හිර කරන් ඉන්නකොට මේකා ටේබල් ලෑම්ප් එක ඔන් කරා. මම ආයෙ ඕෆ් කරා.

"හිදුවා උඹ නිදිද "

"ඇයි නිදාගන්නේ කන් ගලවලා ද. මම ආවේ ශෙහානයගේ සපෝට් එකට "තියාගනින් සපෝට්.මේ මිනිහා මාව බඳාගෙන ඉන්නේ අප්පා..

"ආ ආ.. ක්ආආමය වරදමු. අද රෑට විතරක් සාමයෙන් නිද ගමු. " මම උගෙ අත් ගැලෙව්වම ඇත්තටම ඒකා එහාට වුණා.

"ෆිල්ම් එකක් බලමු "

හිදුවා ගෙ යෝජනාවට ඔක්කොම එකඟ වෙලා පාන්දර තුනට නිදාගමු කියලා අපි 'වෙන්ස්ඩේ' බලන්න හිතුවා.මම පල්ලෙහට ගිහින් බාගෙට කාපු චිප්ස් එකකුයි වතුරයි අරන් ආවේ ආයෙ බීම බොන්න බැරි හින්ද. දන්සල් නිසා මම දැනටමත් වතුර ලීටර ගානක් බීලා හිටියෙත්.

නිදාගත්තෙ ඤැහ්.

අම්මා ඇවිත් කතා කරනකොට තමා අපිට වෙලාව සිහි වුණේ.

ශෙහානයා ඊයෙ ඇදන් ආව ඇඳුම් දාලා ගියා. එක පොතක් දාගෙන හිදුවගෙ බෑග් එකකුත් උස්සං මගේ ඇඳුනුත් ඇඳගෙන ගියේ අද. හිදුවගේ ඇඳුම් ටිකක් බහිනවා මගේ ඒවා ගානට තිබ්බා. යාලු වුණේ නැත්තන් මොනවද දන් නෑ ඇඳන් යන්නේ.දැන් ඉතින් අලුත් හතුරෙතුත් හොයාගන්න එපෙයි .

"අද විශේෂ දෙයක් නෑ නේ." මම බස් එක එනකල් ඉන්නකොට ඇහුවා. සාමාන්‍යයෙන් ස්කූල් බස් එක අපිට කලින් එනවා. අද අපි කලින්, ඊයෙ නැගිට්ට පාරනේ ඒකයි.

"නැති වුණාට මම පන්තියේ ඉන්නෑ. පොතුත් නෑ. "

"අපිත් පනිමු අප්පා "







___________________Thank You & See You

Comment